දෙහිවල සත්වෝද්‍යානයට - 2026 November

PASAN147

Well-known member
  • Oct 19, 2006
    817
    1,570
    93
    Heiyanthuduwa - Kelaniya
    පහු ගිය දවසක මම තනියම දෙහිවල ජාතික සත්වෝද්‍යානය බලන්න ගියා... පොඩි කාලේ ඉදලාම මීට කලින් 4 වතාවක් විතර ගිහින් තියනවා.. ඒ ගෙදර කට්ටිය එක්ක, යාලුවෝ එක්ක හා තනියමත්... හැබැයි හැම වතාවකම අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන් තැනක් තමයි දෙහිවල සත්වෝද්‍යානය කියන්නේ....

    $ ඉතින් දෙහිවල සත්වෝද්‍යානයට යන්නේ කොහොමද?

    * බස් රථයෙන් එනවා නම්:
    1. පිටකොටුවෙන් 100 හෝ 101 බස් රථයක නැගලා දෙහිවල හන්දියෙන් බහින්න. එතැනින් සත්වෝද්‍යානය ඉස්සරහින්ම යන 176 දෙහිවල-හෙට්ටියාවත්ත බස් රථයක් ලබාගන්න පුළුවන්.
    2. මරදාන දුම්රිය ස්ථානය ඉස්සරහින් හෝ බොරැල්ලේ ඉදලා එනවනම්.. සත්වෝද්‍යානය ඉස්සරහින්ම යන 176 දෙහිවල-හෙට්ටියාවත්ත බස් රථයක් ලබාගන්න පුළුවන්. (බස් ටිකට් රු.95/- යි.)

    * දුම්රියෙන් එනවා නම් :
    කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එන්න. එතැනින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර / පානදුර / ගාල්ල / අලුත්ගම දෙසට යන දුම්රියක නැගලා දෙහිවල දුම්රිය ස්ථානයෙන් බහින්න. (ටිකට් 2 nd රු.100/- හා 3 rd රු.40/- යි). ගාල්ල/මාතර පැත්තේ ඉදලා කොළඹ එනවනම් දෙහිවල දුම්රිය ස්ථානයෙන්ම බහින්න. එතැනින් සත්වෝද්‍යානයට පයින් හෝ ත්‍රිරෝද රථයකින් යන්න පුළුවන්. (1.9 km)

    * සත්වෝද්‍යානය දිනපතා උදේ 8.30 සිට සවස 5 දක්වා විවෘතයි.
    * ටිකට් : වැඩිහිටි රු.300/- යි. | ළමා වයස අවුරුදු (3-12) රු.120/- යි. | පාසල් ළමුන් 20 ට වැඩි කණ්ඩායමකට එක් අයෙකුට රු.60/- යි | විදේශිකයන්ට 5.90 $ - 17.70 $

    🎥
    මගේ විනාඩි 13 ක සම්පූර්ණ දෙහිවල සත්වෝද්‍යාන සංචාර Video එක බලන්න :


    .
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
    .
    .
    National Zoological Gardens of Sri Lanka | Dehiwala Zoo | ජාතික සත්වෝද්‍යානය | National Zoo Sri Lanka
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,872
    1,522
    113
    Sri Lanka
    හුත්තෝ සිරාම මන් උබේ මේ සීන් එකට කැමති .

    උබ තනියම බස් වල උබ කැමැති තැන වල යනවා

    උබ එල කොල්ලෙක්

    නියමයි
    Ado issara math ohoma hithena hithena place wala yanawa… 😊😊

    30 pahu unata passe awidinna dan kamathi na wage. Wife ekka hithunama kohe hari yanawa. Nath nam gedara inna thama kamathi….

    Any way nice thing that you are doing
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,445
    11,754
    113
    ඔකෙය් ඉන්නව හෙල බෞද්දයො, සින්හයාගෙ කොටියාගෙ මස් රාත්තල හොරෙන් ගෙනියන, බැලුම්ගලෙනුත් ස්ටොරි එක කිව්වුවා. කොටියා සින්හයා බැලුවම පෙනව ඉල ඇට පෑදිලා කියලා, මොකද කන්න බොන්න හම්බෙන්නෙ අඩුවෙන්.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,129
    1,268
    113
    මම යන්න කැමතිම තැනක් තමයි සත්ව උද්‍යානය. දෙහිවල සත්වෝද්‍යානයට මම කිහිප සැරයක්ම ගිහිල්ලා තියෙනවා. උඹ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු නිසා අපිට දැන් සත්වෝද්‍යානයට virtually යන්න පුළුවන්. Thank you