"ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,196
    5,981
    113
    ඕක හෙන වැරදි කතාවක් උඹ පටලවගෙන ඉන්නෙ..

    "ගේ" කියලා සර්නේම් එක එන්නෙ අදාල නම මුලින්ම දරපු මුතුන්මිත්තා කරපු රස්සාව මත. උදා: ලියනගේ, විදානගේ, ගමගේ.

    හැබැයි මේක රස්සාවටම විතරක් සීමා වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාවට මේක පහතරට අයගෙ ක්‍රමයක්. පෘතුගීසි, ලන්දේසි කාලෙ තෝම්බුවල නම් ලියද්දි පෙරේරා, ද සිල්වා වගේ නම් අගටත් "ගේ" කෑල්ල දාලා තියෙනවා (පෙරේරාගේ, ද සිල්වාගේ). ඒ වගේම ජීවත් වෙච්ච ගමේ නමටත් මේක එකතු වෙලා තියෙනවා (උදා: බෝපගේ, මීගොඩගේ).

    "ලාගේ" කියලා සර්නේම් එක එන්නෙ අදාල නම මුලින්ම දරපු මුතුන්මිත්තා එක්කො ප්‍රභූ කෙනෙක් උනාම.. නැත්තං පොරක් උනාම.. (අපිත් දැං කියන්නෙ ඔය අහවල් එක්කෙනාලගෙ කට්ටිය අපි කියලා.. අදාල අහවල් එක්කෙනා පොරක් උනොත් විතරනෙ අපි කියන්නෙ).

    උදා: මුදියන්සේලාගේ (මුදියන්සේ තනතුර දරපු මුතුන්මිත්තෙක්ගෙන් පැවත එන අය), ආරච්චිලාගේ (ආරච්චි තනතුර දරපු මුතුන්මිත්තෙක්ගෙන් පැවතෙන අය).

    හැබැයි මේ "ලාගේ" කෑල්ල නිකම්ම සමාජෙට පොරක් කියලා පෙන්නන්න හදාගත්ත එකක්ම නෙමෙයි. මේක පිටිපස්සෙ ලොකු ඉඩම් අයිතියක පදනමක් තිබිලා තියෙනවා උඩරට රාජකාරි ක්‍රමයත් එක්ක. ඉස්සර රජ්ජුරුවොන්ගෙන් නින්දගම් හම්බෙද්දි ඒ ඉඩම් අයිති වුණේ ඒ ප්‍රභූවරයාගෙන් පැවතගෙන එන මුළු පරම්පරාවටමයි. ඉතින් ඒ නීත්‍යානුකූල ඉඩම් අයිතිය තහවුරු කරන්න, මේ මුළු පරම්පරාවම එකතුවෙලා "අහවලාගෙන් පැවතෙන අය" කියන තේරුම එන්න තමයි ඔය "ලාගේ" කෑල්ල පාවිච්චි කරලා තියෙන්නෙ. පස්සෙ කාලෙක මේ ලොකු පරම්පරාව ඇතුළෙ තමන්ගෙ නිශ්චිත පවුල අඳුරගන්න අගට "ගෙදර" කියන කෑල්ලත් එකතු කරගත්තා (උදා: තෙන්නකෝන් මුදියන්සේලාගේ පහළ ගෙදර).
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    උඹේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. මම හිතන විදිහට තමිල්නාඩු , කේරලා සහා ආන්ද්‍රා ප්‍රදේශ් වගේ පැති වලින් වලින් ඇවිත් තියෙන්නේ
    Ow raja ge Navy eke weda karanna awilla tiyenne Kuru rata idan
    Ee kiyanne api Demala ayatath passe apu aya lankawata
     
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,196
    5,981
    113
    මම ගෝනපිනුවල විතානගේ
    (අපි කරාව කැරියෝ 😂)

    ගේ කියලා ඉවර වෙන වාසගම් බොහොමයක් කරාව වාසගම්
    ඔයාගෙ වාසගම හැදිලා තියෙන්නෙ ජීවත් වෙච්ච ගමේ නමයි, මුතුන්මිත්තා දරපු තනතුරයි කියන දෙකම එකතු වෙලා.
    "ගෝනපිනුවල" කියන්නෙ අදාල මුතුන්මිත්තා ජීවත් වෙච්ච ගම. "විතාන" (විදානෙ) කියන්නෙ එයා කරපු රස්සාව නැත්තං දරපු තනතුර. ඒ කාලෙ ගමේ පාලන කටයුතු, බදු එකතු කරන එක වගේ දේවල් කරපු, අද කාලෙ ග්‍රාම නිලධාරි වගේ තනතුරක් තමයි ඔය විතාන කියන්නෙ. "ගේ" කියන්නෙ අර කලින් කිව්වා වගේ ඒ විතාන තනතුර දරපු කෙනාගෙ පවුල.
    ඔතන ඔය කරාව කතාව එන්නෙ මෙහෙමයි. ඉස්සර පහතරට මුහුදුබඩ පළාත්වල ඒ ඒ කුලවලට අදාළව වෙනම පරිපාලන ප්‍රධානීන් හිටියා. ඒ කියන්නෙ ඔයාගෙ මුතුන්මිත්තා ගෝනපිනුවල ගමේ හිටපු, ඒ ප්‍රදේශයේ කරාව සමාජයේ පරිපාලන කටයුතු මෙහෙයවපු ප්‍රධානියෙක් (විතාන මහත්තයෙක්). සරලවම කිව්වොත් ගෝනපිනුවල ගමේ හිටපු කරාව ප්‍රජාවෙ 'විතාන' තනතුර දරපු පොරගෙ පවුල තමයි ඔය.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,176
    32,873
    113
    ලක්ෂණය"ගේ" (උදා: සිල්වාගේ)"ලාගේ" (උදා: මුදියන්සේලාගේ)
    ව්‍යාකරණ අර්ථයඒකවචන (එක් අයෙකුට අයත්)බහුවචන (පවුල් සමූහයකට අයත්)
    ප්‍රධාන ප්‍රදේශයපහතරට (බස්නාහිර, දකුණ)උඩරට, සබරගමුව, වයඹ
    ප්‍රධාන මූලයපුද්ගල නාම හා විදේශීය නාමපාරම්පරික ගෞරව හා තනතුරු නාම
    පසුබිමයටත් විජිත ලේඛන ක්‍රමයපැරණි ගැමි සමාජ ව්‍යවහාරය
     
    • Like
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,034
    1,103
    113
    Ow raja ge Navy eke weda karanna awilla tiyenne Kuru rata idan
    Ee kiyanne api Demala ayatath passe apu aya lankawata
    ඔව් කරාව කියන්නේ කුරු රාජවංශයට සම්බන්ධ රණශූර රාජකීය පරම්පරාවක්

    උඹලට සයිට් එකකුත් තියෙනවා

    https://karava.org/
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,830
    7,294
    113
    36
    ඔයාගෙ වාසගම හැදිලා තියෙන්නෙ ජීවත් වෙච්ච ගමේ නමයි, මුතුන්මිත්තා දරපු තනතුරයි කියන දෙකම එකතු වෙලා.
    "ගෝනපිනුවල" කියන්නෙ අදාල මුතුන්මිත්තා ජීවත් වෙච්ච ගම. "විතාන" (විදානෙ) කියන්නෙ එයා කරපු රස්සාව නැත්තං දරපු තනතුර. ඒ කාලෙ ගමේ පාලන කටයුතු, බදු එකතු කරන එක වගේ දේවල් කරපු, අද කාලෙ ග්‍රාම නිලධාරි වගේ තනතුරක් තමයි ඔය විතාන කියන්නෙ. "ගේ" කියන්නෙ අර කලින් කිව්වා වගේ ඒ විතාන තනතුර දරපු කෙනාගෙ පවුල.
    ඔතන ඔය කරාව කතාව එන්නෙ මෙහෙමයි. ඉස්සර පහතරට මුහුදුබඩ පළාත්වල ඒ ඒ කුලවලට අදාළව වෙනම පරිපාලන ප්‍රධානීන් හිටියා. ඒ කියන්නෙ ඔයාගෙ මුතුන්මිත්තා ගෝනපිනුවල ගමේ හිටපු, ඒ ප්‍රදේශයේ කරාව සමාජයේ පරිපාලන කටයුතු මෙහෙයවපු ප්‍රධානියෙක් (විතාන මහත්තයෙක්). සරලවම කිව්වොත් ගෝනපිනුවල ගමේ හිටපු කරාව ප්‍රජාවෙ 'විතාන' තනතුර දරපු පොරගෙ පවුල තමයි ඔය.
    ඔව් මම ඔය විස්තර දන්නවා
    ඉස්සර karava.org එකෙන් ඉගෙනගත්තේ

    ස්තූති

    ඔව් කරාව කියන්නේ කුරු රාජවංශයට සම්බන්ධ රණශූර රාජකීය පරම්පරාවක්

    උඹලට සයිට් එකකුත් තියෙනවා

    https://karava.org/
    පොඩි කාලේ ඉඳන් යුද්ධ කරන්න ආසයි
    අපේ තාත්තා හමුදාවේ හිටියා
    තව නෑදෑයෝ ගොඩක් ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ

    කොහෙද ඒ වාසනාව නෑ මට

    මම APIIT ගිහින් degree අරන් ඔෆිසර් විදියට ආර්මි යන්න ආසාවෙන් හිටියේ
    කොහෙද 1st year එකේම යුද්දෙ ඉවර උනා
    ------ Post added on Nov 12, 2026 at 11:01 PM
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,686
    3,418
    113
    Bandarawela
    අපි ලාගේ . සීයාගේ තාත්ත ආරච්චි කෙනෙක්ලු. ඇත්තද දන්නේ නැ . සීය චන්දෙ ඉල්ලල නං තියෙනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,079
    113
    35
    Spain
    මාවන් ගේ නෑදෑයෝ ද
    මාවන් මහින්දේ නේ ගියේ
    අපි ගාල්ලට ආවේ පස්සේ, ගාල්ලේ අතපත්තුල නෑයො නෙවෙයි.
     
    • Like
    Reactions: Ldy