බුදුන්ට තිබ්බ දාණේ මම කෑවා

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,242
    706
    113
    Siri Baijan
    ඕවා කරන්න ඕනෙ නෑ මම වගේ බත් බැලයෙක් වෙලා කාපංකො. .
    WA_1795026551452.jpeg

    අපේ අල්ලපු ගෙදර අංකල්ට ලන්තෑරුමෙන් කෑම එකක් ගෙනත් මම කෑවා. අංකල් 1000 දුන්නා අංකල්ට 400 ක කෑම එකක් ගෙනත් මම 600 ක කෑම එකක් ගත්තා. තව 200 ක් අංකල්ට දෙන්නත් තියනවා.
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,899
    1,418
    113
    Mars
    apo oka kawa kiyala kisi awlak naha, habai itin horen kanna oneth naha kama tikak illuwoth pansalen hambewenava.
    ape pansale nam meat/fish paththareta thiyanne naha.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,504
    1
    13,546
    113
    Gotham City
    පිරිනිවන් පෑවට ජීවමාන සෙයියාවෙන් පිළිගන්වන්න පුළුවන්
    ඒ විතරක් නෙමේ කාසාය කන්ටකටත් මහා සංගරත්නය අරමුණු කරගෙන දන් දෙන්න කියලා තියෙනවා

    බුදුහාමුදුරුවෝ පිරිනිවන්පාලත් තවමත් මිනිස්සු සද්ධාවෙන් පුද සත්කාර කරන්නේ උන් වහන්සේ කරපු කැපකිරීම් සහ අත්හැරීම් වලට
    එහෙම පුජා කරන දානය මෙහෙම කන එක ලොකු පවක්
    උඹලා මෙහෙම මරාගද්දි මට කාලෙකට කලින් අපි කුඩා අවධියෙ පොය දවසකද මන්දා ජාතික රූපවාහිනියෙ ගිය කතාවක් මතක් උනා.
    එකෙ ඔය පොඩි කොල්ලෙක් බුද්ධපූජාව බුදුමැදුරෙදි බෑග් එකකට දාගෙන යනවා .
    පස්සෙ ඒ පොඩි එකා බුදුන්ගෙන් වැඳලා සමාව ඉල්ලනවා තමන් මෙහෙම කරන එකට.
    එයා කියනවා මගෙ මව්ගෙ කුස ගින්න නිවන්න තමා එහෙම කලෙ කියලා.

    ඕක හොරෙන් අහන් ඉඳලා පන්සලෙ පොඩි නම ලොකු හාමුදුරුවොන්ට කියනවා.
    එහෙම එක සැරෙම කියන්නෙ නැහැ අහවලා මෙහෙම දානෙ ගත්තා කියලා.
    වටෙන් ගොඩෙන් වගෙ ප්‍රශ්න කරනවා.
    එතකොට ලොකු හාමුදුරුවො නම කියනවා

    යමෙක් එහෙම දානෙ වලඳනවානම් බුදුන්ට තිබ්බ එයා ප්‍රේතයෙක් වෙලා ඉපදෙනවා කියලා.
    ඒත් ඒ පුද්ගලයා එහෙම කරන්නෙ කෙනෙකුගෙ කුසගින්නක් නිවන්න නම් ඒක පාපකර්මයක් වෙන්නෙ නැහැ කියලා.

    පේනවානෙ චේතනාහං භික්කවෙ කම්මාන් වදාමි .
    චේතනාව තමා හැම එකටම මුල.
     

    mama_hitler

    Active member
  • Oct 30, 2026
    119
    131
    43
    බුදුන් පිරිනිවන් පාල නේද
    එතුමා කියලා තියෙනවද එතුමාගේ පිළිම වලට කෑම පූජා කරන්න කියලා?
    මොඩයින්ට මෙව්ව කියල වැඩක් නෑ බං. බුදු දහමට ඕව පසු කාලිනව ඇතුලු උන දේව වාදි සංකල්ප. හිංදු උන් බුදුන්ව සලකනව විශ්නුගෙ අවතාරයක් කියල හින්දු උනුත් වදිනවා. නිකන් අරූ දානෙ දෙන්න ඇවිත් පව් පුරවගන්නවා. මිත්‍යාව තමා.
     
    • Like
    Reactions: Ldy