බීමත්ව රිය පැදවූ රියදුරුගේ 'ලයිසන්'එක ජීවිතාන්තය දක්වා අවලංගු කරයි..😍🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,245
    49,715
    113
    Drunk Driving Uds GIF by U in the Driver Seat


    බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබේ.

    අද (19) උදෑසන මරදාන පොලිස් වසමේ සංඝරාජ මාවතේදී මෙම රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

    කොළඹ සිට කුරුණෑගල දක්වා මාර්ග අංක 05 ඔස්සේ ධාවනය වූ ලංගම බස් රථයක් පරීක්ෂා කිරීම සඳහා මරදාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර ඇති අතර, එම අණ නොතකා බස් රථය ධාවනය කිරීම හේතුවෙන් නිලධාරීන් එය ලුහුබැඳ ගොස් නවත්වා පරීක්ෂා කර තිබේ.

    එහිදී බස් රථයේ රියැදුරු බීමත්ව සිටින බවට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සිදුකළ පරීක්ෂණයෙන් ද ඔහු බීමත්ව සිටි බව තහවුරු වී ඇත.

    අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ 58 හැවිරිදි නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට රුපියල් 35,000ක දඩයක් නියම කර තිබේ.

    එමෙන්ම, ඔහුගේ රියැදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,674
    25,972
    113
    tracing Geo-location.. ... ...
    මාලිමාවට චන්දෙ දීල දැන් උන්ට සැප ඇති.

    රනිල්ට හරි නාමල්ට හරි සජියට හරි දුන්නනං ජීවිතාන්තය දක්වා බස් එක පදිනවා. 🙏🏼😹

    ඒ කියන්නේ දැන් පොලිසිය මාලිමාවෙද?
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,200
    8,556
    113
    That's a bit harsh, isn't it..?

    An year or so is one thing..
    මගුලක් කියනවා අනිවා කැන්සල් කරන්න ඕන
    දැන දැන නේ බන් යන්නෙ. පාරෙ වෙන සාමාන්‍ය ඇක්සිඩන්ට් වගේ නෙමෙයි බීලා යනවා කියන්නෙ හොඳටම දැනගෙන නේ යන්නෙ



    මම ඉන්න රටේ DUI කියන්නෙ Criminal case එකක්
    PR ගන්න ඉන්න එකෙක් නං DUI අහු උනොත් එහෙම්ම පහුවෙනිදට ටිකට් එකක් දාගෙන තමන්ගෙ රටට යන්න තියෙන්නෙ. ලොවෙත් PR දෙන්නෙ නැහැ මෙහෙ අහු උනොත් එහෙම.
     
    Last edited:
    • Like
    Reactions: Hamu mahaththaya1

    planner123

    Well-known member
  • May 22, 2018
    10,207
    17,460
    113
    මාලිමාවට චන්දෙ දීල දැන් උන්ට සැප ඇති.

    රනිල්ට හරි නාමල්ට හරි සජියට හරි දුන්නනං ජීවිතාන්තය දක්වා බස් එක පදිනවා. 🙏🏼😹
    Ranwala ge case ekata mokada wune ?
    Uuwa check karanna ona weddi alcohol testing kits ai nathi wune ?

    Lokkonta ehemai, poddonta mehemai.

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,756
    1
    21,175
    113
    35
    Spain
    මාලිමාවට චන්දෙ දීල දැන් උන්ට සැප ඇති.

    රනිල්ට හරි නාමල්ට හරි සජියට හරි දුන්නනං ජීවිතාන්තය දක්වා බස් එක පදිනවා. 🙏🏼😹
    එතකොට රවී, රන්වල, විජිත හේරත්? මේ ගිය මාසේ තව මාලිමා හුත්තෙක් අහු වුන. උන්ට නම් නීතිය නැවෙනවා. නවන්න බැරි නම් මහේස්ත්‍රාත් මාරු කරනවා.
     
    • Like
    Reactions: Error365! and KDH