අ‍ාතල්ම අ‍ානන්තරිය පාප කර්මෙ. දෙකක් කොහොමත් කරන්ඩ බැරි එ‍්වනෙ, අනිත් දෙකත් හෙන අවුල්. හැබැයි පස් වෙනි එක කැරිම අ‍ාතල්. දැන් මුං පොළොව පලන් යයිද?😂

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,617
    58
    15,829
    113
    දැන් රහතන් වහන්සේලා නෑනෙ. ලේ සොලවන්ඩ බුදු කෙනෙකුත් නෑ. ඉතින් එ‍් දෙක Practically out.

    මව මැරීම පියා මැරීම කියන දෙක කොහොමත් නීතියෙන්ම තහනම්නෙ. පව්ද නැද්ද කියන එක අදාළ නෑ. අනික ඔය දෙකෙන් එකක් කරපු කෙනෙක්ට සාමාන්‍යයෙන් මානසිකව වුණත් ලොකු පීඩාවක් විඳින්න වෙනවා තමන් කරපු දේ ගැන හිතලා.

    හැබැයි සංඝයා වහන්සේලා භේද කරන එකත් අ‍ානන්තරිය පාප කර්මයක්ලු නේද? එ‍්ක නම් හැබැයි හෙනම අ‍ාතල් පාප කර්මයක් වගේ. දැන් බලහන් හැම දේශපාලන පක්ෂෙටම අඩව් අල්ලන හාමුදුරුවො ඉන්නවා. ඉතින් කාගෙ පැත්තක් ගත්තත් අනිත් පැත්තෙ හාමුදුරුවො සේරම විරුද්ධවාදියො වෙනවනෙ.

    මේ ලඟදි අනුරාධපුරේ වුණා වගේ හාමුදුරුවරු දෙපැත්ත බෙදලා වලි දා ගන්න එක, අතින් පයින් නොකරත් තරහ පිට කරගන්න බැන ගන්න එක, එ‍්වා වෙන්ඩ සලස්වපු, එ‍්වට උඩගෙඩි දීපු සේරටම එ‍් කියන්නෙ දැනටමත් අ‍ානන්තරිය පාප කර්මයක් වෙලා තියෙන්ඩ එපැයි.

    එහෙනම් ඉතින් මුන්ට යහතින් ඉන්න වෙන් නෑ. පොළොව පලාගෙන අපායේ යයි. 😁

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,784
    1
    21,267
    113
    35
    Spain
    ආනන්තරීය පාපය කරපු ගමන් ඒවා පල දුන්න කියල නෑ. එත් ඉතින් ලෝකේ කොහෙත් ඔය වගේ පාපයන් පිළිකුලෙන් හෙලා දකිනවා. ඒවා කරපු උනුත් පිළිකුලට ලක්වෙලා ඉන්නවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,424
    1
    64,127
    113
    Mother Earth
    උබ අර පත්තෑය මරපු එකට උබ නිදාගෙන ඉන්නකොට උබේ බූරු ඇඳ පිටින් අවීචි මහ නරකාදියට ඇදන් යනවා. එහෙදිත් උබට කන්න ලැබෙන්නෙ කුණු වෙච්ච වට්ටක්කයි අලකොඩු මාලුයි විතරයි. 🤷‍♂️