උඹලා Monopoly ගහලා තියෙනවාද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,128
    1,251
    113
    Monopoly කියන්නේ ලෝකේ තියෙන ප්‍රසිද්ධ බෝඩ් ගේම් එකක්. සෙල්ලම් කරන හැමෝටම මුලින් සමාන සල්ලි ප්‍රමාණයක් දෙනවා. දාදු කැට දෙකක් උඩ දාලා වැටෙන අගයට අනුව බෝඩ් එකේ කොටු ඔස්සේ ඉදිරියට යන්නයි තියෙන්නේ. වැටෙන කොටුවේ ඉඩම කාටවත් අයිති නැත්නම් ඒක මිලදී ගන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ ඉඩමකට වැටුණොත් ඒකේ අයිතිකාරයාට කුලී ගෙවන්න වෙනවා. ඉඩම් මාරු කරගන්න, වෙළඳාම් කරන්න සහා ඉඩම් උගස් තියන්නත් පුළුවන්. සල්ලි ඉවර වෙලා බංකොලොත් වෙන හැම කෙනාම ගේම් එකෙන් ඉවත් වෙනවා. අන්තිමට ඉතිරි වෙන එකම කෙනා තමයි මේකේ ජයග්‍රාහකයා වෙන්නේ.

    Monopoly හැදුණේ 1900 ගණන්වල මුල් භාගයේදී ඇමරිකාවේ. ඉඩම් අයිතිය නිසා ඇතිවෙන අසාධාරණකම් පෙන්වන්න හදපු “The Landlord’s Game” එකෙන් තමයි මේක ආරම්භ වුණේ. පස්සේ 1930 ගණන්වල Parker Brothers සමාගම මේක මිලදී අරන් අද අපි දන්න Monopoly විදියට ලෝකෙට හඳුන්වලා දුන්නා.

    මේක යාළුවෝ, පවුලේ අය එක්ක පැය ගණන් සෙල්ලම් කරන්න පුළුවන් ගේම් එකක්. වාසනාවත්, උපායමාර්ගත් දෙකම ඕන වෙන නිසා මේ game එක පැය ගණන් කම්මැලි නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. සමහර වෙලාවට මේක නිසා යාළුවෝ අතරේ පොඩි පොඩි රණ්ඩුත් ඇතිවෙනවා. Monopoly කියන්නේ එක රටකට සීමා වුණු ගේම් එකක් නෙවෙයි. ලෝකෙ පුරා රටවල් ගොඩක් තමන්ගේම අනුවාද (variants) හදාගෙන තියෙනවා. ඒවායේ බෝඩ් එකේ තියෙන්නේ ඒ ඒ රටේ නගර, ප්‍රසිද්ධ ස්ථාන, වීදි වල නම්. එහෙම නැත්නම් ඒ රටේ සල්ලි වර්ගයෙන් තමයි සෙල්ලම් කරන්නේ.. මම මේකේ ඉන්දියන් සහා ඇමරිකන් version එක play කරලා තියෙනවා. ඉන්දියන් version එකේ තියෙන්නේ ඉන්දියාවේ නගරවල නම්.

    1795222486384.png
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,128
    1,251
    113
    Matanam kammali winadi 30 withara giyama 😂
    අපි මේක play කරේ internet නැති පුංචි කාලේ. ඒ කාලේ අපිට ඕන තරම් වෙලාව තිබ්බා මේ ගේම් එක ගහන්න. continues scrolling නිසා අද කාලේ දරුවන්ගේ attention span එකට කෙල වෙලයි තියෙන්නේ
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,916
    36,204
    113
    90 ගණන් වල මැද රැල්ලක් ආවා ඕකට. රට ඉඳලා ආපු අපේ මාමා කෙනෙක් ඕකක් ගෙනවා. අපි ඉස්කෝලේ නිවාඩු කාලෙට එහෙ ගිහින් පැය ගණන් ඕක ප්ලේ කෙරුවා
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,128
    1,251
    113
    90 ගණන් වල මැද රැල්ලක් ආවා ඕකට. රට ඉඳලා ආපු අපේ මාමා කෙනෙක් ඕකක් ගෙනවා. අපි ඉස්කෝලේ නිවාඩු කාලෙට එහෙ ගිහින් පැය ගණන් ඕක ප්ලේ කෙරුවා
    මොන version එකද අරන් ආවේ ? ඇමරිකන් එකද ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,112
    11,950
    113
    2000 di witara api yaluwo set eka oka gahuwa patta athal ban. Ekek bankoloth unama patta athal ban 🤣
    Passe man ekekgen UK walinma genapu ekak patta aduwata gatta. Eka gattata kalathurakin thama sllan karanna asa ekek hoyagatte. Lankawe inna wadi hariyak un asa na hithala karana deyak karanna.

    Free online game ekakuth tiyenawa gahala balanna.
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,313
    10,825
    113
    අපි මේක play කරේ internet නැති පුංචි කාලේ. ඒ කාලේ අපිට ඕන තරම් වෙලාව තිබ්බා මේ ගේම් එක ගහන්න. continues scrolling නිසා අද කාලේ දරුවන්ගේ attention span එකට කෙල වෙලයි තියෙන්නේ
    දරුවො කියල කිව්වම මහ වයසක හැඟීමක් දැනෙනවා