දුර පළාතක ඉන්න කෙනෙක්ට බස් එකේ/කෝච්චියේ කොළඹ ඇවිත්, බලන්න ලස්සන තැන් 12 ක්..

PASAN147

Well-known member
  • Oct 19, 2006
    811
    1,525
    93
    Heiyanthuduwa - Kelaniya
    1794709111096.png

    1794709382163.jpeg


    පාන්දරම කෝච්චියේ ඇවිත් කොළඹ කොටුව ස්ටේශන් එකෙන් බැහැලා පාරට ඇවිත් හෝ පිටකොටුව බස් ටෑන්ඩ් එකෙන් බැහැලා ගමන පටන් ගන්න අකාරයටයි මේ පෝස්ට් එක ලිව්වේ...ඉතින් පාන්දරම කෝච්චියේ ආවොත් කොටුව ස්ටේශන් එකේ වොශ් රූම් වලින් / බස් එකේ ආවොත් පිටකොටුවේ බස් ටෑන්ඩ් අවට ඇති වොශ් රූම් වලින් මූන හෝද ගන්න/ටොයිලට් යන්න පුලුවන්.. මේ අවට කෑම කන්න ඕන තරම් කඩ තියනවා... කැමති කඩේකින් උදේට කන්න පුලුවන්...

    ඊට පස්සේ, කොටුව ස්ටේශම ඉස්සරහින් හෝ පිටකොටුවෙන් අංක 100 බස් එකක නගින්න. ඒ බස් එක ගෝල්ෆෙස් හරහා යන්නේ... රු.35 යි ටිකට් එක. විනාඩි 5 කින් විතර ගෝල්ෆෙස් ලගින් බහින්න පුලුවන්. බස් එකෙන් බැහැලා, පාර පැනලා .. * Map එක බලන්න.

    1. මුලින්ම ගෝල්ෆෙස් එකේ ඇවිදින්න... ඊට පස්සේ ජනාධිපති ලේකම් කාර් යාලය ඉස්සරහා තියන පාරට පයින් ගිහින්

    2. පෝට් සිටි එක බලන්න යන්න. හරිම ලස්සන තැනක්.. ඊට පස්සේ, එතැන සිට කි.මි 1 ක් දුරින් තියන..

    3. "පෝට් සිටි බීච් පාක්" එකත් පයින් දුර යන්න කැමති නම් ගිහින් බලන්න.. ඊට පස්සේ, අපහු ආව පාරෙන්ම ජනාධිපති ලේකම් කාර් යාලය ලගට ඇවිත්, දකුනු පැත්තේ ඇති පාරේ දිගටම පයින් යන්න (නැත්නම් 3 වීල් එකක ), ඔයාගේ දකුනු පැත්තෙන් ලෝක වෙළද මධයස්ථාන ගොඩනැගිලි දෙක, ලංකා බැංකු ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලයත් පේන්න තියනවා.. එතැන් සිට කි.මි 1 කට ආසන්න ගනනක් පයින් ගියාම, පාදම අමුතු ආකාරයක ඇති

    4. සම්බෝධි සාම විහාරය දැක ගන්න පුලුවන්. එහි උඩටම පඩිපෙල් වලින් නගින්න පුලුවන්... එවිට කොළඹ වරායම හොදට බලා ගන්න පුලුවන්.. පෝට් සිටි එකත් හොදින් පේනවා...

    ඊට පස්සේ ජනාදිපති කාර්යාලය පැත්තෙන්ම ඉස්සරහට ටික දුරක් ගියාම, ශැංගිලා හෝටලයත් පහු වුනාම, ලංකාවේ සුපිරිම ශොපින් මෝල් එකක් වන

    5. වන් ගෝල් ෆේස් ශොපින් මොල් එකට යන්න... උදේ 10 ට තමයි විවෘත කරන්නේ. මහල් 7 ක් තියනවා...හරියටම ඇවිදින්න පැය ගානක් යයි, වැඩි කාලයක් ගන්නේ නැතුව ඇවිදින්න.. තව ගමන් යන්න තියන නිසා..
    ඊට පස්සේ එහෙන් එලියට ඇවිත්, පාර පැනලා බස් හෝල්ට් එකට ගිහින්, පිටකොටුව යන බස් එකක නැගලා, කොටුව ස්ටේශන් එක ලගින් බහින්න. දවල් වෙලා නම් කැමති නම් දවල්ට කන්න... ඊට පස්සේ ස්ටේශම ඉස්සරහින් අංක 120 බස් එකට නගින්න, නෙළුම් කුලුන ලගට ටිකට් ගන්න. නෙළුම් කුලුන ලගින් බැහැලා, පාර පැනලා..

    6. නෙළුම් කුලුනට ඇතුල් වෙලා. එක් අයෙකුට රු.500 ක ටිකට් ගෙන, නෙළුම් කුලුන බලන්න.... අවට සිරි නරඹන්න...

    එතැනින් එලියට ඇවිත්, පිටකොටුවට යන බස් එකක නැගලා, පිටකොටුවට පෙර "ලේක් හවුස්" ලගින් බහින්න. හොයාගන්න මාරු වගේ නම් කොටුව ස්ටේශම ලගටම ආපහු යන්න... ලේක් හවුස් ලගින් හෝ කොටුව ස්ටේශම ලගින් අංක 101 බස් එකට නගින්න... ගංගාරාම පන්සල ලගට ටිකට් ගන්න....පන්සල් ලගින් බැහැලා, පාර පැනලා..

    7. ගංගාරාම සීමා මාලකය බලන්න යන්න.. ඊට පස්සේ ආපහු පාර පැනලා, ශ්‍රී ජිනරතන මාවතේ පයින් යන්න ලගයි... ගංගාරාම පන්සල වදින්න යන්න..

    ඊට පස්සේ පන්සලෙන් එලියට ඇවිත් ආපු පාරේ ආපස්සට නොගිහින් කෙලින්ම ඉස්සරහට යන්න, මුලින්ම තියන දකුනු පස පාරේ "හුනුපිටිය පාර" ට යන්න... ඊට පසු වම් පැත්තට හැරෙන්න " රාමනායක පාරේ" ඊට පසු "පාක් ස්ට්‍රීට්" එකේ ටික දුරක් ගියාම, විහාරමාහා දේවී උයන ලගට යන්න පුලුවන්... ගංගාරාම සිට මෙතනට මීටර් 500 යි දුර. කෙටි පාරක් කිව්වේ... කැමති නම් 3වීල් එකකින් යන්න... * Map එක බලන්න.

    8. විහාර මහා දේවි උයනේ ටිකක් ඇවිදින්න.. කාල වේලා මදි වෙයි... ඇතුල් වීම නොමිලේ. මෙහි ඇතුලෙත් කෑම, බීම ගන්න තැන් තියනවා...

    ඊට පස්සේ විහාර මහා දේවී උයන ලගින් යන අංක 138 බස් එකේ ගිහින් (පිටකොටුව පැත්තේ සිට එන බස් එකක.. පිටකොටුව දෙසට යන බස් නොවේ)

    9. කොළඹ කටුගේ කැමති නම් බලන්න පුලුවන්.. ගොඩක් වේලාවක් යන තැනක් නිසා අපහසු වෙයි..

    ඊට පස්සේ ආපහු 138 බස් එකක නගින්න.. (පිටකොටුව පැත්තේ සිට එන බස් එකක.. පිටකොටුව දෙසට යන බස් නොවේ) .
    තුම්මුල්ල හන්දියට ටිකට් ගන්න... තුම්මුල්ල හන්දියෙන් බැහැලා, වම් පැත්තේ තියන, බෞද්ධාලෝක මාවතට යන්න, හෝල්ට් එකෙන් 154 බස් එකට නගින්න. (බොරැල්ල/කිරිබත්ගොඩ පැත්තට යන බස් එකක ). "ආකේඩ්" එක ලගට ටිකට් ගන්න.. විනාඩි 5 කින් විතර බහින්න පුලුවන්... ආකේඩ් ලග බැහැලා..


    10. "ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්" එකට ඇතුල් වෙන්න.. ඇතුල් වීම නොමිලේ.. එහිත් ටික වේලාවක් ඇවිදින්න.. එහි පිටුපසටම යන්න.. එවිට ඔයාට

    11. නිදහස් චතුරශ්‍රය පේනවා. එකත් බලන්න යන්න...


    ඊට පස්සේ ආපහු, ආපු විදිහටම බෞද්ධාලෝක මාවතට යන්න, කලින් ආව 154 බස් එක ඉස්සරහට ගිය පැත්තටම ටික දුරක් ඉස්සරහට පයින් යන්න.. එවිට BMICH එක දැක් ගන්න පුලුවන්... පාර පැනලා

    12. BMICH එකට ඇතුල් වන්න. ඇතුල් වීම නොමිලේ.. පොකුන අසල, ප්‍රධාන ගොඩනැගිල්ල අවට ඇවිදින්න..

    දැන් ගමන අවසන් කර, පාර පැනලා 154 බස් එකට නගින්න, බොරැල්ලෙන් බහින්න. එතැනින් අංක 103 කොටුව යන බස් එකක නැගලා, ඔබේ ගමන ආරම්භ කල කොටුව ස්ටේශම ලගින් හෝ පිටකොටුව බස් නැවතුම ලගින බහින්න පුලුවන්...

    * මෙම ස්ථාන 12 ඇතුල හෝ අවට කෑම,බීම හෝ කෙටි කෑම ගැනීමට තැන් ඇත. වන් ගෝල් ෆේස් එකේ නම් කෑම/බීම මිල වැඩියි.

    * Wash Rooms : වන් ගෝල් ෆේස් ශොපින් මොල්, නෙළුම් කුලුන, කොළඹ කටුගේ, BMICH හි වොශ් රූම් නොමිලේ භාවිතා කල හැක. ගෝල්ෆෙස්, පෝට් සිටි බීච් පාක්, විහාර මහා දේවි උයනේ, ආකේඩ් හි ඇති වොශ් රූම් වලට මුදල් ගෙවිය යුතුය.

    * මෙහි කොළඹ නගරයේ ඇති, බලන්න තියන, ලස්සන ප්‍රධාන ස්ථාන 12 ක් ගැන කිව්වත්.. පොදු ප්‍රවාහන සේවා භාවිතා කර, සමහර විට දවසින් මේ 12 ම බලන්න බැරි වේවි. කාළකලමනාකරනය කර ගැනීම තමන්ගේ වගකීමකි.. තමන්ගේම වාහනයකින් එනවනම් පුලුවන්..

    * මේ පෝස්ට් එකේ ඇති අංක , Map එකේ සටහන් කර ඇත.

    * මෙම ප්‍රධාන ස්ථාන 12 ට අමතරව කොළඹ නගරය හා ඒ අවට කොටුව ජනාධිපති මන්දිරය, ලෝක වෙළද මධයස්ථානය, මහ බැංකුව. ග්‍රහලෝකාගාරය, ජුම්මා පල්ලිය, ෆ්ලෝටින් මාකටින්, නෙළුම් පොකුන රගහල, MC එක, දියත උයන... වැනි ඇතුල් වී බැලිය හැකි හා පිටසිට බැලිය හැකි ස්ථාන ඇත..
    .
    * මම තනියම ගිය ට්‍රිප් 100 ගනනක් බලන්න...
    පසුගිය සියලුම සංචාරයන් Index >>>
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,925
    1
    10,021
    113
    colombo
    පැලවත්‍තට ගිහින් හිඟන ඩස්පි මුඩුක්කු වේසාවෝ ඉන්න HQ එකත් මේකට දාපන් පුක රතු බැබුන් @shenat ඉන්නෙත් ඒකෙමයි