ලංකාවේ Business එකක් කරද්දී Competitors ලා එක්ක එන ප්‍රශ්න කොහොමද Handle කරන්නේ?

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,343
    704
    113
    මචන්ලා, ලංකාවේ තමන්ගේම business එකක් කරන අයගෙන් පොඩි දෙයක් දැනගන්න ඕන.

    Business එකක් පටන් ගන්න එකට වඩා ඒක දිගටම කරගෙන යන එක අමාරුයි කියලා මට හිතෙනවා. විශේෂයෙන් එකම field එකේ competitors ලා වැඩි වෙනකොට.

    Healthy competition එකක් තියෙන එක හොඳයි. Customer ටත් options වැඩි වෙනවා. Service quality එකත් improve වෙනවා.

    හැබැයි සමහර වෙලාවට competition එක business rivalry එකක් වෙනවා.

    උදාහරණයක් විදිහට,

    • අපේ pricing, services, marketing strategies එහෙමම copy කරන එක.
    • Customer ලා ගන්න ඕනවට වඩා prices අඩු කරන එක.
    • Competitor කෙනෙක් හොඳට යනකොට ඒ business එකට negative publicity දෙන එක.
    • Online reviews, Google rankings වගේ දේවල් හරහා එකිනෙකාට compete කරන එක.
    • අලුත් business එකක් market එකට ආවම පරණ අය ඒකට react කරන විදිහ.
    මගේ අදහස නම් competitors ලා එක්ක රණ්ඩු වෙනවට වඩා තමන්ගේ service quality එක, customer satisfaction එක සහ branding improve කරන එක තමයි හොඳම දේ.

    හැබැයි practical world එකේ හැම වෙලාවෙම එහෙම කරන්න පුළුවන්ද කියන එකත් ප්‍රශ්නයක්.

    Elakiri එකේ business කරන අයගෙන් දැනගන්න කැමතියි:

    1. ඔයාලගේ business එකට competitors ලාගෙන් ප්‍රශ්න ඇවිත් තියෙනවද?
    2. Competitor කෙනෙක් ඔයාලගේ business model එක copy කළොත් මොකද කරන්නේ?
    3. Price war එකකට යනවද, නැත්නම් quality එකෙන් compete කරනවද?
    4. Business rivalry එකක් personal level එකට ගෙනියන්නේ නැතුව handle කරන්නේ කොහොමද?
    Business කරන අය තමන්ගේ real experiences share කරන්න. අනිත් අයටත් වැදගත් වෙයි.
     
    • Like
    Reactions: Nidarshana_k

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,513
    2,060
    113
    🤍
    Uba oya ptngnna business ek issllm krnne Uba nemeine

    Unath copy thami , ekata karanna deyak na

    Customer satisfaction kiyala ekak na bn lanakawe service business wlaa.customer hama ekama sanasawanna ba

    Echchr hithan nathuw Karan playan
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Price war එකට බැස්සොත් දෙන්නටම පාඩුයි බං, quality එකෙන්ම compete කරන එක තමයි හොඳම. Copy කරන එක නවත්තන්න බෑ, ඒත් උඹේ service එක copy කරන්න බැරි විදිහට හදාගත්තොත් උන්ට කරන්න දෙයක් නෑ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,641
    12,175
    113
    කෙටියෙන් කියන්න හරි අමාරුයි. Industry එකේ හැටියටත් වෙනස් වෙනව.

    කොහොම උනත් USP එකක් build කරගන්න ඕනෙ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,521
    113
    කුඩ්ඩෙක්ට 5000ක් දෙනවා කම්පෙටිටර්ගෙ CEO ට පාරෙද වෙඩිතියපන් කියලා