ඇත්තටම රාවණා කියලා රජ කෙනෙක් ලංකාවේ හිටියද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    රාවණා ගැන තියෙන්නේ ප්‍රධාන වශයෙන් රාමායණය කියන පුරාණ ඉන්දියානු සාහිත්‍ය කතාවේ. ඒක ඓතිහාසික වාර්තාවක් නෙවෙයි, රාමායනය කියන්නේ ආගමික සහ සාහිත්‍යමය කෘතියක්. රාවණා ලංකාවේ සැබෑවටම රජකම් කළා කියලා තහවුරු කරන්න පුරාවිද්‍යාත්මක හෝ සමකාලීන ලිඛිත සාක්ෂි දැනට නැහැ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    482319403_627831959885863_1701926848102684925_n.jpg

    "....රාවණ යුද්ධ අවතාරය මතු පවතිනා බවට පහළොස් දවසක් සැණකෙළියට ඇසළ මස පුර පෑලවියලත් බුදදා පුසේ නැකතින් ඇසළ කප් හිටුවා සැණකෙළියට පටන් ගත් සේක. මහා බ්‍රාහ්මයා සැණකෙළියෙහි පළමුවෙන් නික්ම ගියාහ.මෙසේ ඇසළ පෙළහර ආදිවූ නොයෙක් දෙව් සිරිත් පූර්ව විධිවූ පරිද්දෙන් විධ වූ පැවැත්වූ හෙයින් ද විමල්සිරි දෙවිනුවර යන නමින් ද ප්‍රසිද්ධවී. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජොත්තමයාණන් වහන්සේගේ රක්ත වර්ණ කාෂ්ටයෙන් කරවා ප්‍රතිමා රූපයද දේවරාජපෙති වහන්සේද මහරන්........"

    (ශ්‍රී ලංකා කෞතුකාගාර සංරක්ශිත පුස්කොළ පොත් 2023.2024දරණ පුස්කොලපොත් .අභිශේක් යසස්ථි රණ්දෙණියගේ "දෙවිනුවර" කෘතියේ 535, ඇල්.ඇම් ලීලසේන "පැරණි දෙවිනුවර්" 44-47 ය,J.H.O Paulusz ගේ The Thuduggala Family (Some notes on the thudugalas in the reign of 2 Rajasingha) Book Page Number 63-65 පිටුවල සදහන් වේ.

    -> මුලු එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,388

    ඔය ඔක්කොම නුවර, කෝට්ටේ යුගයෙන් එහාට යන්නේ නෑනේ.

    අපි ඉන්නේ සිංහලේ. රාවණාගේ ලංකාව සහ ඉන්දියාව අතර තිබ්බ දූපතක්. අපි කරගත්ත ඓතිහාසික වැරද්දක් තමා රටේ නමට ඕක දාගත්ත එක. ඒක ඉන්දියන් උන්ගේ ලණුවක් වෙන්න 99% ෂුවර්.
    ------ Post added on Nov 22, 2026 at 7:28 AM
     
    • Like
    Reactions: NRTG and Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    ඔය ඔක්කොම නුවර, කෝට්ටේ යුගයෙන් එහාට යන්නේ නෑනේ.

    අපි ඉන්නේ සිංහලේ. රාවණාගේ ලංකාව සහ ඉන්දියාව අතර තිබ්බ දූපතක්. අපි කරගත්ත ඓතිහාසික වැරද්දක් තමා රටේ නමට ඕක දාගත්ත එක. ඒක ඉන්දියන් උන්ගේ ලණුවක් වෙන්න 99% ෂුවර්.
    ------ Post added on Nov 22, 2026 at 7:28 AM
    රාවණා කියලා රජ කෙනෙක් ඇත්තටම හිටියේ නැහැ බං. ඕක මිථයා කතාවක්.

    https://en.wikipedia.org/wiki/Ravana
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,388
    113
    ලංකා නගරය, සිංහලද්වීපය එකක් නොවේද? ප්‍රථම කොටස

    श्रीशुक उवाच
    जम्बूद्वीपस्य च राजन्नुपद्वीपानष्टौ हैक उपदिशन्ति सगरात्मजैरश्वान्वेषण इमां महीं परितो निखनद्भिरुपकल्पितान् ॥ २९ ॥
    तद्यथा स्वर्णप्रस्थश्चन्द्रशुक्ल आवर्तनो रमणको मन्दरहरिणः पाञ्चजन्यः सिंहलो लङ्केति ॥ ३० ॥
    ශ්‍රීමද් භගවත් පුරාණය, 5වන ස්කන්ධය, 19 වන අධ්‍යාය, 29 සහ 30 වන ශ්ලෝකය.

    "स्वर्णप्रस्थश्चन्द्रशक्र आवर्तनरमाणकौ। मन्दरोपाख्यहरिण: पाञ्चजन्यस्तथैव च।। सिंहलश्वैव लइकेति उ्पद्दीपाष्टकं स्मृतम्। जम्बुद्वीपस्य मानं हि कीर्तितं विस्तरेण च।"
    දේවී පුරාණය

    ශුකදේව විසින් පරික්‍ෂිත් රජුට පවසන පරිදි, සාගර රජුගේ පුත්‍රයින් යාග අශ්වයා සොයා පොළව හෑරීමේ ප්‍රතිඵලයක් ලෙස ජම්බුද්වීපය අසල උපද්වීප 8ක් ඇතිවේ.

    1. ස්වර්ණප්‍රස්ථ

    2. චන්ද්‍රශුක්ල

    3. අවර්තන

    4. රාමණක

    5. මංදරහරිණ

    6. පංචජන්ය

    7. සිංහල - ශ්‍රී ලංකාව?

    8. ලංකා - ජම්බුද්වීපයට දකුණින් යොදුන් 100 දුරින් පිහිටි ද්වීපයක් ලෙස සැලකේ

    මෙම පුරාණ දෙකෙහිම ලංකා සහ සිංහල උපද්වීපයන් වෙනම දක්වා ඇත.

    ලංකා: ජම්බුද්වීපයට දකුණින් යොදුන් 100 දුරින් පිහිටි ද්වීපයක් ලෙස සැලකේ. සමෘද්ධිමත් ද්වීපයක් වූ එය රාමායණ යුගයේ ප්‍රධාන සිදුවීම්වල මධ්‍යස්ථානය විය. දිව්‍ය ශිල්පී විශ්වකර්ම විසින් මුහුද මධ්‍යයේ ත්‍රිකූට පර්වතය මත ඉදිකරන ලද මෙම රන් නගරය කුබේර විසින් පාලනය කරන ලද අතර පසුව ලංකාවේ රජු වූ රාවණා විසින් පාලනය කරන ලදී.

    සිංහල: පුරාණ ග්‍රන්ථවල සහ පුරාණ ඉන්දියානු සාහිත්‍යයේ එය දකුණු දිශාවේ පිහිටි වෙළඳ මධ්‍යස්ථානයක් සහ මුතු වෙළඳාම සම්බන්ධ දේශයක් ලෙස දක්වා ඇති අතර, ලංකා උපද්වීපය සහ ජම්බුද්වීපය අතර පිහිටි උපද්වීපයක් ලෙස සැලකේ.

    මහා භාරත මහා කාව්‍යයේ (සභා පර්වය) රාජසුය යාගයට සිංහල ද්වීපයේ රජවරුන් මුතු, මැණික්, ශංඛ සහ වස්ත්‍ර ගෙන ආ බවත්, දකුණු දිග තාම්‍රද්වීප සහ ලංකා නම් රාජ්‍ය දෙකක් ඇතිබවත්, එහි රජු විභීෂණ බවත් දක්වා ඇත. පසුව සිංහල දේශයෙන් යුද්ධයට සහයද ලැබී ඇත.

    තවද මහාභාරතයේ භීෂ්ම පර්වය, ජංබූඛංඩ විනිර්මාර්ග පර්වයන් ගේ සංජයගේ හඳුන්වා දීමේදී සහ පුරාණයන්ට අනුව සිංහල ද්වීපයේ සිංහල සහ මිලේච්ඡ (පොදුවේ සියලු ආර්‍ය නොවන ද්‍රාවිඩ ජාතීන් සඳහා මේ නම යොදා ඇති බව දැක්වේ) යන ජාතීන් ජීවත් වන බව පැහැදිලි ලෙස වෙන්ව දක්වා ඇත. සිංහලයින් සමුද්‍රීය වෙලඳාම, මුතු නිස්සාරණය, මැණික් පිලිබඳ විශේෂඥයින් බව දක්වා ඇත.

    ලංකා රාජ්‍යයේ රාක්‍ෂ සහ යක්‍ෂ ජාතීන් සිටින බව සඳහන් වේ.

    - හිමාල් කේෂව්

    ඔව්. දැනට නන් එහෙම කිසිම සාක්ෂියක් නෑ. හිටියා කියල උපකල්පනය කරත් ඕක අපිට කිසිම අදාලත්වයක් නැති කතාවක්.

    අපේ සම්පුර්ණ ඉතිහාසයක් ඕක නිසා වහගෙන තියෙන්නේ. විජයගෙන් එහාට කතාව අරගත්ත ගමන් මේ කතාව ඇවිත් සම්පූර්ණයෙන්ම විකෘතියක් හදන්නේ.
    ------ Post added on Nov 22, 2026 at 7:35 AM
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,985
    3,327
    113
    රාවණා කියලා රජ කෙනෙක් ඇත්තටම හිටියේ නැහැ බං. ඕක මිථයා කතාවක්.

    https://en.wikipedia.org/wiki/Ravana
    එක ඉන්දියවෙ කතාවක්. අපි හරක් වගෙ කරේ තියාගෙන්.
    අඩුම ගානෙ එක පිලිගන්න පුලුවන් සාක්ශියක් තියනවද ?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    රාවණා ලංකාවේ සැබෑවටම රජකම් කළා කියලා තහවුරු කරන්න පුරාවිද්‍යාත්මක හෝ සමකාලීන ලිඛිත සාක්ෂි දැනට නැහැ.

    මේක වැරදි කතාවක් කියන්න ඒක දැම්මේ. තව පරන ඒවා තියෙන්නෙ මෙතන.

    ​
     
    විජය කුමාරයා කියලා කෙනෙක් ඇත්තටම ලංකාවට ආවා කියන්න කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නෑ. අද කාලේ ඉතිහාසඥයෝ ගොඩක් දෙනෙක් මේක සලකන්නේ ඇත්තටම වුණු දේකට වඩා, අපේ ආරම්භය ගැන හැදුණු ජනප්‍රවාදයක් විදිහටයි.

    එක ඉන්දියවෙ කතාවක්. අපි හරක් වගෙ කරේ තියාගෙන්.
    අඩුම ගානෙ එක පිලිගන්න පුලුවන් සාක්ශියක් තියනවද ?
    ඔව් මේක මිත්‍යා කතාවක්
    ------ Post added on Nov 22, 2026 at 7:43 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,388
    113
    විජය කුමාරයා කියලා කෙනෙක් ඇත්තටම ලංකාවට ආවා කියන්න කිසිම පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නෑ. අද කාලේ ඉතිහාසඥයෝ ගොඩක් දෙනෙක් මේක සලකන්නේ ඇත්තටම වුණු දේකට වඩා, අපේ ආරම්භය ගැන හැදුණු ජනප්‍රවාදයක් විදිහටයි.

    ඔව් මේක මිත්‍යා කතාවක්
    ------ Post added on Nov 22, 2026 at 7:43 AM
    විජය mention කරේ දැනට මහාවංශයේ සදහන් වෙන නිසා.

    කොච්චර මෙහෙ පුරාවිද්‍යා සාක්ෂි තියෙනවද? ක්‍රිපු 6 වෙනි සියවසේ අකුරු ලිව්වා කියන්නත් තියෙනවා. අනික අපේ හෝර්ටන් තැන්නේ ඕනි තරං මිනිස්සු හිටියා කියන්න සාක්ෂි තියෙනවා. ඒ ටික ගලපාගෙන පහළට හදාගෙන එන්න පුළුවන් තරං අවුරුදු 30000කට වැඩි ඉතිහාසයක් මේ දූපතේ මිනිස්සුන්ට තියෙනවා. ඒක මේ අදාලම නැති කතාවක් ගෙනත් විකෘතියක් කරගෙන තියෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,248
    104,388
    113
    මේක වැරදි කතාවක් කියන්න ඒක දැම්මේ. තව පරන ඒවා තියෙන්නෙ මෙතන.

    ​

    මනාවේ හාමුදුරුවො කියන හැම එකක්ම ලින්ක් වෙන්නේ අපිට මහාවංශයෙන් එහාට ඉතිහාසයක් තියෙනවා කියන එක විතරයි. ඒකට රාවණා කියලා කෙනෙක් සම්බන්ධ කරන්නේ බලෙන්.

    ඔවු බම අපේ ග්‍රහලෝකේ හරි සම්පූර්ණ බෝලයක් නෙවේ, එක ජියොඩයක්. ඒ කියන්නේ අක්‍රමවත් හැඩයක් තියෙනවා කියන එක. අපේ රටට නිරිත දිගින් යන නැවු මීටර් 100ක් විතර පහලට ගිහින් ආපහු උඩට එනවා. හේතුව ඔතන වැලක් වගේ තියෙනවා. ඒ ටිකෙත් ගුරුත්වාකර්ෂණය අඩුයි කියනවා.
    මෙන්න මේ කියන තැන වෙන්න බැරිද ඔය හිටියා කියන රාවණාගේ ලංකාව තිබ්බ තැන. @rajitha.wijayaratne
    ------ Post added on Nov 22, 2026 at 7:54 AM
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    මේක වැරදි කතාවක් කියන්න ඒක දැම්මේ. තව පරන ඒවා තියෙන්නෙ මෙතන.

    ​

    රාවණා ඇත්තටම විශාල රාජධානියක් පාලනය කළ බලවත් රජෙක් නම්, අපිට මේ ගැන ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්.

    • ඔහුගේ මාලිගාව කොහේද තියෙන්නේ ?
    • ඔහුගේ නම සඳහන් සෙල්ලිපි තිබෙනවාද?
    • ඔහුගේ කාලයට අයත් කාසි තිබෙනවාද?
    • ඔහු ගැන ලියූ පැරණි ඓතිහාසික ලේඛන තිබෙනවාද?
    අද වෙනකම් රාවණා සැබෑ රජෙක් බව ඔප්පු කරන්න පිළිගත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමු වෙලා නැහැ

    රාවණාගේ නමට සම්බන්ධ ස්ථාන තිබීම සාක්ෂියක් ලෙස ගන්න බැහැ. ශ්‍රී ලංකාවේ රාවණා සමඟ සම්බන්ධ කරලා කතා කරන ගුහා, දිය ඇලි සහ වෙනත් ස්ථාන තියෙනවා. නමුත් ඒවා පැරණි ස්ථාන වීමෙන් හෝ ඒවා ගැන ජනප්‍රවාද තිබීමෙන් රාවණා එහි ජීවත් වූ බව ඔප්පු වෙන්නේ නැහැ. සමහරු කියනවා පැරණි ශ්‍රී ලංකාවේ යක්ෂ ගෝත්‍රිකයන් සිටියා කියලා. එහෙම පැරණි ජන කොටස් සිටියා කියන එකෙන් රාවණා ඔවුන්ගේ රජු බව ඔප්පු වෙන්නේ නැහැ. ඒකට වෙනම සාක්ෂි අවශ්‍යයි.

    ශ්‍රී ලංකාවට ආඩම්බර වෙන්න රාවණාගේ කතාව අවශ්‍ය නැහැ.

    අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, පැරණි වැව් සහ වාරිමාර්ග පද්ධති වැනි දේවල් අපේ පැරණි ශිෂ්ටාචාරයේ සැබෑ දක්ෂතා පෙන්වනවා.

    රාවණා ගැන විශ්වාස කරන එක පුද්ගලික කැමැත්තක්. ඒකට කාටවත් බාධා කරන්න බැහැ.

    නමුත් ජනප්‍රවාදයක් ඉතිහාසයක් ලෙස ඉදිරිපත් කරනවා නම්, ඒකට නිසි සාක්ෂි තිබිය යුතුයි.

    විජය mention කරේ දැනට මහාවංශයේ සදහන් වෙන නිසා.

    කොච්චර මෙහෙ පුරාවිද්‍යා සාක්ෂි තියෙනවද? ක්‍රිපු 6 වෙනි සියවසේ අකුරු ලිව්වා කියන්නත් තියෙනවා. අනික අපේ හෝර්ටන් තැන්නේ ඕනි තරං මිනිස්සු හිටියා කියන්න සාක්ෂි තියෙනවා. ඒ ටික ගලපාගෙන පහළට හදාගෙන එන්න පුළුවන් තරං අවුරුදු 30000කට වැඩි ඉතිහාසයක් මේ දූපතේ මිනිස්සුන්ට තියෙනවා. ඒක මේ අදාලම නැති කතාවක් ගෙනත් විකෘතියක් කරගෙන තියෙන්නේ.
    ඔව් ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කරන මිත්‍යා කතාවක් ඕක
    ------ Post added on Nov 22, 2026 at 8:00 AM

    482319403_627831959885863_1701926848102684925_n.jpg

    "....රාවණ යුද්ධ අවතාරය මතු පවතිනා බවට පහළොස් දවසක් සැණකෙළියට ඇසළ මස පුර පෑලවියලත් බුදදා පුසේ නැකතින් ඇසළ කප් හිටුවා සැණකෙළියට පටන් ගත් සේක. මහා බ්‍රාහ්මයා සැණකෙළියෙහි පළමුවෙන් නික්ම ගියාහ.මෙසේ ඇසළ පෙළහර ආදිවූ නොයෙක් දෙව් සිරිත් පූර්ව විධිවූ පරිද්දෙන් විධ වූ පැවැත්වූ හෙයින් ද විමල්සිරි දෙවිනුවර යන නමින් ද ප්‍රසිද්ධවී. ශ්‍රී විෂ්ණු දිව්‍යරාජොත්තමයාණන් වහන්සේගේ රක්ත වර්ණ කාෂ්ටයෙන් කරවා ප්‍රතිමා රූපයද දේවරාජපෙති වහන්සේද මහරන්........"

    (ශ්‍රී ලංකා කෞතුකාගාර සංරක්ශිත පුස්කොළ පොත් 2023.2024දරණ පුස්කොලපොත් .අභිශේක් යසස්ථි රණ්දෙණියගේ "දෙවිනුවර" කෘතියේ 535, ඇල්.ඇම් ලීලසේන "පැරණි දෙවිනුවර්" 44-47 ය,J.H.O Paulusz ගේ The Thuduggala Family (Some notes on the thudugalas in the reign of 2 Rajasingha) Book Page Number 63-65 පිටුවල සදහන් වේ.

    -> මුලු එක
    ඔයා ඉදිරිපත් කරලා තියෙන පුස්කොළ පොතේ රාවණා ගැන සඳහන් වෙලා තියෙනවා. නමුත් මේකෙන් රාවණා සැබෑ රජෙක් බව ඔප්පු වෙන්නේ නැහැ. මෙතැනදී අපි කරුණු කිහිපයක් තේරුම් ගන්න ඕනේ. මේ පුස් කොළ ලියලා තියෙන්නේ 16 හෝ 17 වන සියවසේ වෙන්න පුළුවන්. නමුත් මේකේ සඳහන් කරලා තියෙන සිදුවීම මේකේ ලියලා තියෙන්නේ අවුරුදු 900කට පමණ කලින් සිද්ධ වෙච්ච සිද්ධියක්. ඒ කියන්නේ මේක මේ සිදුවීම සිදු වූ කාලයේ ලියපු වාර්තාවක් නෙවෙයි. පොතක රාවණා ගැන සඳහන් වීමෙන් ඔහු සැබෑ පුද්ගලයෙක් වෙන්නේ නැහැ. පැරණි පොත්වල රාමා, රාවණා වැනි චරිත ගැන කතා තිබෙන්න පුළුවන්. ඒවා ආගමික කතා හෝ ජනප්‍රවාද වෙන්නත් පුළුවන්. ඒ නිසා මේක සතයක් කියලා පිළිගන්න තවත් සාක්ෂි අවශ්‍යයි. මේ පුස් කොල පොතේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ දෙවිනුවර දේවාලය සහ ඇසළ පෙරහැර ගැනයි. රාවණා සැබෑ රජෙක් බව ඔප්පු කිරීම මේ පුස් කොල පොතේ අරමුණ නොවෙයි.

    රාවණා ඇත්තටම ශ්‍රී ලංකාවේ රජෙක් නම්

    ඔහුගේ නම සඳහන් සෙල්ලිපි කෝ?

    ඔහුගේ කාලයට අයත් කාසි කෝ?

    ඔහු ගැන ලියූ පැරණි රාජකීය වාර්තා කෝ?
    ඔහුගේ රාජධානිය තිබුණු බව පෙන්වන පුරාවිද්‍යාත්මක සාක්ෂි කොහෙද තියෙන්නේ කියලා කියන්න පුළුවන්ද ?
    ------ Post added on Nov 22, 2026 at 8:11 AM
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    රාවණා ඇත්තටම විශාල රාජධානියක් පාලනය කළ බලවත් රජෙක් නම්, අපිට මේ ගැන ප්‍රශ්න කිහිපයක් අහන්න පුළුවන්.
    • ඔහුගේ නම සඳහන් සෙල්ලිපි තිබෙනවාද?

    "රාවණ රඣන පුත ඉඣු ලෙනෙ."
    (රාවණා රජුගේ පුත් ඉන්ද්‍රගේ ලෙණයි.)

    - අරණායක ර‍ාක්ෂගල සෙල්ලිපිය

    ඉන්ද්‍රජිත් (උපත් නාමය: මේඝනාද) යනු රාමායණ මහා කාව්‍යයේ එන ප්‍රධාන චරිතයකි. ඔහු ලංකාපුර රජු වූ රාවණගේ සහ මණ්ඩෝදරී දේවියගේ වැඩිමහල් පුත්‍රයා මෙන්ම ලංකාවේ ඔටුන්න හිමි කුමාරයා ද වේ
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    "රාවණ රඣන පුත ඉඣු ලෙනෙ."
    (රාවණා රජුගේ පුත් ඉන්ද්‍රගේ ලෙණයි.)
    -අරණායක ර‍ාක්ෂගල-
    නමුත් පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා මේ සෙල්ලිපිය කියවා තිබෙන්නේ වෙනස් විදිහකටයි. එහි සඳහන් වෙන්නේ ඉඣු සහ අග්ගි කියන පුද්ගලයන් ගැන මිස රාවණා ගැන නෙවෙයි.

    ඒ වගේම පුරාවිද්‍යා විශේෂඥ මාලිනී ඩයස් මහත්මිය කියලා තියෙන්නේ මුල් සෙල්ලිපියේ නැති රාවණාගේ නම පසුව සුදු තීන්තෙන් එකතු කරලා තියෙන බවයි. පසුව එකතු කළ වචනවලින් රාවණා ඇත්තටම ජීවත් වූ රජෙක් කියලා ඔප්පු කරන්න බැහැ. අපි පිළිගන්න ඕනෑ මුල් සාක්ෂි මිසක් පසුව වෙනස් කරපු දේවල් නෙවෙයි.
     
    • Like
    Reactions: NRTG

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    නමුත් පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතා මේ සෙල්ලිපිය කියවා තිබෙන්නේ වෙනස් විදිහකටයි. එහි සඳහන් වෙන්නේ ඉඣු සහ අග්ගි කියන පුද්ගලයන් ගැන මිස රාවණා ගැන නෙවෙයි.

    ඒ වගේම පුරාවිද්‍යා විශේෂඥ මාලිනී ඩයස් මහත්මිය කියලා තියෙන්නේ මුල් සෙල්ලිපියේ නැති රාවණාගේ නම පසුව සුදු තීන්තෙන් එකතු කරලා තියෙන බවයි. පසුව එකතු කළ වචනවලින් රාවණා ඇත්තටම ජීවත් වූ රජෙක් කියලා ඔප්පු කරන්න බැහැ. අපි පිළිගන්න ඕනෑ මුල් සාක්ෂි මිසක් පසුව වෙනස් කරපු දේවල් නෙවෙයි.

    එක සෙල්ලිපියක් නෙවෙයි නේ. තව තියෙනවනේ මේ වගේ.

    • Like
    Reactions: NRTG

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,121
    1,235
    113
    එක සෙල්ලිපියක් නෙවෙයි නේ. තව තියෙනවනේ මේ වගේ.

    ඔයාගේ වීඩියෝව මම දැන් බැලුවා

    මේ සෙල්ලිපි ගැන හිටපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෙල්ලිපි පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලිපියක් ලියලා තියෙනවා.ඇය පෙන්වා දෙන්නේ වෙස්සගිරි සෙල්ලිපියේ මුල් කියවීම වෙනස් කරලා රාවණාගේ කතාවට ගැළපෙන විදිහට අර්ථ දක්වා ඇති බවයි.

    රාවණා සැබෑ රජෙක් කියලා ඔප්පු කරන්න නිවැරදි ඓතිහාසික සාක්ෂි අවශ්‍යයි
     
    Last edited:
    • Like
    Reactions: NRTG and waca

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    මේ සෙල්ලිපි ගැන හිටපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සෙල්ලිපි පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලිපියක් ලියලා තියෙනවා.ඇය පෙන්වා දෙන්නේ වෙස්සගිරි සෙල්ලිපියේ මුල් කියවීම වෙනස් කරලා රාවණාගේ කතාවට ගැළපෙන විදිහට අර්ථ දක්වා ඇති බවයි.

    අපි ඒක කියවමු. දාන්න බලන්න ලින්ක් එක.
     
    • Like
    Reactions: NRTG

    Ozzman

    Active member
  • Jul 5, 2008
    641
    77
    28
    HELL
    නැහැ. ඉතිහාසය කියවන්න ඕන පුරා විද්‍යා සංධර්භයත් එක්ක. හිටියනම් මෙලහකට සාක්ෂි හම්බෙලා LIDR technology එකත් එක්ක.