පිරිනිවන් පෑවට ජීවමාන සෙයියාවෙන් පිළිගන්වන්න පුළුවන්
ඒ විතරක් නෙමේ කාසාය කන්ටකටත් මහා සංගරත්නය අරමුණු කරගෙන දන් දෙන්න කියලා තියෙනවා
බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලත් තවමත් මිනිස්සු සද්ධාවෙන් පුද සත්කාර කරන්නේ උන් වහන්සේ කරපු කැපකිරීම් සහ අත්හැරීම් වලට
එහෙම පුජා කරන දානය මෙහෙම කන එක ලොකු පවක්
උඹලා මෙහෙම මරාගද්දි මට කාලෙකට කලින් අපි කුඩා අවධියෙ පොය දවසකද මන්දා ජාතික රූපවාහිනියෙ ගිය කතාවක් මතක් උනා.
එකෙ ඔය පොඩි කොල්ලෙක් බුද්ධපූජාව බුදුමැදුරෙදි බෑග් එකකට දාගෙන යනවා .
පස්සෙ ඒ පොඩි එකා බුදුන්ගෙන් වැඳලා සමාව ඉල්ලනවා තමන් මෙහෙම කරන එකට.
එයා කියනවා මගෙ මව්ගෙ කුස ගින්න නිවන්න තමා එහෙම කලෙ කියලා.
ඕක හොරෙන් අහන් ඉඳලා පන්සලෙ පොඩි නම ලොකු හාමුදුරුවොන්ට කියනවා.
එහෙම එක සැරෙම කියන්නෙ නැහැ අහවලා මෙහෙම දානෙ ගත්තා කියලා.
වටෙන් ගොඩෙන් වගෙ ප්‍රශ්න කරනවා.
එතකොට ලොකු හාමුදුරුවො නම කියනවා
යමෙක් එහෙම දානෙ වලඳනවානම් බුදුන්ට තිබ්බ එයා ප්‍රේතයෙක් වෙලා ඉපදෙනවා කියලා.
ඒත් ඒ පුද්ගලයා එහෙම කරන්නෙ කෙනෙකුගෙ කුසගින්නක් නිවන්න නම් ඒක පාපකර්මයක් වෙන්නෙ නැහැ කියලා.
පේනවානෙ චේතනාහං භික්කවෙ කම්මාන් වදාමි .
චේතනාව තමා හැම එකටම මුල.