Avengers: Doomsday බලන්න කලින් දැනගන්න ඕන දේවල් share කරගමුද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    ඩූම්ස්ඩේ බලන්න කලින්......#01

    ගොඩක් කස්ටිය අහන දෙයක් තමා කවුද මේ ඩූම් කියන්නේ, අහලවත් නැනේ, ඇයි ශ්‍රේෂ්ඨතම විලන් කියන්නේ......

    ඩූම් හා සම්බන්ධව මාවල් විශ්වයේ ආපු සියලුමම ලයිව් ඇක්ශන් ෆිල්ම්, ඇනිමේශන් ෆිල්ම්, සීරිස් හැමදෙයක්ම අපි පිලිවෙලින් ඔයාලට අද ඉදන් දෙන්නයි යන්නේ😍

    මුලින්ම කියන්න ඕනි ඩූම් හා සම්බන්ධව ආපු ප්‍රධානම සීරිස් හා ෆිල්ම් සියල්ලම සම්බන්ධ වන්නේ The Fantastic Four වලට....

    ඉතින් පලවෙනියටම මේ ෆිල්ම් එක තමා ඩුම් හා සම්බන්ධව ආපු ලයිව් ඇක්ශන් ෆිල්ම් එක....

    බලමු කතාව දෙස,

    විද්‍යාලයේදී හොඳම මිතුරන් වූ රීඩ් රිචඩ්ස් සහ වික්ටර් වොන් ඩූම් එක්ව අභ්‍යවකාශයෙන් පෘථිවිය අසලින් ගමන් කරන "කොලොසස්" (Colossus) නැමැති වල්ගාතරුවක ශක්තිය ලබා ගැනීමට පරීක්ෂණයක් සිදු කරනවා. නමුත් අවාසනාවන්ත ලෙස එම පරීක්ෂණය අසාර්ථක වී සිදුවන පිපිරීමෙන් වික්ටර් දැඩි ලෙස තුවාල ලබන අතර, ඔහු මියගිය බව රීඩ් විශ්වාස කරයි.

    වසර දහයකට පසුව, නැවතත් එම වල්ගාතරුව පෘථිවිය ආසන්නයට පැමිණෙන විට රීඩ්, ඔහුගේ හොඳම මිතුරා වන බෙන් ග්‍රිම්, පෙම්වතිය වන සුසෑන් ස්ටෝම් සහ ඇගේ සොහොයුරු ජොනී ස්ටෝම් සමඟ එකතු වී අභ්‍යවකාශ යානයකින් එම තරුව පරීක්ශා කිරීම සඳහා පිටත්ව යනවා.

    නමුත් "ජුවලර්" (Jeweler) නමැති
    අපරාධකාරයා විසින් මෙම යානයේ ආරක්ෂාවට සහ විකිරණ පාලනයට අවශ්‍ය විශේෂ දියමන්ති කැටය හොරෙන් මාරු කරනු ලබනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස යානය අභ්‍යවකාශයේදී අධික විකිරණ
    වලට ලක්වන අතර, සිව්දෙනාම විවිධ අසාමාන්‍ය බලයන් සහිතව පෘථිවියට කඩා වැටෙයි.

    පෘථිවියට පැමිණි පසු ඔවුන්ට තම ශරීරවල සිදුවූ වෙනස්කම් තේරෙන්න පටන් ගන්නවා,

    - රීඩ් රිචඩ්ස් (Mr. Fantastic): ශරීරය ඕනෑම දිශාවකට ඇදෙනසුලු ස්වභාවයකට පත්වෙයි.

    - සුසෑන් ස්ටෝම් (Invisible Woman): නොපෙනී සිටීමට මෙන්ම ආරක්ෂිත බලශක්ති වළලු මගින් ආරක්ෂාව සැලසීමට හැකිවෙයි.

    - ජොනී ස්ටෝම් (Human Torch): මුළු ශරීරයම ගිනිදැල් බවට පත් කරමින් අහසින් පියාසර කිරීමට හැකිවෙයි.

    - බෙන් ග්‍රිම් (The Thing): විශාල ගල් වැනි ශක්තිමත් ශරීරයක් ඇති රාක්ෂයෙකු බවට පත්වෙයි.

    මේ අතර, අතීතයේ මියගිය බව සිතූ වික්ටර් වොන් ඩූම් සැබවින්ම ජීවතුන් අතර සිටින බවත්, ඔහු ලැට්වේරියාවේ (Latveria) පාලකයා ලෙස "ඩොක්ටර් ඩූම්" (Doctor Doom) නමින් නැගී සිටින බවත් ඔවුන්ට දැනගන්නට ලැබෙයි. ඩූම් විසින් ජුවලර් සමඟ එකතු වී මුළු ලෝකයම විනාශ කිරීමටත්, රීඩ් ඇතුළු පිරිසගෙන් පළිගැනීමටත් සැලසුම් කරයි.

    Film Name:- The Fantastic Four (1994)
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    ඩූම්ස්ඩේ බලන්න කලින්...... #2

    මේකත් 1994 දි ආපු පලවෙනි Fantastic Four හි ප්‍රතිනිර්මාණයක් කිව්වනම් නිවැරදියි...

    විද්‍යාඥයෙකු වන රීඩ් රිචර්ඩ්ස් විශ්වයේ අභ්‍යවකාශ විකිරණ පිළිබඳ පර්යේෂණයක් කිරීමට සැලසුම් කරනවා. මේ සඳහා අවශ්‍ය අරමුදල් සහ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ලබා ගැනීමට ඔහු තමන්ගේ පැරණි මිතුරෙකු වන ප්‍රකෝටිපති ව්‍යාපාරික වික්ටර් වොන් ඩූම් හමුවෙන එක තමා මුල් ටිකේ යන්නේ,

    රීඩ්, ඔහුගේ හොඳම මිතුරා වන බෙන් ග්‍රීම් හිටපු පෙම්වතිය වන සුසාන් ස්ටෝම් ඇගේ සහෝදරයා වන ජොනී ස්ටෝම් සහ වික්ටර් වොන් ඩූම් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන අතර, නමුත් ගණනය කිරීම් වැරදී යාම නිසා සැලසුම් කළ වේලාවට පෙර පැමිණි විශ්ව විකිරණ කුණාටුවකට මොවුන් සියලු දෙනාම නිරාවරණය වෙනවා.

    පෘථිවියට පැමිණි පසු මොවුන් පස්දෙනාගේම ශරීරයන්හි වෙනස්කම් සිදුවී අද්භූත බලයන් ලැබෙයි:

    - Reed Richards (Mr. Fantastic): ශරීරය ඇදෙනසුලු තත්වයට පත්වේ.
    - Susan Storm (Invisible Woman): නොපෙනී යාමට සහ ආරක්ෂිත බලශක්ති කව සෑදීමට හැකිවේ.
    - Johnny Storm (Human Torch): ශරීරයෙන් ගින්දර නිපදවීමට සහ පියාසර කිරීමට හැකිවේ.
    - Ben Grimm (The Thing): ශරීරය ගල් වැනි තද පස් තට්ටුවකින් වැසී විශාල ශක්තියක් ලැබෙයි.

    බෙන්ගේ ශරීරය සාමාන්‍ය තත්වයට පත් කිරීමට රීඩ් උත්සාහ කරන අතරතුර, වික්ටර් වොන් ඩූම් සිය බලය භාවිත කරන අතර එය නගරයට තර්ජනයක් වෙයි. අවසානයේදී මෙම සතරදෙනා එකමුතු වී "Fantastic Four" ලෙස එක්වී Doctor Doom ව පරාජය කර නගරය බේරා ගනී.

    මේකත් හරියටම ඩූම් කවුද කියලා පෙන්නන ෆිල්ම් එකක් නෙමෙයි, ඩූම් කියන්නේ අතිවිශිශ්ටතම බලයක් තියෙන ශ්‍රේෂ්ඨතම විලන් කෙනෙක්🔥

    ඒ වගේම ඩූම්ව පරද්දන්න විශාල කැපකිරීමක් කරන්නේ Fantastic Four ප්‍රමුඛ රීඩ් රිචඩ්ස් වැනි අය, මෙතනින් රීඩ් විශේශයි, ඒ බව Secret War එකේදි ඔයාලට තෙරෙයි, ඩූම්ව පරාද කරන්න විශාලම හැකියාවක් වගේම ඩූම්ගේ බලග උරාගෙන ඩොක්ටර් ඩූම්ව නැවත සාමන්‍ය තත්වෙට පත් කරන්නත් පුලුවන් රීඩ්ට තමා🔥

    අපි ඒවා පස්සෙ කතා කරමුකෝ..

    ඩූම්ස්ඩේ බලන්න කලින්......#3

    Fantastic Four: Rise of the Silver Surfer (2007) කියන්නේ ඩූම්ස්ඩේ බලන්න කලින් ඔයා බලන්න ඕනි තුන්වෙනි ෆිල්ම් එක😌👌

    මේවා වෙන කවුරුත් කියපුවා නෙමේ, MCF අපි කියන, අපි ගාව විතරක්ම තියෙන ෆිල්ම් මෙව්වා, සුපිරිමම කොලටියෙන් අප්ලෝඩ් කරලා තියෙන්නේ..😉👌

    කතාව පැත්තට ගියොත්,

    Reed Richards (Mr. Fantastic) සහ Sue Storm (Invisible Woman) ගේ මගුල් ගෙදර සඳහා මුළු ලෝකයම සූදානම් වෙමින් පවතින අතරතුර, පෘථිවියට අමුතුම ආකාරයේ තර්ජනයක් එල්ල වෙනවා.

    අභ්‍යවකාශයෙන් පැමිණෙන රිදී පැහැති අද්භූත ජීවියෙක් (Silver Surfer) පෘථිවියේ විවිධ ස්ථානවල විශාල ආවාට නිර්මාණය කරමින් සහ කාලගුණය වෙනස් කරමින් සැරිසරනවා. Sue සහ Reed ගේ විවාහ උත්සවය අතරතුරදීත් මේ Silver Surfer පැමිණෙන අතර, Johnny Storm (Human Torch) ඔහු පසුපස හඹා යනවා. එහිදී Silver Surfer ගේ බලපෑම නිසා Johnny ගේ ශරීරයේ අමුතු වෙනසක් සිදුවෙනවා, ඒක ෆිල්ම් එක බලලම දැනගන්නකෝ....

    Silver Surfer ගේ පැමිණීමත් සමඟ ඇති වූ විශ්ව ශක්තිය නිසා, කලින් චිත්‍රපටයේදී ලෝහ පිළිමයක් බවට පත් වූ Doctor Doom නැවත පණ ලබනවා. ඔහු Silver Surfer සමඟ එකතු වීමට උත්සාහ කළත්, Surfer ඔහුව ප්‍රතික්ෂේප කර ප්‍රහාරයක් එල්ල කරනවා. පසුව Doctor Doom හමුදාව සමඟ එකතු වී, Fantastic Four කණ්ඩායමේ සහාය ඇතිව Silver Surfer ව අල්ලා ගැනීමට සැලසුම් කරනවා.

    Fantastic Four කණ්ඩායම Silver Surfer ව අල්ලා ගැනීමට සමත් වෙන අතර, Sue Storm විසින් Silver Surfer සමඟ කතා කරද්දී ඔහු හෙළි කරනවා:

    * ඔහු පෘථිවිය විනාශ කිරීමට පැමිණි සතුරෙක් නෙවෙයි.
    * ඔහු සේවය කරන්නේ Galactus නැමැති ග්‍රහලෝක ගිලදමන දැවැන්ත විශ්වීය රාක්ෂයාටයි.
    * තමන්ගේම ග්‍රහලෝකය සහ පෙම්වතියව බේරාගැනීම සඳහා ඔහු Galactus ගේ පණිවිඩකරුවා ලෙස වැඩ කිරීමට ගිවිසගෙන තිබෙනවා.
    * ඔහු යම් ග්‍රහලෝකයකට පැමිණි පසු Galactus පැමිණ එම ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනවා.

    මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා Doctor Doom, Silver Surfer ගේ Board එක සොරකම් කරගෙන විශාල බලයක් ලබාගෙන පලා යනවා.
    Fantastic Four කණ්ඩායම Doom පසුපස යන අතර, එහිදී සිදුවන සටනේදී Sue Storm බරපතල ලෙස තුවාල ලබා මිය යනවා. Doom ව පරාජය කිරීම සඳහා Johnny Storm, කණ්ඩායමේ අනික් තිදෙනාගේම බලයන් (Superpowers) තමන් වෙත ලබාගෙන Super-powered Johnny ලෙස Doom සමඟ සටන් කර ඔහුව පරාජය කර Board එක නිදහස් කරගන්නවා.

    එතනින් පසුව Galactus පරාද කරන ආකාරය ඔයා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ😌
    ------ Post added on Nov 24, 2026 at 9:32 PM

    ඩූම්ස්ඩේ බලන්න කලින් …..#4

    මුලින්ම කියන්න ඕනි මේක කලින් ආපු Fantastic Four ෆිල්ම් සෙට් එකේම ෆීක්වල් එකක් විදියට ආපු ෆිල්ම් එකක්, ඉතින් මේක ඔයා බලන්නම ඕනි ෆිල්ම් එකක් නෙමෙයි...

    මොකද මේකෙ ස්ටෝරිය ඔයා Fantastic Four 2005 ෆිල්ම් එකේදි දැකලත් තියේ ඉතින්,

    කතාව ගැන කිව්වොත්,

    කුඩා කාලයේ සිටම මිතුරන් වන Reed Richards සහ Ben Grimm එකතුවී වෙනත් මානයකට දේවල් යැවිය හැකි Teleportation යන්ත්‍රයක් නිපදවනවා. Science Fair එකකදී මොවුන්ගේ මෙම සොයාගැනීම දකින Dr. Franklin Storm සහ ඔහුගේ දියණිය වන Sue Storm, රීඩ්ට තමන්ගේ ආයතනයට එකතු වී මෙය විශාල මට්ටමින් නිර්මාණය කිරීමට ඇරයුම් කරනවා.

    මෙම ව්‍යාපෘතිය සඳහා Dr. Stormගේ පුතා වන Johnny Storm සහ කලින් මෙම පර්යේෂණයේ යෙදී සිටි Victor Von Doom ද එකතු වෙනවා. මොවුන් සියල්ලන් එකතු වී "Quantum Gate" නමැති යන්ත්‍රය සාර්ථකව නිර්මාණය කරනවා. මෙමගින් වෙනත් මානයක පිහිටි "Planet Zero" නමැති ග්‍රහලෝකයට ගමන් කළ හැකි වෙනවා.

    තමන් මහන්සි වී හදපු යන්ත්‍රයේ පළමු ගමන තමන්ම යා යුතුයි කියා සිතන Reed, Ben, Johnny සහ Victor රහසින් Planet Zero වෙත යනවා.
    එහිදී ඔවුන්ට අමුතු ශක්ති ප්‍රභවයක් හමු වන අතර, එහිදී සිදුවන හදිසි අනතුරකින් Victor එම ග්‍රහලෝකයේ අගාධයකට වැටී අතුරුදහන් වෙනවා. ඉතිරි තිදෙනා නැවත පෘථිවියට පැමිණීමට යන්ත්‍රය ක්‍රියාත්මක කරන විට සිදුවන පිපිරීමෙන් පිටත සිටි Sue ටද එහි බලපෑම එල්ල වෙනවා.

    මේ අනතුර නිසා ඔවුන් හතරදෙනාගේ ශරීර විකෘති වී අසාමාන්‍ය බලයන් (Superpowers) ලැබෙනවා:

    වසරකට පසු, රජයේ හමුදාව මොවුන්ගේ බලයන් යුධ කටයුතු සඳහා යොදා ගැනීමට උත්සාහ කරනවා. මේ අතරතුර හමුදා කණ්ඩායමක් නැවත Planet Zero වෙත ගොස් එහි අතහැර දමා සිටි Victor ව සොයාගන්නවා. නමුත් Planet Zero හි තිබූ ශක්තිය නිසා Victor ගේ ශරීරය ඔහුගේ ආරක්ෂිත ඇඳුම සමඟ බද්ධ වී "Doctor Doom" බවට පත්වී තිබෙනවා..

    Doctor Doom ට ඕන කරන්නේ Planet Zero හි ශක්තිය යොදාගෙන පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමටයි. ඔහු Quantum Gate එක හරහා පෘථිවියේ කොටස් Planet Zero වෙත ඇද ගැනීමට කළු කුහරයක් නිර්මාණය කරනවා.

    ඊට පසු ටික ඔයාම බලලා තිරණය කරන්නකෝ එහෙනම්...
    ------ Post added on Nov 24, 2026 at 9:33 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,257
    104,410
    113
    මුං මේ කතාව හරියට build කරේ නෑ. කලින් ඒවගේ hype එකෙන්මයි දුවන්නේ. තානොස්ගේ එකේ ගාණට ඒක තිබ්බ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    ඩූම්ස්ඩේ බලන්න කලින්….#5

    ඔයා කලින් Fantastic Four ෆිල්ම් 4ම නොබැලුවත්, අනිවාරෙන්ම බලන්න ඕනි ෆිල්ම් එක තමා The Fantastic Four: First Steps කියන්නේ,

    මොකද ඩූම්ස්ඩේ වල ඉන්න ඩොක්ටර් ඩුම් ගැන මුලින්ම හදුන්වන්නේ මෙකෙදි, ඒ වගේම මාවල් විශ්වයේ සිටින බලගතුම ඔමේගා මියුටන්ට් එහෙම නැත්තම් බලගතුම සුපර් හීරෝ වන ෆ්‍රෑන්ක්ලින් රිචඩ් ගැන මුලින්ම පෙන්නන්නේ මෙතනදි,

    අපි කතාවට ගියොත්,

    මෙම චිත්‍රපටයේ කතාව සිදු වන්නේ 1960 ගණන්වල වෙනස්ම විශ්වයක වගේම වෙනත් පෘථිවියක (Earth-828) තාක්ෂණයෙන් පිරි ලෝකයකයි.

    රීඩ් සහ සු යුවළට දරුවෙකු ලැබෙන්නට යන බව ප්‍රකාශ වන අතර, මුළු ලෝකයම එම දරුවා ගැන අවධානයෙන් පසුවෙනවා, ඒ තමා මාවල් විශ්වයේ Most Powerfull සුපර් හීරෝ😍

    මේ අතරතුර, පෘථිවිය විනාශ කිරීමට Silver Surfer පැමිණෙන අතර, ඇය පවසන්නේ ග්‍රහලෝක ආහාරයට ගන්නා විශ්වීය බලවේගයක් වන Galactus පෘථිවිය විනාශ කිරීමට එන බවයි.

    Fantastic Four කණ්ඩායම Galactus ව හමුවීමට අභ්‍යවකාශයට යන විට, Galactus පවසන්නේ සු ස්ටෝම්ගේ ගැබේ සිටින දරුවාට (ෆ්‍රෑන්ක්ලින්ට) අසීමිත cosmic බලයක් ඇති බවයි. Galactusගේ සදාකාලික බඩගින්න නැති කිරීමට මෙම දරුවාට හැකි බව පවසමින්, දරුවා තමාට දුන්නොත් පෘථිවිය බේරා දෙන බවට Galactus යෝජනා කරයි.

    (ෆ්‍රෑන්ක්ලින් රිචඩ්ගේ මෙම අසීමිත බලයෙහි ඇති විශේශතා මෙන්ම, මොනවද පවර්ස් කියලා අපි ඊලග ලිපියෙන් කතා කරමු)

    නමුත්, Fantastic Four කණ්ඩායම තම දරුවා ලබා දීම ප්‍රතික්ෂේප කර පෘථිවියට පැමිණෙයි. සු ස්ටෝම්, ෆ්‍රෑන්ක්ලින් දරුවාට උපත ලබා දෙයි.

    අවසානයේ රීඩ්ගේ ටෙලිපෝටේෂන් තාක්ෂණය සහ සුගේ බලයන් භාවිත කරමින් Galactus ව වෙනත් ද්වාරයකට (Portal) තල්ලු කර පෘථිවිය බේරා ගැනීමට ඔවුන් සමත් වේ.

    රිචඩ්ගේ බලය කොතරම්ද කිවහොත්, අවසානයේ Galactus සමඟ සටනින් පසු මිය යන සු ස්ටෝම්ව නැවත පණගන්වන්නේ කුඩා ෆ්‍රෑන්ක්ලින් විසිනි, ඔය බබා කාලෙ ෆ්‍රෑන්ක්ලින්, ලොකු වෙනකොට හිතාගන්න බැරි බලයක් එන්නේ, ඒ ඔක්කොම ඊලහ ලිපියෙන් කතා කරමු,

    ඩොක්ටර් ඩූම් සහ ෆ්‍රෑන්ක්ලින්ගේ සම්බන්ධය

    The Fantastic Four: First Steps චිත්‍රපටයේ ප්‍රධාන දුෂ්ටයා Galactus වූවත්, චිත්‍රපටයේ අවසාන කොටසේදි ඩොක්ටර් ඩූම් ගේ විශේෂ හඳුන්වාදීමක් සිදුවේ.

    වසර කිහිපයකට පසු, කුඩා ෆ්‍රෑන්ක්ලින් රිචඩ්ස් තනිවම සිටින විට hooded ඇඳුමකින් සැරසුණු Doctor Doom ඔහු අසලට පැමිණෙයි.

    ඩූම් කුඩා ෆ්‍රෑන්ක්ලින් ඉදිරියේ තමාගේ සූට් එකේ මුහුණ ආවරණය ඉවත් කර, දරුවාගේ විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරයි.

    මොකද ඩූම් දන්නවා ෆ්‍රෑන්ක්ලින් සතුව මුළු මල්ටිවර්ස් (Multiverse) එකම වෙනස් කළ හැකි අසීමිත යථාර්ථයන් වෙනස් කිරීමේ බලයක් ඇති බව. ඩූම් උත්සාහ කරන්නේ ෆ්‍රෑන්ක්ලින්ගේ මේ අසීමිත cosmic බලය තමාගේ වාසියට සහ මුළු විශ්වයම තමාට අවශ්‍ය පරිදි පාලනය කිරීමට වෙන්න පුලුවන්...

    ඒ ගැන ඊලග ලිපියෙන් කතා කරමු😻

    අද අපි,මාවල් විශ්වයේ ශ්‍රේෂ්ඨතම දුශ්ඨයා වන ඩොක්ටර් ඩූම්ගේ බලයන් මොනවද කියලා දැනගමු✅

    - ඉතා ඉහළ මට්ටමේ මායා බලයන්: Doctor Strange ට පසුව Marvel විශ්වයේ සිටින ප්‍රබලතම මායාකාරයෙක් වන අතර, ශාප කිරීම්, ආරක්ෂිත බලප්‍රදේශ සෑදීම සහ වෙනත් මානයන්ගෙන් ශක්තිය ලබාගැනීමට ඔහුට හැකිය.

    - ටෙලිපෝටර් වීම: මායා බලයෙන් ස්ථානයකින් ස්ථානයකට ක්ෂණිකව ගමන් කිරීම.

    - වෙනත් මානයන්හි සිටින රක්ෂසයින් සහ ශක්තීන් කැඳවීම.

    - ඊලගට ඔහුගේ සන්නාහය නිසා අධික ශාරීරික ශක්තියක් සහ ඕනෑම ප්‍රහාරයකට ඔරොත්තු දීමේ හැකියාවක් ලැබේ. (මෙය ඉතාමත්ම ඉහල ප්‍රභලම බලයකි💥)

    - දෑත්වලින් ප්‍රබල විද්‍යුත් කිරණ නිකුත් කිරීම. (තෝර්ව විසි කීරීම මතක ඇති)

    - Force Fields: බෝම්බ, න්‍යෂ්ටික ප්‍රහාර සහ මායා ප්‍රහාරවලින් ආරක්ෂා විය හැකි ප්‍රබල ශක්ති වැටවල් නිර්මාණය කිරීමට ඇති හැකියාව🔥

    බුද්ධිය සහ විද්‍යාත්මක දැනුම

    - ලෝකයේ සිටින එක් බුද්ධිමත්ම චරිතයක් වන Reed Richards (Mister Fantastic) ට සම කළ හැකි සුපිරි බුද්ධියක් ඇත.

    - Doombots: තමා ලෙසම ක්‍රියාකරන, සටන් කළ හැකි රොබෝවරුන් නිර්මාණය කිරීම.

    - Time Travel: කාල තරණය සඳහා යන්ත්‍ර (Time Platform) නිර්මාණය කිරීම.

    මනෝමය බලයන්

    - මනස තීරණය කිරීම: වෙනත් කෙනෙකු දෙස බලා සිටීමෙන් පමණක් තමාගේ මනස එම පුද්ගලයාගේ ශරීරයට මාරු කිරීමේ හැකියාව (Ovoid පිටසක්වලයින්ගෙන් උගත් ශිල්පයකි)

    - මනස පාලනය කිරීම: අන් අයගේ මනස පාලනය කිරීම සහ වශී කිරීම.

    අනික තමා කපටි බුද්ධිය, හිතාගන්න බැරිවෙලා, ඇඹරිලා යන්න තමා ඩූම් ප්ලෑන් කරන්නේ🔥

    හිතලා බලන්නකෝ මුලු මාවල් විශ්වයෙන්ම තනිවම ගේම ඉල්ලනව කියන්නේ, මොන තරම් සුපිරි ප්ලෑන් එකක් එක්ක වැඩ කරනවා ඇතිද?
    ------ Post added on Nov 24, 2026 at 9:35 PM

    ඩොක්ටර් ඩූම්ව පරාද කල හැක්කේ කාටද?

    මල්ටිවර්ස් එකක් පවා නැවත ක්‍රියේට් කල හැකි, මාවල් විශ්වයේ තවත් එක් බලගතුම එහෙම නැත්තම් සර්වබලධාරියෙකු ලෙස සැලකෙන (Most Powerful Super Hero) වන ෆ්‍රෑන්ක්ලින් රිචඩ් කවුද කියලා බලමු,

    Marvel Universe එකේ සිටින තවත් එක් බලවත්ම සූපර්හීරෝ වන ෆ්‍රෑන්ක්ලින් රිචර්ඩ්ස් Omega-Level Mutant කෙනෙක්ටත් වඩා Cosmics පවර්ස් ඇති කෙනෙකි. ඒ වගේම X-Men ලගේ ඉන්න ජීන් ග්‍රේ කියන්නෙත් Omega-Level Mutant කෙනෙක්,

    ඒ වගේම කියන්න ඕනි Pheonix Force ජීන් ග්‍රේ කියන්නේ ෆ්‍රෑන්ක්ලින්ටත් වඩා මාරම බලවත් කෙනෙක් හොදේ...

    (ජීන් ග්‍රේ වගේම වන්ඩා ගැන ඉස්සරහට ලිපි අරන් එන්නම්)

    රිචඩ්ගේ දෙමව්පියන් වෙන්නේ ,

    - පියා: රීඩ් රිචඩ්ස් / මිස්ටර් ෆැන්ටෑස්ටික් (Reed Richards / Mr. Fantastic)

    - මව: සුසාන් ස්ටෝම් / ඉන්විසිබල් වුමන් (Susan Storm / Invisible Woman)

    රිචඩ්ගේ ඔහුගේ ප්‍රධාන බලයන් මෙසේය:

    - යථාර්ථය වෙනස් කිරීම: තමන් සිතන ඕනෑම දෙයක් යථාර්ථයක් බවට පත්කිරීමේ හැකියාව ඇත ඔහුට අලුත් මන්දාකිණි සහ විශ්වයන් - මල්ටිවර්ස් පවා මනසින් නිර්මාණය කළ හැක.
    (උදාහරණයක් ලෙස Heroes Reborn කථාංගයේදී ප්‍රධාන Marvel විශ්වය බේරා ගැනීමට අලුත් විශ්වයක් තැනීම)

    - තාත්විකත්වය වෙනස් කිරීම : මොහුගේ ප්‍රධානතම බලයයි. තමන් සිතන හෝ කැමති ඕනෑම දෙයක් ක්ෂණයෙන් සත්‍යයක් බවට පත් කිරීමට ඔහුට පුළුවන්. (මතකනේ Fantastic Four: First Step වල අම්මට පන දුන්නා😌)

    - ඕනෑම පදාර්ථයක හෝ ශක්තියක අණුක ව්‍යුහය (molecular structure) තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමේ හැකියාවක් තිබීම.

    - අන් අයගේ සිතිවිලි පාලනය කිරීම, මනසින් සන්නිවේදනය කිරීම මෙන්ම ඕනෑම විශාල වස්තුවක් මනසින් එසවීම සහ පාලනය කිරීමට ඇති හැකියාව. (ඕනිම විශාල වස්තුවක් කියන්නේ එය ග්‍රහලෝකයක් උනත් විය හැකියි)

    - අනාගතය දැකීම: සිහින මාර්ගයෙන් හෝ සිහියෙන් සිටින විට අනාගතයේ සිදුවීමට නියමිත දේවල් පූර්වයෙන් දැකීමේ හැකියාව. (මතකද X-Men වලදි ජීන් හීනෙන් අනාගතය දකිනවා, ඔමේගා ලෙවල් මියුටන්ට්ලගෙ ප්‍රධානම බලයක් ඒක💥)

    - කාලය හරහා ගමන් කිරීම සහ කාලයේ ගලා යාම, ටයිම් ලයින් පාලනය කිරීම. (ඒ කියන්නේ රිචඩ්ට ඕනිනම් පුලුවන් ඩූම්ව වෙනම ටයිම් ලයින් එකකට යවන්නත්)

    - අමරණිය භාවය: අනාගතයේදී Galactus වැනි විශ්වීය බලවේග පවා තමන්ගේ සේවකයන් බවට පත් කරගැනීමට තරම් ඔහු ප්‍රබල වන අතර, ඔහු විශ්වයේ අවසානය දක්වාම ජීවත් වන අමරණීය අයෙක් ලෙස හදුන්වන්න පුලුවන්

    හිතාගන්න පුලුවන්නේ බලයේ තරම, ඉතින් ඩූම් මේ මල්ටිවර්ස් එක විනාශ කරලා බැට්ල්වර්ල්ඩ් එක හදන කොට ආයි ඒක හරිගස්සන්නේ ෆ්‍රැන්ක්ලින් තමා, ආ ආ ඒවා ඉස්සරහට කතා කරමු

    රිචඩ් කොතරම් බලවත්ද යත්, Marvel හි සිටින Galactus සහ Celestials වැනි විශ්වීය දෙවිවරුන්ටත් වඩා වැඩි බලයක් ඔහු සතු වේ.

    ඩූම් හා රිචඩ් අතරින් වැඩියෙන්ම බලවත් කවුද?

    උත්තරේ සරලයි, ඩූම් කියන්නේ රිචඩ් ඉස්සරහ සෙල්ලම් බඩුවක් හා සමානයි, ඒ තරම් බලයක් රිචඩ්ට තියේ..

    ඩූම් විශේශ වන්නේ ඔහුගේ කපටි මොලේ නිසා, ඩූම්ට තියෙන්නෙ අතිවිශිශ්ටතම මොලයක්, ඒ නිසා මාරම ගේම් ටිකක් මොලෙන් ගහන්නේ, සරලවම නරියෙක් වගේ කපටි චරිතයක් ඩූම් කියන්නේ..

    ජීන් ග්‍රේ එයාගේ විශ්වීය එහෙම නැත්තම් Cosmics Phoenix Force බලයට ආවොත් එහෙම ඩූම්ගේ කෑලිවත් ඉතුරු වෙන්නේ නෑ, ඒ ගැන ඉස්සරහට ලිපියක් ගේන්නම්,

    ඊලග ලිපියෙන් ඩූම්ගෙ බලයන් ගැන කතා කරලා ඊට පස්සේ බැට්ල්වර්ල්ඩ් එක ගැන කතා කරමු📌
    ------ Post added on Nov 24, 2026 at 9:35 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    අද අපි බලමු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් හා ඩොක්ටර් ඩූම් අතර පැවතුනු සම්බන්ධතාවය ගැන💪🔥

    මේ ගැන සම්පුර්ණයෙන්ම විස්තර වෙන්නේ Secret War (2015) කොමික් එකේදි, ඒ කියන්නේ සරලවම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඇවේන්ජර්ස්ලව පාවා දීලා ඩොක්ටර් ඩූම්ට එකතු වෙන්නේ Secret War එකේදි, ඒ කියන්නේ බැට්ල්වර්ඩ් එක හදන කොට,

    අපි එකින් එක දැනගමු මේ ගැන....

    1. පසුබිම: මල්ටිවර්ස් එකේ විනාශය (The Incursions)

    Marvel විශ්වයේ සියලුම සමාන්තර විශ්වයන් එකින් එක විනාශ වෙමින් පැවතනා මෙය හැඳින්වූයේ "Incursions" ලෙස, මතකද Encore වල Post Credit සීන් එකේ TVA එකේදි කියනවා Incrusions කියලා අන්න ඒක තමා ඒ කියන්නේ සරලවම, විශ්වයන් කිහිපයක පෘථිවියන් එකිනෙක ගැටී විශ්වයන් සියල්ලම සම්පූර්ණයෙන්ම විනාශ වී යාමයි.

    මෙම විනාශය පිටුපස සිටියේ Beyonders නම් අතිශය බලවත්, දෙවිවරුන්ටත් වඩා ඉහළින් සිටි ජීවීන් කොට්ඨාසයකි. දැනට Beyonders වල අපිට මාවල් ලයිව් ඇක්ශන් එකක දැකගන්න හැකි වුනේ Thor: Love and Thunder වලදි, ඔවුන් සියලුම විශ්වයන් එකවර පුපුරුවා හැරීමට සැලසුම් කර තිබුනු අතර, මේ සඳහා ඔවුන් සෑම විශ්වයකම සිටින Molecule Man (Owen Reece) නම් චරිතය බෝම්බයක් ලෙස යොදා ගත්හ.

    Own Reece ගැන එහෙම ඔයාලා ලොකුවට හිතන්න එපා, කොමික් වල තියෙනවා වගේ ලොකුවට Doomsday, Secret War වගේ ෆිල්ම් වල මේවා ලොකුවට විස්තර කරන එකක් නෑ, එහෙම උනොත් ෆිල්ම් එක බලන කෙනාට විකාර වෙනවා, මුලු කොමික් එකම ෆිල්ම් එකක පෙන්නුවොත්...

    අනික කොමික් ගැන කිසිමම දෙයක් දන්නේ නැතුව මේවා හෝල් වල බලන්න ගිහින් ඔලුව විකාර වෙයි...😂

    2. Strange, Doom සහ Molecule Man ගේ එකමුතුව

    මෙම විනාශය නැවැත්වීමට Avengers ලා ගත්තු සියලු උත්සාහයන් අසාර්ථක වෙද්දී, Doctor Doom විසින් Doctor Strange සමඟ එක්ව රහසිගත සැලැස්මක් දියත් කරනවා...

    ඔවුන් දෙදෙනා විශ්වයන් අතර සැරිසරමින්, විවිධ විශ්වයන්හි සිටි Molecule Man ලාව එකතු කරමින් ඔවුන්ව පුපුරා යාමට පෙර ඝාතනය කරනවා. මෙමගින් Beyonders ලාගේ බලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම ප්‍රමාද කිරීමට ඔවුන්ට හැකි වෙනවා....

    අවසානයේදි විශ්වයන් දෙකක් වන (Earth-616 සහ Earth-1610) පමණක් ඉතිරිව තිබියදී, Strange, Doom සහ ඉතිරිව සිටි Molecule Man එක්ව Beyonders ලාට මුහුණ දීමට ඔවුන්ගේ ලෝකයට එනම් දැන් අපි ඉන්න පෘථිවියට එනවා...

    මොකද ඩූම් හා ස්ට්‍රේන්ජ් කියන්නේ මේ විශ්වයේ ඉන්න බලගතුම මායාකරයන් දෙදෙනා, ස්කාලට් විච් Cosmics පවර් නිසා මාරම පවර්ෆුල් උනාට (ඇත්තම කිව්වොත් ස්කාලට් විච් No more Mutants ) කියලා කිව්වම මේ ලෝකයේ ඔක්කොම X-Men Mutant ලා ආරම්භයෙන්ම වද වෙලා ගියා, ඒ තරම් පවර් එකක් ස්කාලට් විච්ට තියේ, නමුත් මැජික් පවර් එකක් නෙමේ Cosmics පවර් එකක් තියෙන්නේ, ජීන්ට වගේ..

    ජීන්ගේ Pheonix Force කියන Cosmics පවර් එක හරියට පාලනය කරානම්, ඩූම් සෙත්තපෝච්චි ඉතින්😂👍

    3. Beyonders ලාව පරාජය කිරීම සහ God Emperor Doom බවට පත්වීම

    Beyonders ලා ඉදිරියට ගිය Doom, Strange සහ Molecule Man විශාල උගුලක් අටවනවා,

    ඔවුන් එකතු කරගත් සියලුම Molecule Man ලාගේ ශක්තිය එක් රැස් කර, Beyonders ලා වෙත මුදා හරිනවා, ඔවුන්ගේ මායාවන් යූස් කරලා..

    එම දැවැන්ත පිපිරීමෙන් Beyonders ලා සියලු දෙනා විනාශ වෙන නමුත් ඒ සමඟම ඉතිරිව තිබූ මුළු මල්ටිවර්ස් එකම සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා (මේ ටික හොදට මතක තියාගන්න, Secret War ෆිල්ම් එකේ බැට්ල්වර්ඩ් එක හදන්න
    ගන්නේ මෙතනින්....)

    ඒ වගෙම ඔයා කොමික් කියවලා නැත්තම් ඔය බියෝන්ඩර්ස්ලා ගැන හිතන්න එපා ඒක මාරම සංකීර්ණයි, මේවා ලයිව් ඇක්ශන් ෆිල්ම් වල ලොකුවට පෙන්නනේ නෑ, නිකන් පෙන්නලා දායි, බියෝන්ඩර්ස්ලා කියන ජීවි කොට්ඨාශය ඉන්නේ අපේ මල්ටිවර්ස් එක තුල නෙමේ, ඔවුන් ඉන්නේ වෙනමම Realm එකක, ඒවා හිතන්නවත් එපා එච්චරයි🤫

    Beyonders ලා විනාශ වීමත් සමඟ, ඔවුන් සතුව තිබූ අසීමිත මැවීමේ බලය (Omnipotent Power) Molecule Man තුළට උරා ගන්නවා....

    Molecule Man එම අසීමිත බලය ඒ කියන්නේ බියෝන්ඩර්ස්ලගේ හිතාගන්න බැරි බලය Doctor Strange හට ලබා දීමට ඉදිරිපත් වුවද, තමාට එවැනි දේව බලයක් පාලනය කළ නොහැකි බව පවසමින් Strange එය ප්‍රතික්ෂේප කරන අතර, අන්න වහාම ඉදිරියට පැමිණි Doctor Doom එම බලය තමා වෙත ලබා ගත් අතර ඒ සමඟම ඔහු මුළු විශ්වයේම සර්වබලධාරී දෙවියා බවට පත් විය (God Emperor Doom).

    4. Battleworld නිර්මාණය කිරීම

    මුළු විශ්වයම හිස් අවකාශයක් බවට පත්ව තිබූ මොහොතේ, God Emperor Doom තම නව බලය පාවිච්චි කර විනාශ වූ විශ්වයන්ගේ ඉතිරි වී තිබූ කුඩා කොටස් එකට එකතු කර Battleworld නමින් නව ග්‍රහලෝකයක් (Patchwork Planet) නිර්මාණය කරන්න පටන් ගන්නවා, Battleworld කියන්නේ ඩූම්ගෙම ග්‍රහලෝකයට (Battleworld හදනකොට මුලු විශ්වයම විනාශ වෙලා ඉවරයි ඇවේන්ජර්ස්ලා, X-Men ලා, Fantastic Four හැමොම දැන් විසිරිලා එක එක කෑලි වල ඉන්නේ)

    5. Doom ගේ පාලනය

    Battleworld හි සිටින සියලුම දෙනාට (Thor, Captain Marvel, X-Men ආදී සියලු වීරයන්ට) තමන්ගේ පැරණි මතකයන් අමතක වන ලෙස Doom කටයුතු කරන අතර, ඔවුන් සිතුවේ Doom යනු සදාකාලික දෙවියන් වහන්සේ බවත්, Battleworld යනු පැවති එකම ලෝකය බවත්ය.

    6. Sheriff Strange වූ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්

    පැරණි විශ්වය ගැන මතකය තිබුණේ Doom ට සහ Doctor Strange ට පමණක් වන අතර, Strange තම මිතුරා වූ Doom ගේ මෙම නව ලෝකයේ "Sheriff" (ප්‍රධාන විනිසුරු සහ පරිපාලක) ලෙස කටයුතු කරමින් Doom ගේ නීති ආරක්ෂා කිරීමට එකඟ විය. (මන්ද, මුළු විශ්වයම විනාශ වී තිබූ අවස්ථාවක, ජීවීන් බේරාගැනීමට තිබූ එකම ක්‍රමය Battleworld බව Strange පිළිගත් බැවිනි).

    7. Doom ගේ පවුල

    Doom තමන්ගේ පරම සතුරා වූ Reed Richards (Mr. Fantastic) ගේ බිරිඳ වන Sue Storm ව තම බිරිඳ ලෙසත්, ඔවුන්ගේ දරුවන් තම දරුවන් ලෙසත් මතකයන් වෙනස් කර තමා ළඟ තබා ගැනීමටද කටයුතු කරා...

    8. Strange ගේ පාවාදීම සහ මරණය

    වසර 8ක් පමණ Battleworld සාමකාමීව පැවතුණි. නමුත් පැරණි විශ්වය විනාශ වීමට පෙර විශේෂ යානා (Life Rafts) දෙකක සැඟවී සිටි පිරිසක් (Reed Richards, Thanos, Black Panther, Spider-Man ඇතුළු පිරිසක්) Battleworld වෙත පැමිණීමත් සමඟ සියල්ල වෙනස් වීමට පටන් ගන්නවා,

    Battleworld කාලයේදි මචන්ලා තානෝස් කියන්නේ ඩූම්ගේ හතුරෙක්, නමුත් ඇවේන්ජර්ස්ලගේ යාලුවෙක් විදියට තමා පෙන්නන්නේ..

    ඒකයි කලින්ම කිව්වේ ෆිල්ම් බලන්න හෝල් එකට යනකොට මේ සියල්ලම පෙන්නන එකක් නෑ, හිතන්නත් එපා පෙන්නන දේ රසවිදලා එන්න...

    Doctor Strange හට මෙම පිරිස මුණගැසුණු අතර, ඔවුන් දුටු විගස තමන් Doom සමඟ එක්ව කරන්නේ වරදක් බව Strange හට වැටහුණි.

    මෙය දැනගත් God Emperor Doom වහාම එම ස්ථානයට පැමිණි අතර, Reed Richards ව දුටු Doom දැඩි කෝපයට පත්ව සියල්ලන්වම විනාශ කිරීමට සූදානම් විය.

    වීරයන්ව බේරාගැනීම සඳහා, Doctor Strange තම මායා බලය පාවිච්චි කර Reed Richards ඇතුළු පිරිස Battleworld හි විවිධ ප්‍රදේශවලට ආරක්ෂිතව අතුරුදන් (Teleport) කළහ.

    තමන්ගේ විශ්වාසවන්තම මිතුරා තමාව පාවා දීම ගැන දැඩි කෝපයට පත් වූ Doom, තම දේව බලය පාවිච්චි කර එම මොහොතේම Doctor Strange ව ඝාතනය කළේය.

    9. Battleworld හි අවසානය

    Strange මිය ගියද, ඔහු බේරාගත් Reed Richards සහ Black Panther එක්ව Molecule Man සැඟවී සිටි ස්ථානය සොයා ගත් අතර, Molecule Man විසින් Doom ගේ God Emperor බලය ඉවත් කිරීමත් සමඟ Doom සාමාන්‍ය මිනිසෙකු බවට පත් විය.

    අවසානයේ Reed Richards, Molecule Man සහ ඔහුගේ පුත් Franklin Richards එක්ව විනාශ වූ මල්ටිවර්ස් එක නැවත නිර්මාණය කළ අතර, Doctor Strange ඇතුළු සියලුම වීරයන් නැවත ජීවය ලබා තමන්ගේ සුපුරුදු විශ්වයන් වෙත පැමිණියහ.

    ෆ්‍රෑන්ක්ලින් රිචඩ් කියන්නේ ඩූම්ටවත් හිතාගන්න බැරි බලයක් තිබ්බ පුංචි කොල්ලෙක්, ඔහුට පුලුවන් මනසින් මල්ටිවර්ස් එකක් ක්‍රියේට් කරන්න, ඒ තරම් බලයක් ඔහුට තියෙනවා...ඒ පිලිබදව අපේ පහුගිය ලිපි වල වෙනමම ලිපියක් ගෙනවා මතක ඇති...

    ඩොක්ටර් ඩූම්ව කිසිමම ඇවේන්ජර්ස් කෙනෙක්ට පරාද කරන්න බෑ, ඒක කරේ Molecule Man විසින්, ඔහු බලය උරාගත්ත එක තමා කරේ, ඒ වගේම ඩූම් මැරුනේ නැ, රිචඩ් මල්ටිවර්ස් එක හැදුවට පස්සේ ඩූම් ඔහු කරපු වරද තේරුම් ගෙන නැවතත් ලැට්වේරියාවේ පාලකයා ලෙස කටයුතු කරගෙන ගියා....
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    හැමෝම කතා වෙන Thor Odin Force එහෙම නැත්තම් All Father Thor කියන්නේ මොකක්ද.....⚡⚡

    👑 මොකක්ද මේ "Odinforce" (Thorforce) කියන්නේ?

    Asgard හි රජකම (All-Father තනතුර) Thor ට හිමිවීමත් එක්ක Odin සතුව තිබුණු අසීමිත විශ්වීය බලය Thor ට උරුම වෙනවා.

    - ආරම්භය:

    අතීතයේදී Odin සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන Vili සහ Ve, Surtur (Fire Demon) සමඟ සටන් කරන අවස්ථාවේදී, Vili සහ Ve තමන්ගේ ජීව බලය සහ මායා බලයන් Odin ට පවරා දී ජීවිතය පූජා කරනවා. Odin ගේ බලයත් එක්ක ඒ සහෝදරයන් දෙදෙනාගේ බලයන් එකතු වෙලා නිර්මාණය වුණු අසීමිත විශ්වීය ශක්තිය තමයි Odinforce (හෙවත් Power of the All-Father) කියලා හඳුන්වන්නේ.

    - බලයන්:

    📌 යථාර්ථය (Reality) සහ පදාර්ථය තමන්ට අවශ්‍ය විදිහට වෙනස් කිරීමේ හැකියාව

    📌 කාලය නතර කිරීමට (Time stop) සහ කාලය හරහා ගමන් කිරීමට ඇති හැකියාව.

    📌 මියගිය අයට නැවත පණ දීමට සහ ජීවය නිර්මාණය කිරීමට ඇති බලය (උදාහරණයක් ලෙස Old King Thor තමන්ගේ රුධිරයෙන් විනාශ වූ පෘථිවියට නැවත ජීවය ලබා දෙනවා).

    📌 විශ්වයේ සිදුවන දේවල් සහ අනාගතය පිළිබඳ පෙරදැකීම් ලබා ගැනීමේ හැකියාව.

    📌 Galactus වැනි විශ්වීය බලවතුන්ට පවා අභියෝග කරන්නත්, ඔවුන්ව පරාජය කරන්නත් Odinforce Thor ට පුළුවන්.

    - දුර්වලතාවය:

    මේ බලය කොතරම් විශාල වුණත්, එය එක දිගට විශාල වශයෙන් භාවිතා කළොත් ශරීරයට එය දරාගන්න අපහසු වෙනවා. ඒ නිසා බලය නැවත ආරෝපණය කරගැනීමට ඔහුට Odinsleep (හෙවත් Thorsleep) නම් ගැඹුරු නින්දකට යන්න සිද්ධ වෙනවා. ඒ නින්දේ ඉන්න කාලය තුළ ඔහු ඉතාම අනාරක්ෂිතයි, මොකද එම අවස්තාවේදි ඔහුව මරන්න පුලුවන්....

    දැන් අපි බලමු ඩූම් හා Odin Force Thor අතර කොමික් ඉතිහාසයේ සිදුවු ගැටුම් අවස්තා ගැන,

    1. Latveria හි සටන (Thor Vol. 3 - 2008)

    Ragnarok වලින් පසු සම්පූර්ණ Odinforce බලය සහිතව පැමිණෙන Thor, Asgardians ලා පිරිසක් බේරාගන්න Doctor Doom ගේ රාජ්‍යය වන Latveria වෙත යනවා. තමන්ගේ රාජ්‍යයට ආපු Thor ට Doom තමන්ගේ සන්නාහය, මායා පලිහවල් (Mystical shields) සහ ශක්ති ප්‍රහාර සියල්ලම යොදවා පහර දෙනවා.

    👉 ප්‍රතිඵලය: Odinforce බලය ඉදිරියේ Doom ට හැරෙන්නවත් බැරි වෙනවා...Thor ඉතාම පහසුවෙන් Doom ගේ මායා පලිහවල් බිඳ දමා, එක අකුණු ප්‍රහාරයකින් Doom ගේ මාලිගාවත් විනාශ කර ඔහුව බිම හෙළනවා. "උඹ තාමත් ජීවත් වෙන්නේ මගේ කරුණාව නිසා විතරයි" කියලා Thor එතැනදී Doom ට අනතුරු අඟවනවා....

    2. කාලයේ අවසානයේ මහා සටන (King Thor - 2019)

    අනාගතයේදී වයස්ගත Old King Thor (Thorforce බලය සහිතව) මුහුණ දෙන්නේ Iron Fist, Doctor Strange, Ghost Rider, Starbrand සහ Ego the Living Planet යන සියලු දෙනාගේම බලයන් සොරකම් කරගත් අතිශය බලවත් Doctor Doom කෙනෙකුටයි..

    👉 ප්‍රතිඵලය: විශ්වයේ බලයන් රැසක් එකතු කරගෙන හිටියත්, මියයමින් පවතින තාරකා අතර පැවති දීර්ඝ යුද්ධයකින් පසුව Old King Thor තමන්ගේ Thorforce බලයෙන් Doom ව පරාජය කරනවා....

    3. God Emperor Doom vs Thor Corps (Secret Wars - 2015)

    Beyonders ලාගේ බලය සොරකම් කර God Emperor Doom බවට පත්වුණු අවස්ථාවේදී නම් Doom, Odinforce Thor ටත් වඩා අතිශයින්ම බලවත් වුණා. එහිදී ඔහු බහු-විශ්වයේ (Multiverse) Thor ලාගෙන් සැදුම්ලත් "Thor Corps" නම් පොලිස් බලකායක් පවා පාලනය කළා.

    🎬 MCU චිත්‍රපටවලදී මේක දකින්න ලැබෙයිද?

    Thor: Ragnarok චිත්‍රපටයේදී Odin ගේ මරණයෙන් පසු Thor තමන්ගේ සැබෑ බලය අවදි කරගත්තා. ඉදිරියේදී එන Avengers: Doomsday හිදී Doctor Doom ට එරෙහිව Thor තමන්ගේ උපරිම Odinforce බලය පාවිච්චි කරයි කියලා Marvel රසිකයන් වන අපි අතරේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉතින්...🔥

    මේ දෙන්නා MCU එකේදී හැප්පුණොත් කවුරු දිනයිද?

    Phenoix-Force ජීන් ග්‍රේ කියන්නේ අපි මේ ලයිව් ඇක්ශන් X-Men වල දැකපු හිච්චි ජීන් ග්‍රේට නෙමෙයි....🤫🫢

    කිසිමම X-Men ෆිල්ම් එකක හරිමම Phenoix Force ජීන්ව පෙන්නලා නෑ, ඒ වගේම ඇය කිසිමම ලයිව් ඇක්ශන් ෆිල්ම් එකක ඇයගේ බලය කන්ට්‍රෝල් කරගෙනත් නෑ, ඒවා පෙන්නලා නෑ තාම...

    කොමික් වල කියවෙන පරිදි Phenoix Force ජීන් ග්‍රේට ඇවේන්ජර්ස්ලා ඒ කියන්නේ තෝර්, කැප්ටන් මාවල්, හල්ක්, අයන් මෑන්, කැප්ටන් ඔය ඕනි කෙනෙක් සෙල්ලම් බඩුවක් හා සමානයි.

    ඇත්තම කිව්වොත් අපි උඩ දාගෙන යකෝ මුන් තමා වැඩ්ඩෝ කියලා Avengers බැලුවට, හරිම කොමික් ලයිව් ඇක්ශන් ගෙනාවනම් ඇවේන්ජර්ස්ලට කරන්න පුලුවම් දෙයක් නෑ කියලා තේරෙයි...

    නමුත් එව්වා හිතන්න එපා, අපි දැකපු ලයිව් ඇක්ශන් එකම ඔලුවේ තියාගෙන ජීන් ග්‍රේ ගැන දැනගමු....

    1️⃣ Jean Grey (Phoenix Force) සතු අසීමිත බලයන් මොනවාද?

    Jean Grey කියන්නේ සාමාන්‍යයෙන් පවා Omega-Level Mutant කෙනෙක්. ඇය හා විශ්වයේ ජීවය සහ විනාශය හා පාලනය කරන Phoenix Force සමඟ එකතු වුණාම ඇයගේ බලයට සීමාවක් නෑ කියලා තමා කියන්නේ...

    🔥 විශ්වීය ගින්දර (Cosmic Pyrokinesis):

    ඕනෑම තාරකාවක්, ග්‍රහලෝකයක් හෝ මුළු විශ්වයක්ම උනත් අළු කරලා දාන්න හෝ නැවත නිර්මාණය කරන්න පුළුවන් බලයක් ඇයට තියෙනවා....

    ⚛️ පරමාණුක පාලනය (Matter Manipulation):

    ඕනෑම වස්තුවක් හෝ සතුරෙක්ව තත්පරයකින් පරමාණු බවට පත් කරලා අතුරුදහන් කරන්න පුළුවන්, ඇවේන්ජර්ස් ටීම් එකම උනත් අලු කරලා දන්න තත්පරක්වත් ඇයට යන්නේ නැති තරම්...

    🧠 අසීමිත Telepathy & Telekinesis:

    මුළු විශ්වයේම ඉන්න ඕනෑම ජීවියෙකුගේ මනස පාලනය කරන්න පුළුවන් වගේම ඇයට ඒ සියල්ලම පාලනය කරන්න පුලුවන්....

    ♻️ අමරණීයත්වය (Resurrection):

    Jean Grey මියගියත් Phoenix බලයෙන් ඇයට නැවත ඉපදෙන්න පුළුවන්, මරන්න බෑ, හැබැයි ඇගේ බලය පාලනය කරගත නොහැකි උනොත් ඇයවම විනාශ වෙන්න පුලුවන් (X-Men ෆිල්ම් වලදි එය බලාගන්න පුලුවන් ඔයාලට)

    👑 White Phoenix of the Crown:

    මේක තමා හිතාගන්න බැරි තරම් බලයේ උපරිමය, මේ අවස්ථාවේදී ඇගේ බලය පාලනය වෙන්නේ අපි මේ දන්න මල්ටිවර්ස් එකටත් එහායින් තියෙන වෙනම Realm එකක "White Hot Room" හරහා, සරලවම කිව්වොත් බියෝන්ඩර්ස්ලගේ බලය උරාගත්තු God-Emperor Doom ට පවා හිතාගන්න බැරි බලයක් ඒක, ඒ බලයට ආවොත් ඇයට මුළු Multiverse එකේම කාලරේඛා (Timelines) පවා වෙනස් කරන්න ඇයට පුළුවන්, ඒ බලයට ආවට පස්සෙ ඇයගේ බලය වර්ගීකරණය කලහොත් මුලු මාවල් විශ්වයේ දෙවියා බදු All Above all ට පසුව ඇයව තියන්න පුලුවන්...🤫

    2️⃣ සටනකදී කවුද දිනන්නේ? (Jean Grey vs. Doctor Doom)

    ⚔️ සෘජු සටනකදී Phoenix ජීන්ට පහසුවෙන්ම Doctor Doom ව පරද්දන්න පුලුවන්, ඩූම්ගේ අධි-තාක්ෂණික සන්නාහය (Armor) සහ මායා බලයන් Phoenix ගේ විශ්වීය ගින්දර ඉදිරියේ කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

    🧠 පෙර සූදානමක් තිබුණොත්

    Doctor Doom කියන්නේ Marvel විශ්වයේ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයා කියලනෙ කියන්නේ, ඉතින් ඔහුට කලින් සූදානම් වෙන්න කාලය ලැබුණොත්, Phoenix බලය උරා ගන්නා (Power Siphoning) යන්ත්‍රයක් නිර්මාණය කරලා Jean Grey ව අමාරුවේ දාන්න ඔහුට පුළුවන්, හැබැයි Phenoix Cosmics Power කියන්නේ මේ විශ්වීය බලයක් නෙමෙයි, ඒක කාටවත්ම හිතාගන්න බැරි මට්ටමේ බලයක්....

    👑 God Emperor Doom ස්වරූපය:

    Doom විසින් Beyonders ලාගේ බලය ලබාගෙන "God Emperor Doom" වුණොත්, ඔහුට Phoenix Force එක පාලනය කරන්න පුළුවන්, හැබැයි White Phoenix of the Crown ඒ කියන්නේ ජීන්ගේ බලයෙහි උපරිමය පාලනය කරන්න තියා හිතන්නවත් බෑ,

    මොකද White Phoenix of the Crown පාලනය වෙන්නේ බියෝන්ඩර්ස්ලගේ බලයටත් වඩා ඉහලම බලයක් ඇති තැනකින්,
    (හිතන්න එපා, ඔව්වා ලයිව් ඇක්ශන් වලට එන්නේ නැත.)

    3️⃣ කොමික්හි Doctor Doom සහ Phoenix Force ගැටුණු අවස්ථා

    💥 Secret Wars (2015) - God Emperor Doom vs. Phoenix Cyclops:

    මෙතනදී Phoenix බලය ලබාගත්ත Cyclops (Scott Summers) සහ God Emperor Doom අතර දරුණු සටනක් යනවා. මුලදී Cyclops පහර දුන්නත්, Doom ඉතා පහසුවෙන් Phoenix බලය මැඩපවත්වලා Cyclops ව මරා දමනවා.

    නමුත් Cyclops ට තිබුණේ Phoenix බලයෙන් කොටසක් විතරයි, Jean Grey තරම් ඔහු බලවත් වුනේ නැහැ, ජීන්ගේ බලයෙන් ඉතාම සුලු ප්‍රමානයක් තමා cyclops ට තිබුනේ....

    ⚡ Avengers vs. X-Men (2012):

    Phoenix Force එක පෘථිවියට එද්දී Doctor Doom උත්සාහ කළා විද්‍යාව සහ මායාව පාවිච්චි කරලා ඒ බලය තමන් සතු කරගන්න. නමුත් Phoenix ශක්තිය පාලනය කරන්න බැරුව ඔහු අසාර්ථක වුණා.

    🛡️ X-Men / Fantastic Four (1987):

    Phoenix Force එකට සම්බන්ධ ශක්තියක් ලබා ගන්න Doctor Doom, X-Men සහ Fantastic Four කණ්ඩායම් එක්ක දරුණු සටනකට ගියා. ඔහුගේ අරමුණ වුණේ ඒ බලයෙන් තමන්ගේ මවගේ ආත්මය බේරා ගන්න එකයි.

    4️⃣ Jean Grey (Phoenix) මුළු Avengers කණ්ඩායමටම වඩා බලවත්ද?

    ඔව්, Marvel කොමික් විශ්වයට අනුව, Phoenix Force බලය සහිත Jean Grey යනු මුළු Avengers කණ්ඩායමම එකට එකතු වුවත් ඔවුන් සියලු දෙනාටම වඩා අතිශයින්ම බලවත් චරිතයක් කියලා තමා කියන්නේ, කියන්න ඕනි නෑ ඒක ඇත්තක්....

    🌌 විශ්වීය බලය (Cosmic Power) සහ ඇවේන්ජර්ස්ලා අතර වෙනස:

    Phoenix Force යනු විශ්වයේ මූලික ශක්තියක් වන අතර, එය මුළු Multiverse එකේම ඇති ජීවය සහ මානසික ශක්තිය (Psionic energy) නියෝජනය කරන්වා,

    Captain America, Iron Man, Black Widow, Hawkeye වැනි Avengers සාමාජිකයින්ට ඇය ඉදිරියේ කිසිදු අභියෝගයක් එල්ල කරන්න බෑ,

    - Avengers හි බලවත්ම සාමාජිකයින් පවා පරාජය වීම:

    Avengers කණ්ඩායමේ සිටින බලවත්ම සාමාජිකයින් වන Thor, Hulk, Captain Marvel, Scarlet Witch, සහ Doctor Strange වැනි අයට පවා සම්පූර්ණ Phoenix බලය සහිත Jean Grey ගේ අසීමිත ශක්තියට සෘජුව මුහුණ දිය නොහැක.

    ඇයට පරමාණුක මට්ටමින් ඕනෑම දෙයක් වෙනස් කිරීමටත්, සම්පූර්ණ තාරකාවල ශක්තිය උරා ගැනීමටත්, සිතුවිලි මාත්‍රයකින් ඕනෑම අයෙකු විශ්වයෙන් අතුරුදහන් කිරීමටත් හැකියාව ඇත.

    🛡️ කොමික් පොත්වල Avengers කණ්ඩායම ඇයව නැවැත්වූයේ කෙසේද?

    Jean Grey (හෝ වෙනත් Phoenix ධාරකයන්) Avengers සමඟ ගැටුණු කිසිදු අවස්ථාවක Avengers කණ්ඩායමට සෘජු සටනකින් ජය ගැනීමට හැකි වී නැත.

    ඔවුන් ජයගත්තේ එකම විදොයකින් පමණි, ඒ Jean Grey ගේම මනුෂ්‍යත්වය නිසාය:

    Jean Grey ගේ ස්වයං-පරිත්‍යාගය (The Dark Phoenix Saga):

    Dark Phoenix ව පරාජය කිරීමට Avengers සහ X-Men කණ්ඩායම් දෙකටම නොහැකි විය. අවසානයේ විශ්වය විනාශ වීම වැළැක්වීම සඳහා Jean Grey විසින්ම තම මනස පාලනය කරගෙන සඳ මතදී තම ජීවිතය පූජා කිරීම නිසා ගැටුම අවසන් විය.

    හරිම Phenoix Force ජීන්ව හෝ White Phoenix of the Crown ජීන් ආවනම් God-Emperor doom, Odin Force Thor ඔය කවුරුත් වැඩක් නෑ, ඒ බලයට අභියෝග කරන්න පුලුවන් කවුරුත්ම නෑ,
    ------ Post added on Nov 24, 2026 at 9:37 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    📝 | Marvel මල්ටිවර්ස් එකේ ශ්‍රේෂ්ඨතම දුෂ්ටයා, ඩොක්ටර් ඩූම් ගැන දැනගමු...🗿

    ගොඩක් අය ඩූම් ගැන දැනගත්තෙ 2005 සහ 2007 කියන අවුරුදු වල ආපු Fantastic Four චිත්‍රපට දෙක බැලුවට පස්සේ. හැබැයි ඇත්තටම 20th Century Fox ආයතනයෙන් හදාපු කිසිම චිත්‍රපටයකින් ඩූම්ට සාධාරණයක් නම් ඉශ්ට වුණේ නෑ. ඒ මොකද කියනවා නම් මේ එකකවත් ඩූම්ගෙ සුපිරි බුද්ධිය, මිස්ටික් මැජික් පවර්ස්, ලීඩර්ශිප් කොලිටීස් වගේම මෙයාගෙ ‍ඍජු පෞරුෂය ගැන කිසිම විදිහකට පෙන්නුවෙ නෑ. ඒ විතරක් නෙවේ එයාගෙ ඇත්ත කොමික් ඔරිජින් එකට අහලකින්වත් යන දෙයක් හරියකට පෙන්නුවෙ නෑ. ඩොක්ට ඩූම් කියන මාවල් චරිතය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මාවල් මල්ටිවර්ස් එකේ හමුවෙන ශ්‍රේෂ්ඨතම දුෂ්ට චරිතය විදිහටයි. ඒත් එයාට හරිහමන් නිරූපණයක් මේතාක් නොලැබුණු නිසා ගොඩක් කොමික් නොකියවන ෆෑන්ස්ල අතර ඩූම් ගැන තියෙන්නෙ අපැහැදිලි අදහස් ගොඩක්. දැන් Avengers: Doomsday ෆිල්ම් එකත් ලඟ ලඟම එන නිසා අපි කතා කරල බලමු ඇත්තටම ඩොක්ටර් ඩූම් කියන්නෙ කවුද කියලා.

    ✒️ මූලික පසුබිම

    1962 ජුලි මාසෙ 5 වෙනිද නිකුත් වුණු 𝗧𝗵𝗲 𝗙𝗮𝗻𝘁𝗮𝘀𝘁𝗶𝗰 𝗙𝗼𝘂𝗿 #𝟱 (Comments: Image 1) කියන කොමික් එකෙන් තමයි ඩොක්ට ඩූම් ගෙ ඔරිජින් එක මුල්ම වතාවට ඉදිරිපත් වෙන්නේ. මේ කොමික් එක ලියන්නේ ලෙජන්ඩරි ඩබලක් වුණ ස්ටෑන් ලී සහ ජැක් කර්බි විසිනුයි.

    කොහොම වුණත් ඩූම්ගෙ ඔරිජින් එක මුල්ම වතාවට සවිස්තරාත්මකව ඉදිරිපත් වෙන්නේ 2006 අවුරුද්දේ ප්‍රකාශයට පත් වුණ Ed Brubaker විසින් රචනා කරපු 𝗕𝗼𝗼𝗸𝘀 𝗼𝗳 𝗗𝗼𝗼𝗺 කොමික් සීරිස් එක ඔස්සේයි. (Comments: Image 2). මේක Issues 6කින් යුත් මිනි කොමික් සීරිස් එකක්.

    ✒️ ඩූම්ගේ කතාව

    මේ කතාවෙ හැටියට වික්ටර් වොන් ඩූම් කියන චරිතය මුලින්ම හැදී වැඩෙන්නේ ලැට්වේරියාව කියන මනඃකල්පිත රාජ්‍යයේ ජීවත් වුණ සැෆිරෝ කියන Gypsy ට්‍රයිබ් එකේ අයත් එක්ක. වික්ටර්ගෙ අම්මා මේ ට්‍රයිබ් එකේ සින්තියා කියලා Gypsy කාන්තාවක්. ඒ වගේම එයා මායාකර්ම ප්‍රගුණ කරපු කෙනෙක්. හැබැයි වික්ටර්ගෙ තාත්තා වර්නර් වොන් ඩූම් කියලා ඒ රටේ බැරන්වරයාට සේවය කරපු වෛද්‍යවරයෙක්. (Comments: Image 3). මේ බැරන්වරයා මේ සැෆිරෝ ට්‍රයිබ් එකට එරෙහිව වැඩ කරපු කෙනෙක්. ඒ නිසාම වික්ටර්ගෙ තාත්තා නිතරම එයාගෙ අම්මට මේ මායාකර්ම නවත්වන්න කියල කීවත් එයාගෙ අම්මට ඕන වෙලා තියෙන්නේ එයාලා ජීවත් වෙනවට වඩා හොඳට ජීවත් වෙන්න පුලුවන් විදිහෙ බලයක් ගවේශණය කරන්න. ඒ නිසා තාත්තා කොච්චර කීවත් අම්මා ඒ වැඩ නවත්තලා නැහැ. ඒ වගේම එයා ඒ වගේ බලවත් බලයක් අවසානයට හොයගන්නත් සමත් වෙනවා. හැබැයි අවාසනාවකට ඒ තමයි මාවල් මල්ටිවර්ස් එකේ යක්ෂයා විදිහට හැමෝම අඳුනන මෙෆිස්ටෝ. ඉතින් මේ මෙෆිස්ටෝ සින්තියාව මැනිප්‍යුලේට් කරලා බැර්න්වරයගෙ හමුදාවට පහර දෙනවා. එයා ඒකට හේතුව විදිහට පෙන්නල දෙන්නෙ මේ බැරන් හැම වෙලේම සින්තියාලගෙ මිනිස්සුන්ට කරන අඩත්තේට්ටම් නවත්තන්න ඕනෙ කියන එක. හැබැයි පස්සෙ මෙෆිස්ටෝ සින්තියාව අතෑරල ගියාට පස්සෙ බැරන්වරයගෙ හමුදාව ආයෙ ඇවිත් සින්තියාව ඝාතනය කරනවා. මේ හේතුව නිසා වික්ටර්ට හැදීවැඩෙන්න වෙන්නෙ එයාගෙ තාත්තත් එක්ක. වික්ටර්ගෙ ළමා කාලෙ එයාට ඉඳල තියෙන්නෙ එකම එක යාලුවෙක් විතරයි. ඒ තමයි පස්සෙ කාලෙක වික්ටර්ගෙ ආදරවන්තිය වෙන වැලේරියා කියන ගෑනු ළමයා. (Comments: Image 4).

    කොහොමහරි වික්ටර්ට වයස 11ක් වෙද්දි අර බැරන්ගෙ වයිෆ්ට කැන්සර් එකක් හැදෙනවා. එයාව හොඳ කරන්න වගකීම පැවරෙන්නෙ වික්ටර්ගෙ තාත්තට. ඉතින් එයාට ඒ ගෑනු කෙනාව හොඳ කරන්න බැරි වෙනව විතරක් නෙවේ කැන්සර් එක නිසා ගෑනු කෙනා මියයනවා. අවසානෙට ඒකෙ වැරැද්ද පැටවෙන්නෙ වර්නර්ගෙ පිටට. මේ නිසා වර්නර් වික්ටර්වත් අරන් බැරන් එයාලව මරන්න එවාපු ඝාතකයොන්ගෙන් බේරිලා පැනල යනවා. කොහොම නමුත් එයාලා පැනලා යද්දි තිබ්බ දරුණු ශීතල වික්ටර්ට දරාගන්න බැරි නිසා එයාව බේරගන්න වර්නර් වික්ටර්ව බදාගෙන එයාට උණුසුම සපයනවා විතරක් නෙවේ මේ නිසා වර්නර් අධික ශීතලට ගොදුරු වෙලා මරණයට පත් වෙනවා. ඒ නිසා වික්ටර් අන්තිමට කාත් කවුරුත් නැති අනාථයෙක් බවට පත් වෙනවා. (මේ සිද්ධියෙන් පස්සෙ වික්ටර් ලොකු වෙනකම් බලාගන්නෙ බොරිස් කියලා කෙනෙක්.) ඒ වගේම මේකෙන් පස්සෙ එයා එයාගෙ දෙමාපියන්ගෙ මරණයන්ට වගකින්න ඕනෙ අයගෙන් පලිගන්නත් තීරණය කරනවා.

    මේ නිසා වික්ටර් එයාගෙ ජීවිතේ තවත් අවුරුදු කිහිපයක් ඩාක් මැජික් හදාරන්න කැප කරනවා. ඒත් ඒකෙන් එයාට ඕන ප්‍රතිපල ලබාගන්න බෑ කියල හිතුණාට පස්සේ එයා විද්‍යාව හදාරන්න පටන් ගන්නවා. වික්ටර් ජීනියස් කෙනෙක් නිසා එයාට ඉතා ඉහළ විද්‍යාත්මක ඥානයක් ලැබෙනවා. ඒක කොච්චරද කියනවා නම් ඒ වෙද්දි ජීවත් වුණ බුද්ධිමත්ම මාවල් චරිතෙ වන රීඩ් රිචර්ඩ්ස්ගෙ බුද්ධි මට්ටමටම සමාන බුද්ධියක් එයාට තිබුණයි කියල තමා කොමික් වල සැලකෙන්නෙ. කොහොමහරි වික්ටර්ගෙ මේ බුද්ධිමත් බව ගැන එයාගෙ රටේ විතරක් නෙවේ ඇමෙරිකාවෙ පවා ප්‍රසිද්ධ වෙලා අවසානෙට ඇමෙරිකාවෙ රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් එයාට ශිෂ්‍යත්වයක් පවා හිමිවෙනවා. හැබැයි ඒ ඇමරිකනු රජයට ආයුධ හදල දෙන පොරොන්දුව පිටයි. කොහොමහරි එයා ඇමරිකාවට ගිහාම එයාට හම්බවෙනවා එයා වගේම ඇමෙරිකානු රජයෙන් ප්‍රයෝජනයට ගන්න අනික් කෙනා වුණ රීඩ් රිචර්ඩ්ස්ව.

    කොහොමහරි ලද අවස්තාවෙන් උපරිම ඵල නෙලාගන්න වික්ටර් ඇමරිකන් රජයට ආයුධ හදනවට අමතරව පස්සෙ කාලෙක වික්ටර් එක්ක ඉන්න ඩූම් බොට්ස්ලාගෙ ප්‍රොටෝටයිප්ස් වගේම අනාගතේදි කෑන්ග් විසින් පාවිච්චි කරන තාක්ෂණය මුලින්ම හොයාගත්තු කෙනා විදිහට ඒ තාක්ෂණයෙන් ටයිම් මැශින් එකක් පවා නිර්මාණය කරනවා. ඒ විතරක් නෙවෙයි වික්ටර් එයාගෙ ඩාක් මැජික් සහ මිස්ටික් එනර්ජි ගැන තියන දැනුම විද්‍යාත්මක දැනුමත් එක්ක මුහු කරලා එයාගෙ අම්මාව හොයාගන්න පුලුවන් විදිහෙ මැශින් එකකුත් හදනවා. ඒකෙන් එයාගෙ අම්මව හොයාගන්න එයාට දැකගන්න ලැබෙන්නෙ ඒ වෙද්දි එයාගෙ අම්මා හෙල් එකේ මෙෆිස්ටෝගෙ හිරකාරියක් කියලයි. ඒත් එක්කම වෙන පිපිරීමක් නිසා එයාගෙ මැශින් එක පුපුරලා ගිහින් එයාට දරුණු විදිහට තුවාල වෙනවා. මේ අනතුර නිසා තමයි වික්ටර්ගෙ මූණ දරුණු විදිහට විරූපී වෙන්නෙත්. මේ අනතුර නිසා වික්ටර්ගෙ ශිෂ්‍යත්වය අහෝසි කරල එයාව කැම්පස් එකෙන් ඉවත් කරල දානවා.

    ඒත් ඒකෙන් සැලෙන්නෙ නැතුව වික්ටර් ඊළඟට කරන්නේ ටිබෙට් වල රහසිගත ප්‍රදේශයක ජීවත් වෙන හාමුදුරුවරු කට්ටියක් හොයාගෙන ගිහින් එයාලගෙන් මැජික් සහ මිස්ටික් ආර්ට්ස් ඉගෙන ගන්න එක. ඒකට හේතු වෙන්නෙ අර ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ වික්ටර්ට එයාගෙ මිස්ටික් ආර්ට්ස් ගැන තියන දැනුම ගොඩක් පොඩියි කියල තේරුම් යන එක. ඊට පස්සෙ එහෙ තවත් අවුරුදු 5ක් වික්ටර් ඒව ඉගෙනගන්නවා විතරක් නෙවේ එයා ඒව කොච්චර හොඳට ප්‍රගුණ කළාද කියනව නම් අන්තිමට එයා ඒ හාමුදුරුවරුන්ගෙත් මාස්ටර් වෙලයි නවතින්නේ. ඒකට හේතු වෙන්නෙ වික්ටර් ටයිම් ට්‍රැවල් කරල අනාගතේ තියන ඩාක් ආර්ට්ස් පවා ඉගෙන ගෙන එන එක. මේ නිසා වර්තමානෙ ඉන්න අයට වඩා වික්ටර්ට ඒ ක්ෂේත්‍රය ගැන තිබ්බ දැනුම ගොඩක් ඉහළයි. ඒ වගේම මේ කාලයේදිම තමා වික්ටර් එයාගෙ ප්‍රසිද්ධ ආමර් එකත් හදාගන්නේ.

    ගොඩක් අය වරද්දගන්න දෙයක් තමා මේ ආමර් එකත් අයන් මෑන්ගෙ වගේ ටෙක් ආමර් එකක් කියලා. හැබැයි මේක ඊට හාත්පසින්ම වෙනස්. මොකද මේක හැදෙන්නෙ මිස්ටික් ආර්ට්ස් වලින් සහ තාක්ෂණයෙන් කියන දෙකේම එකතුවකින්. ඉතින් මේ ආමර් එක වික්ටර්ගෙ ඇත්ත ඇඟට උඩින් තියන සෙකන්ඩ් ස්කින් එකක් විදිහට වැඩ කරනවා. ඒකෙන් එයාව අඳුරු මායාවන්, මිස්ටිකල් එනර්ජි සහ ඩීමන්ස්ලගෙන් පවා ආරක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම මේක තාක්ෂණයත් එක්ක හදපු එකක් නිසා අයන් මෑන් ආමර් එකක වගේ ටෙක් ගැජට්ස් එහෙමත් තියනවා. වික්ටර් මේ ආමර් එක හදන්නෙම එයාගෙ අම්මව මෙෆිස්ටෝගෙන් බේරගන්න ඕනෙ නිසයි. මේ ආමර් එක මුලින්ම දාගන්න වෙලාවෙ තමා මුලින්ම වික්ටර් කියන්නෙ "මින් මතුවට වික්ටර් වොන් ඩූම් කියලා කෙනෙක් නැහැ, ඉන්නේ ඩොක්ටර් ඩූම් විතරයි!" කියලා. එහෙම තමයි වික්ටර් වොන් ඩූම්, ඩොක්ටර් ඩූම් වෙන්නේ.

    ඊට පස්සෙ තමා ඩොක්ටර් ඩූම් එයාගෙ පළිගැනීමේ සැලැස්ම පටන් ගන්නේ. අවුරුදු ගාණකට පස්සෙ ආයෙ ලැට්වේරියාවට ගිය ඩූම් මුලින්ම කරන්නේ වහල්ලු විදිහට හිටපු ලැට්වේරියානුවො කට්ටියක්ව බේරගෙන රටවැසියන්ට ඒකෙන් පණිවුඩයක් යවන එක. මේ සිදුවීම රටේ මිනිස්සු අතරටත් පැතිරිලා ඩොක්ටර් ඩූම් කියන කෙනා ලැට්වේරියාව ආයෙ නිදහස් රාජ්‍යක් කරන්න යනවා කියන කතාව අහලා මිනිස්සුත් ඩූම්ගෙ හමුදාවට එකතු වෙන්න පටන් ගන්නවා. මේ කාලෙදිම තමයි රටේ ඒ කාලෙ පාලකයා වුණ ව්ලැඩ්මීර් රජුගෙ හමුදාවත් එක්ක සටන් කරන්න ඩොක්ට ඩූම් මුලින්ම ඩූම් බොට්ස්ලව නිර්මාණය කරන්නෙත්. දිගින් දිගටම වුණ සටන් වලින් පස්සෙ ව්ලැඩ්මීර්ගෙ හමුදා සටන් වලින් පරාදවීගෙන එද්දි ඩූම් ව්ලැඩ්මීර්ට යටත් වෙන්න අවස්තාවක් දුන්නත් එයා යටත් වෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා ඩූම් එයාව මරලා දාලා එයාගෙ මාලිගාවත් කඩලා විනාශ කරලා දානවා.

    ඊට පස්සෙ ඩූම් එයාගෙ අම්මව ඝාතනය වුණ ස්ථානයට ගිහින් එතන "ඩූම්ස්ටඩ්" කියන නමින් ලැට්වේරියාවේ අලුත් අගනගරය නිර්මාණය කරනවා. ඊට පස්සෙ ආරම්භ වුණ ඩූම්ගෙ පාලන සමය ලැට්වේරියාවේ ස්වර්ණමයම යුගය බවට පත් වෙනවා. ඩූම් කොයි තරම් දක්ෂ පාලකයෙක් වුණාද කියනවා නම් ඒ කාලේ ලැට්වේරියාවෙ අපරාද කිසිම දෙයක් නැතුව යනවා. ඒ විතරක් නෙවේ එහෙ නිදහස් සෞඛ්‍ය සේවයක් පවා පටන් ගන්නවා.

    ඔන්න ඔහොමයි ඩොක්ටර් ඩූම් කියන චරිතයේ ඔරිජින් එක සිද්ධ වෙන්නේ. දැන් ඔයාලට හිතෙනවා ඇති මෙච්චර හොඳ, සාධාරණ, දක්ෂ කෙනෙක් මාවල් මල්ටිවර්ස් එකේ ශ්‍රේෂ්ඨම දුෂ්ට චරිතය බවට පත් වුණේ කොහොමද කියලා. ඒ ගැන අපි කතා කරමු මේ ලිපියේ දෙවැනි කොටසින්. ඩූම් විලන් කෙනෙක් වුණ විදිහයි, ඩූම් මාවල් වල ඉන්න ශ්‍රේෂ්ඨම විලන් වුණ විදිහයි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    📝 | Marvel මල්ටිවර්ස් එකේ ශ්‍රේෂ්ඨතම දුෂ්ටයා, ඩොක්ටර් ඩූම් කියන තරම් වැඩ්ඩෙක්ද කියලා අද බලමු...🗿

    සේරටම කලින් කියන්න ඕන මේ පෝස්ට් එක කලින් එකේ දෙවනි කොටස නිසා මේක කියවන්න කලින් ඒක කියවල එන්න කියලා. ඒකෙ ලින්ක් එක කමෙන්ට්ස් වල දාන්නම්.

    හරි. අපි අන්තිමට කතාව නැවැත්තුවෙ ඩූම් එයාගෙ දෙමාපියො මරපු කෲර පාලකයන්ව මරලා එයාගෙ රට වුණ ලැට්වේරියාව නිදහස් කරගෙන ඒකෙ පාලකයා වුණ තැනින්නේ.

    ඊට පස්සෙ ඩූම් කරන්නේ එයාගෙ අම්මගෙ ආත්මය මෙෆිස්ටොගෙන් බේරගන්න සැලසුම් කරන එක. මෙයා ඒකට පාවිච්චි කරන්නෙ එයා අවුරුදු ගානක් ඉගෙනගන ප්‍රගුණ කරපු මිස්ටික් ආර්ට්ස් ගැන තිබුණ දැනුම. එයා කරන්නේ මෙෆිස්ටෝව සම්බන්ධ කරගෙන මෙෆිස්ටෝ එක්ක ගිවිසුමක් ගහන එක. ඒ ගිවිසුමේ හැටියට හැම අවුරුද්දකටම සැරයක් මෙෆිස්ටෝ ඩූම්ට අවස්තාවක් දෙන්න ඕන එයාගෙ අම්මව බේරගන්න. ඒ වගේම ඩූම්ට ඒක කරගන්න බැරි වෙන හැම වතාවකම ලැට්වේරියානු වැසියන්ට ඩූම් ගැන තියන වෛරය වැඩි වෙන එක තමයි ඩීල් එක වෙන්නේ. කොහොමහරි අවසානෙට ඩූම්ට පුලුවන් වෙනවා මෙෆිස්ටෝ ගාව හිරකාරියක් වෙලා හිටපු ඩූම්ගෙ අම්මගෙ ආත්මය නිදහස් කරගන්න.

    මං කලින් පෝස්ට් එකේදි කීවා වගේ ෆැන්ටෑස්ටික් ෆෝ කණ්ඩායම සහ ඩූම් අතර තියෙන්නේ ලොකු සම්බන්ධයක්. ඇත්තම කියනවා නම් ඩූම් ඇමරිකාවෙ ඉගනගන්න කාලෙ එයාගෙ ලැබ් පාර්ට්නර් වෙන්නෙත් රීඩ් රිචර්ඩ්ස්. ඉතින් මං කලින් පෝස්ට් එකේ කීවනේ ඩූම් එහෙ ඉද්දි එයාගෙ අම්මව බේරගන්න මැෂින් එකක් හැදුව කියලා. ඒ වගේම ඒ මැෂින් එක පිපිරුණු නිසා තමයි එයාගෙ ශිෂ්‍යභාවයත් අහෝසි වෙලා එයාව දරුණු විදිහට විපරීත වුණේ කියලත්. ඉතින් ඩූම් මේ මැෂින් එක හදද්දි එයා එක්ක හිටපු අනිත් කෙනා තමයි රීඩ්. ඇත්තම කියනවා නම් ඩූම්ගෙ මැෂින් එක පුපුරන්න හේතු වුණ වැරැද්ද රීඩ් කලින්ම දැකලා තිබුණ විතරක් නෙවේ එයා ඩූම්ට ඒ ගැන අනතුරු පවා අඟවලයි තිබ්බේ. ඒත් ඩූම් කියන්නේ සාපෙක්ෂව ඊගෝ එක වැඩි කෙනෙක්. එයා පිලිගන්න කැමති වෙන්නෙ නෑ රීඩ් එයාගෙ වරදක් පෙන්නල දුන්න කියලා. මේ හින්දා තමයි අන්තිමට මැෂින් එක පුපුරන්නේ. ඉතින් අන්තිමට ඩූම් රීඩ් එක්ක වෛර බැඳගන්න හේතු වෙන්නේ එයාට ඒ වැරැද්ද පෙන්නල දුන්නත් රීඩ් කොයිම වෙලාවකවත් ඩූම් මේ පරීක්ෂණය කරන එකවත්, ඒ මැෂින් එකේ වරදක් තියාගෙන ඒක හදන්න හදපු එකවත් නැවැත්තුවෙ නෑ කියන පදනම උඩ ඉඳන්.

    කොහොම වුණත් ඩූම්, රීඩ් ට කොච්චර වෛර කළත් සමහර අවස්තා වල එයා ෆැන්ටෑස්ටික් ෆෝ කණ්ඩායමට උදවු කරලත් තියනවා. ඔයාලට මතක ඇති මං කලින් පෝස්ට් එකේ කීවා ඩූම්ගෙ ආදරවන්තිය ගැන. ඔයාලා දන්න සහ අහල තියන විදිහට ෆැන්ටෑස්ටික් ෆෝ කණ්ඩායමට එයාලගෙ පවර්ස් ලැබුණෙ කොස්මික් එනර්ජි බීම් එකකට නිරාවණය වුණු නිසානේ. ඉතින් සූසන්ට එයාගෙ දුවව ලැබෙන්න ඉද්දි දුවගෙ කලලයෙන් නිකුත් වුණු කොස්මික් විකිරණ නිසා සූසන්ට ගොඩක් අමාරු වෙනවා. ඒත් මේක වෙද්දි රීඩ්ව Hidden Ones කියන Rogue Inhumans ලා කණ්ඩායම අල්ලගෙනයි හිටියේ. ඒ වගේම ලෝකෙ හිටපු කිසිම ඩොක්ට කෙනෙක්ට මේ වැඩේට උදවු කරන්න තරම් හැකියාවක් තිබුණෙ නෑ. ඉතින් මේ නිසා ජොනී එහෙමත් නැත්තම් හියුමන් ටෝච් ඇවිත් ඩූම්ගෙන් ඉල්ලනවා සූසන්වයි සූසන්ලගෙ දුවවයි බේරගන්න කියලා. ඊට පස්සේ ඩූම් විද්‍යාවයි මැජිකුයි එකතු කරලා ඒ දෙන්නව බේරගන්නවා. ඒකට ගරු කිරීමක් විදිහට ඒ ළමයව නම් කරන්න ලැබෙන්නේ ඩූම්ට. ඉතින් ඩූම් එයාට තියන නම තමයි 'වැලේරියා'. එයා එහෙම කරන්නෙ එයාගෙ කුඩාකාලෙ ආදරවන්තියට කරන ගරු කිරීමක් විදිහට. මේ නිසා මේ ළමයා ඩූම්ට කතා කරන්නෙත් අන්කල් ඩූම් කියලා.

    මං කලින් පෝස්ට් එකේ කිව්වත් වගේ ඩූම් විලන් කෙනෙක් වුණේ කොහොමද කියල ඔයාලට ප්‍රශ්නයක් ඇතිනේ. හැබැයි ඔයාලට මේක කියවන් යද්දි තේරෙන්න ඇති ඩූම් 100%ක් සුදු චරිතයක් නොවෙන බව. එයාගෙ කතාවෙ වැදගත් කොටසක් තමයි Doomwar (Comments Image: 1) කියලා කියන්නේ. මේක 2010දි ආව කොමික් ඉවෙන්ට් එකක්. ඔයාලට මං කලින් කීව වගේ ඩූම් කියන්නේ තරමක ඊගෝ එකක් තිබුණු කෙනෙක්. ඒ වගේම තමයි එයා එයාගෙ රටට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. තමන්ගෙ දේවල් එක්ක බලද්දි අනික් දේවල් ඕනෙ තරම් කැප කරන්න එයා පසුබට වුණෙ නෑ. ඉතින් මේ ඩූම්වෝර් එකේදි වෙන්නේ රහසින්ම ඩූම්, වකන්ඩා වල කුමන්ත්‍රරණයක් ඇති කරලා ටිචා'ලා සහ ශූරි ව බලයෙන් පහ කරලා වකන්ඩා වල තිබ්බ සේරම වයිබ්‍රේනියම් වල පාලනය තමන්ගෙ අතට ගන්න එක. එයා එහෙම කළේ හේතු දෙකක් නිසා. එකක් තමයි වයිබ්‍රේනියම් කියන්නේ ලෝකෙ තිබ්බ වටිනාම ලෝහය වීම. අනික් එක තමයි වයිබ්‍රේනියම් වලට තිබ්බ විශේෂිත ගුණයක් වුණ මායා බලයන් ඇම්ප්ලිෆයි කිරීමේ හැකියාව. ඉතින් ඩූම් වයිබ්‍රේනියම් වල පාලනය එයා යටතට ගත්තහම එයා ඉබේම ලෝකෙ බලවත්ම මැජීශියන් බවට පත් වෙනවා. එතකොට එයාටවත් එයාගෙ රටටවත් තර්ජනයක් වෙන්න කිසිම කෙනෙක්ට පුලුවන් කමක් නෑ.

    කෙනෙක් ට වයිබ්‍රේනියම් වල බලය ලබා ගන්න නම් එයාට පැන්තර්ලගේ දෙවඟන වුණ බැස්ට්ට මුහුණ දෙන්න ඕනෙ. ඉතින් ඩූම්ටත් එයාව හම්බවෙනවා. එතනදි බැස්ට් ඩූම්ට කියනවා ඩූම් එයා අහන දේවල් වලට එක බොරුවකින් හරි උත්තර දුන්නොත් එයා ඩූම්ව කාලා දානව කියලා. මෙතනදි ඩූම් කියනවා එයාට ඕනෙ වෙන්නෙ යුද්ධ, දූශණය වගේ ඔඩු දුවාපු ප්‍රශ්න ගොඩකින් පිරිලා තියන පෘථිවිය වයිබ්‍රේනියම් වලින් ඇම්ප්ලිෆයි වුණු එයාගෙ බලයෙන් බේරගෙන අර කීව ප්‍රශ්න තුරන් කරලා දාලා ස්ථාවරත්වයකට ගේන්න කියලා. ඒ වගේම ඩූම් කෙලින්ම බැස්ට් ට කියනවා එයා කියන්නෙ බොරුවක්ද නැද්ද කියලා බලාගන්න කෙලින්ම එයාගෙ මයින්ඩ් එකට ඇක්සස් කරලා බලන්න කියලා. ඊට පස්සේ බැස්ට් ඩූම්ගෙ මනසට සහ කාලරාමුවෙ අනාගතයට එබිලා බලල කියනවා එයා වෙන්න පුලුවන් අනාගත සම්භාවිතාවයන් ලක්ෂයකින් එකක විතරයි මිනිස්සු සාමයෙන් සමගියෙන් හොඳට ජීවත් වෙනව දැක්කෙ කියලා. විශේෂත්වය වෙන්නේ ඒ එක ටයිම්ලයින් එකේ ලෝකෙම පාලකයා තමයි ඩොක්ටර් ඩූම්. මේකම ඇති ඩූම් කොච්චර ශ්‍රේෂ්ඨ පාලකයෙක්ද කියල පෙන්වන්න. මේ හේතුව නිසා බැස්ට් අන්තිමට ඩූම්ට වයිබ්‍රේනියම් වල අයිතිය ලබා දෙනවා.

    මේක නිසා ඩූම් දෙවිකෙනෙක් වගේ පවර්ෆුල් වෙනවා. මේ නිසා ලෝකෙ හිටපු හැම සුපිරි වීරයෙක්ටම ඒ කියන්නේ ටිචා'ලා සහ ශූරි ඇතුලු වකන්ඩන්ස්ලා, X-Menලා, Avengersලා සහ Fantastic Fourලා වගේ හැමෝම එකතු වෙලා ඩූම්ට එරෙහිව සටන් කරනවා. ඒත් ඉතින් කිසි කෙනෙක්ට ඩූම්ව පරාද කරන්න නම් ලැබෙන්නෙ නෑ. මේ නිසා ටිචා'ලා ඩූම්ගෙම ආමර් එක පාවිච්චි කරලා එයාගෙ රටේ ප්‍රධානම ආර්ථික උපායමාර්ගය වුණ වයිබ්‍රේනියම් විනාශ කරලා දානවා. (ඇත්තටම මෙතනදි ටිචා'ලා කරන්නේ ලෝකෙ තිබ්බ සියලුම වයිබ්‍රේනියම් ආයෙ පාවිච්චි කරන්න බැරි ස්වරූපයකට හරවන එක). ඉතින් මේ නිසා ටිචා'ලාට තිබ්බ බලයත් නැති වෙලා එයාගෙ රටේ පාලනයෙන් අයින් වෙන්නත් සිද්ධ වෙනවා. ඊට පස්සෙ ශූරි තමයි දිගටම බ්ලැක් පැන්තර් සහ වකන්ඩා වල පාලිකාව වෙන්නේ. මේ සිදුවීම තමයි ඇත්තටම කොමික් වලදි Secret Wars වලටත් පාර කපන්නේ.

    Secret Wars (2015) (Comments Image: 2) කියන්නේ ගොඩක් දිග කොමික් රන් එකක් නිසා මං ඒ ගැන ලොකුවට කියන්න යන්නෙ නෑ. සරලව සීක්‍රට් වෝ එකේදි වෙන්නේ ඩූම් ලොකු ප්ලෑන් එකකින් පස්සේ මාවල් මල්ටිවර්ස් එකේ බලවත්ම ජීවින් වුණු බියෝන්ඩර්ස්ලගේ සම්පූර්ණ බලයම හොරකම් කරලා(පරණ Secret Wars (1984) (Comments Image: 3) කතාවේදී නම් එයා සොරකම් කළේ එක් බියොන්ඩර් කෙනෙකුගේ බලයෙන් කොටසක් විතරයි. ඒත් 2015 ආව කොමික් රන් එකේ එයා සම්පූර්ණ බියෝන්ඩර්ස් වර්ගයාගෙම බලය අරගන්නවා.) ඒ බලයෙන් මල්ටිවර්ස් එක විනාශ කරලා එයාට ඕනෙ කරපු කොටස් විතරක් එකතු කරලා අලුත් යුනිවර්ස් එකක් හදන එක. ඒ කියන්නේ අන්තිමට ඩූම් මාවල් මල්ටිවර්ස් එකේ ගෝඩ් බවට පත් වෙනවා. සීක්‍රට් වෝස් වල එක තැනක මේ ගෝඩ් එම්පරර් ඩූම් තැනෝස්ගෙ ඇඟ ඇතුලට අත යවලා එයාගෙ අස්ථි පද්ධතිය ඇඟෙන් වෙන් කරලා දාලා ලේසියෙන්ම එකපාරින් මරලා දානවා. (Comments Image: 4). මේකෙන්ම තේරෙනවා ඇති ඩූම් කොච්චර පවර්ෆුල්ද කියලා. ඔයාලට මතක ඇතිනේ තැනෝස් කොයි තරම් බලවත්ද කියල. එහෙම කෙනෙක්ට අරහෙම කරනවා කියන්නෙ ඩූම්ගෙ තරම කොච්චරද කියල හිතාගන්න පුලුවන් නේ.

    ඉතින් ඩූම් මේ තරම් වැඩ්ඩෙක් වෙන්නෙ ඇයි? කතාවෙ මුලට ආයෙ ගියොත් ඔයාලට මතක ඇති ඩූම් කියන්නේ තමන්ගෙ ජීවිතේ කාත් කවුරුවත්ම නැති අනාතයෙක් විදිහට පටන්ගෙන පස්සෙ එයාගෙ රට පාලනය කරලා, ඊට පස්සේ ලෝකයම පාලනය කරලා ඊටත් පස්සේ මුලු මල්ටිවර්ස් එකම පාලනය කරනවා. ඇත්තටම ඩූම් කරන්න දුෂ්ටයෙක් කරනවා වගේ බලෙන් පාලනය පැහැරගන්න එක වුණත් එයා තරම් හොඳ පාලකයෙක් ලෝකෙට හරි මල්ටිවර්ස් එකටම හරි කවදාවත් බිහිවෙයිද? කිසි දේකින් නොසැලී එයාගෙ රටේ තිබ්බ දුර්දාන්ත පාලනය පලවා හැරලා එයාගෙ රටේ බිහිවුණු ශ්‍රේෂ්ඨම පාලකයා බවට පත් වෙන ඩූම් එතනින් නතර නොවී ලෝකෙටම එයාගෙ දර්ශනය පෙන්වල දෙන්න හැදුවත් එයා අසාර්ථක වෙනවා. ඒත් ඒකෙන් සැලෙන්නෙ නැතුව එයා කරන්නෙ පෘථිවියට විතරක් සීමා නොවී මුලු මල්ටිවර්ස් එකටම එයාගෙ පාලනය ව්‍යාප්ත කරන එක. ඔව් කෙනෙක්ට එයා බොහොම දරුණු විලන් කෙනෙක් විදිහට පේන්න පුලුවන්. හැබැයි එයාගෙ ඒ විලනස් බවින් එයාගෙ දර්ශනයේ තිබ්බ ශ්‍රේෂ්ඨත්වය නැති වෙන්නෙ නෑ. ඒකයි බැස්ට් පවා පිලිගන්නේ ඩූම් තමා හොඳම පාලකයා කියලා. ඉතින් මං කලින් කීව සීක්‍රට් වෝර්ස් වල අවසානෙදි ඩූම් අන්තිමට එයා කරපු වරද තේරුම් ගන්නවා.

    මේ වගේ හේතු නිසා තමයි ඩූම් විලන් කෙනෙක් වුණත් එයාගෙ ශ්‍රේෂ්ඨත්වය කියන සාධකය ඉතා ඉහළ තැනක තියෙන්නේ. සරලවම කියනවා නම් ඩොක්ටර් ඩූම් මාවල් මල්ටිවර්ස් එකේ ශ්‍රේෂ්ඨම දුෂ්ටයා වෙන්නේ ඒ නිසායි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    ඩිස්නි කියලා තියෙන විදියට ඒ ප්‍රොජෙක්ට් 15 බැලුවම ඩූම් කවුද කියලා හරියට දැනුමක් එනවද....

    උත්තරේ කිසිසේත්ම නෑ කියලා තමා කියන්න තියෙන්නේ,

    හරිම ඩූම් කවුද කියලා බලන්නම් ඔයාට කොමික් ටික කියවන්න වෙනවා, කොමික් කියවන්න ගියොත් 230ක් වගේ තියේ, අනික පට්ට දිගයි, ඕක කරන්න බැරි වැඩක්, ඒ නිසා හරිම කොමික් ඩූම් ගැන තියෙන පෝස්ට් එක ඉස්සරහට ගේන්නම්....

    හරි එහෙනම් ඩිස්නි කිව්ව විදියට බලන්න ඕනි මේ ෆිල්ම් ටික,

    • X-Men (2000)
    • X2 (2003)
    • Captain America The First Avenger
    • The Avengers
    • Avengers: Infinity War
    • Avengers: Endgame
    • Loki
    • Shang-Chi
    • Spider-Man No Way Home
    • Black Panther Wakanda Forever
    • Captain America Brave New World
    • Deadpool & Wolverine
    • Doctor Strange in the Multiverse of Madness
    • Thunderbolts
    • The Fantastic Four First Steps

    (මේ ඔක්කොම දැනට ආපු සියලුමම කොලටි වලින් MCF අප්ලෝඩ් කරලා තියෙන්නේ, ඔයාලට වෙබ් සයිට් එකෙන් හරි ටෙලිග්‍රැම් එකෙන් මේ ඔක්කොම ගන්න පුලුවන් කොල්ටියටම🤩)

    මෙතන එයාලා රෙකමන්ඩ් කරලා නෑ Fantastic Four, X-Men ඔක්කොම ෆිල්ම් ටික බලන්න කියලා, හැබැයි MCF අපේ රෙකමන්ඩෙශන් එක තමා අපි දාන පිලිවෙලට බලන්න කියන එක, මොකද අපිට ඕනි ඔයා ඩූම්ස්ඩේ බලනකොට 100% ඒ බලන්නේ මොකක්ද කියලා දැනන් ඉන්න එක...

    අනික ඩිස්නි කියලා නෑ වන්ඩා-විශන් වගේ සීරිස් ටික බලන්න කියලත්, ඉතින් ඔය ෆිල්ම්, සීරිස් 15 බලලා ඔයාලට ඩුම් කවුද කියලා මෙලෝ සංසාරෙක දැනුමක් ගන්නම් බෑ හොදේ...

    කොමික් ඩූම් ගැන හරිම ලිපිය දෙවනි කොටසින් අරන් එන්නම්😌

    Odin-Force තෝර් ගැන පලවෙනි ලිපියෙන් පස්සේ අපේ සෙට් එක රික්වෙස්ට් කරලා තිබ්බා ඩූම් හා තෝර් ගැන තව ලිපියක් ඕනි කියලා.....🔥

    ගොඩක් අය කොමික් කියවන්නේ නැතුව නිකන්ම නිකන් Google සර්ච් කරලා "ඩූම්ද තෝර්ද කවුද දිනන්නේ කියලා..?" එහෙම නිකම් කොමික් කියවන්න බෑ, මොකද එක එක එක්කෙනා ලියපු කොමික් බර ගානක් තියේ....

    කොමික් ගැන නොදන්න අය ගොඩක් හිතන්නේ Odin Force තෝර් කියන්නෙම Rune King Thorට මයි කියලා, ඒක සම්පුර්ණයෙන්ම වැරදියි, ඒ බලයන් දෙකක්, ඒ බලයන් දෙක ලැබෙන්නේ දෙවිදියකට...ඒ වගේම Avengers: Doomsday ට්‍රෙලර් එකේ පෙන්නන Gold පාට අකුණු එන්නේ Odin Force තෝර් නිසා😌

    ඔන්න ඔරිජිනල් කොමික් වලට අනුව Odin Force තෝර් සමග ඩොක්ටර් ඩූම් හා God Emperor Doom අතර බල අරගලයෙන් දිනන්නේ කියලා බලමු...

    Marvel Comics විශ්වයේ සඳහන් වන ආකාරයට, Odinforce Thor හට සාමාන්‍ය Doctor Doom ව පරාජය කිරීමට හැකියාවක් තිබුණද, God Emperor Doom ව පරාජය කිරීමට ඔහුට කිසිසේත්ම නොහැකිය.

    1. සාමාන්‍ය Doctor Doom සමග Odin Force තෝර් වලියක් ගියහොත්

    Odinforce බලය සහිත Thor (King Thor) හට සාමාන්‍ය Doctor Doom ව ඉතා පහසුවෙන් පරාජය කළ හැකිය. Odinforce යනු මුළු මන්දාකිණි (Galaxies) පවා විනාශ කිරීමට තරම් ප්‍රබල විශ්වීය බලයකි. Doctor Doom කොතරම් දක්ෂ මායාකරුවෙකු හා විද්‍යාඥයෙකු වුවත්, සෘජු සටනකදී Odinforce Thor ඉදිරියේ ඔහුට පැවැත්මක් නැත.

    2. God Emperor Doom හා Odin-Force තෝර් අතර වලියක් ගියහොත්...

    God Emperor Doom යනු මුළු Multiverse එකම පාලනය කළ අතිශය බලවත්ම චරිතයකි. ඔහුට මෙම බලය ලැබුණේ Beyonders නම් මුළු Multiverse එකම නිර්මාණය කළ සහ විනාශ කළ අතිප්‍රබල ජීවීන්ගේ බලය උරා ගැනීමෙනි (Molecule Man ගේ උදව්වෙන්).

    📌 ප්‍රතිඵලය: Odinforce යනු එක් විශ්වය ඇති Skyfather මට්ටමේ බලයක් පමණි. නමුත් God Emperor Doom සතුව තිබුණේ Multiversal බලයකි. Secret Wars (2015) කොමික් කතා මාලාවේදී Infinity Gauntlet එක පැළඳ සිටි Black Panther (T'Challa) සහ අර්ධ වශයෙන් Phoenix Force බලය ලබා සිටි Cyclops පවා God Emperor Doom ඉදිරියේ පරාජය විය. එබැවින් Odinforce Thor හට God Emperor Doom අසලටවත් ළඟා විය නොහැක.

    3. Thor හට Odinforce බලය ලැබෙන්නේ කෙසේද?

    Odinforce යනු Asgard හි රජුට (All-Father) උරුමවන පරම්පරාගත විශ්වීය බලයයි. මෙය ආරම්භ වූයේ Odin සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා වන Vili සහ Ve ගේ බලයන් එකතු වීමෙනි. පසුකාලීනව මෙය Thorforce ලෙසද හැඳින්වේ.

    Thor හට මෙම බලය ලැබෙන ප්‍රධාන ක්‍රම 3ක් කොමික් ඉතිහාසයේ දැක්වේ:

    1 ක්‍රමය:

    Odin ගේ මරණයෙන් පසු සිදුවන ස්වභාවික උරුමය

    📌 කොමික් කතාව: Thor Vol. 2 #40 - #44 (2001)

    Surtur නම් ගිනි යක්ෂයා සමඟ සිදුවූ මහා සටනකදී Odin මියයයි. Asgard හි ඊළඟ නීත්‍යානුකූල උරුමක්කාරයා සහ රජු (Lord of Asgard) බවට Thor පත්වන විට, Odin සතුව තිබූ සම්පූර්ණ Odinforce බලය ස්වයංක්‍රීයව Thor වෙත ගලා එයි. මෙහිදී Thor සාමාන්‍ය දෙවියෙකුගේ මට්ටමේ සිට Skyfather මට්ටම දක්වා පරිවර්තනය වේ.

    2 ක්‍රමය:

    දැඩි කැපකිරීම් හා චාරිත්‍ර හරහා (Rune King Thor)

    📌 කොමික් කතාව: Thor Vol. 2 #80 - #85 (Ragnarok storyline, 2004)

    Ragnarok (Asgard හි විනාශය) නැවැත්වීමට නම් තම පියා වූ Odin ටත් වඩා බලවත් විය යුතු බව Thor තේරුම් ගනී. ඒ සඳහා ඔහු,

    📌 ප්‍රඥාව ලබා ගැනීමට තම දෑස් දෙකම (Odin කැප කළේ එක් ඇසක් පමණි) Mimir ගේ ළිඳට පූජා කරයි.

    📌 ලෝක වෘක්ෂය වන Yggdrasil හි එල්ලී මරණයට ආසන්න වන තුරු දුක් විඳිමින් Runes (විශ්වීය මායා අක්ෂර) වල රහස් අවබෝධ කර ගනී.

    📌තෝර් පරාජය කළේ "Those Who Sit Above in Shadow" නම් අද්භූත දෙවිවරුන් පිරිසයි. මොවුන් Asgardians ලාගේ Ragnarok චක්‍රයෙන් ශක්තිය උරා ගන්නා, Celestials ලාටත් වඩා බලවත් යැයි සැලකෙන ජීවීන් පිරිසකි (සමහර කොමික් වල ඔවුන් Beyonders ලාගේ කොටසක් ලෙසද ඉඟි කර ඇත). Rune King Thor විශ්වය සමඟ එක් වී (One with the Universe) පැවැත්මේ සම්බන්ධය කපා දැමීය.

    මෙම කැපකිරීමෙන් පසු Odinforce බලය සහ Runes බලය එකතු වී ඔහු Rune King Thor බවට පත්වේ. මෙය Thor ගේ ඉතිහාසයේ බලවත්ම අවස්ථාවකි.

    🔥 Rune King තෝර් හා God Emperor Doom අතර සටනක් ගියාම කවුරු දිනයිද 🔥

    කොමික් රසිකයන් අතර වඩාත්ම විවාදයට තුඩු දෙන සටන මෙයයි. එනම් Rune King තෝර් හා God Doctor Doom අතර සටනක් ඇති උනොත් කවුරු දිනයිද යන්නයි.

    නමුත් කොමික් සාක්ෂි අනුව God Emperor Doom මෙම සටනින් ඉදිරියෙන්ම සිටියි.

    🔥 බල පරාසය 🔥

    - Rune King Thor ගේ සීමාව: ඔහුගේ බලය ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වූයේ එක් විශ්වයක (Earth-616) සහ Yggdrasil (ලෝක නවය) තුළයි. ඔහු විශ්වීය (Universal) සිට Low-Multiversal මට්ටම දක්වා බලවත් විය.

    - God Emperor Doom ගේ සීමාව: විශ්වයන් දහස් ගණනක් විනාශ වෙද්දී, ඒවායේ ඉතිරි වූ කොටස් එකතු කර Battleworld නම් ලෝකය තනිවම නිර්මාණය කර පාලනය කිරීමට තරම් ඔහුගේ බලය High-Multiversal විය.

    ඒ අනුව God Emperor Doom හට Rune King Thor හට සටනක් ගියහොත්, ඩූම් ජයග්‍රහණය කිරීමට ඉහල සම්භාවිතවයක් පවති.

    📍විශේෂ සටහනක් කිව්වොත්:

    Rune King Thor හට සර්වඥතාවය (සියල්ල දැනගැනීමේ හැකියාව) ඇති නිසා, God Emperor Doom ගේ බලය රඳා පවතින්නේ Molecule Man (Owen Reece) මත බව ඔහුට තේරුම් ගැනීමට හැකි වුවහොත්, සෘජු සටනකින් තොරව උපායශීලීව Doom ගේ බලය අහිමි කිරීමට පමණක් Rune King Thor හට කුඩා අවස්ථාවක් තිබේ. නමුත් සෘජු බල සටනකදී God Emperor Doom අපරාජිතය.

    3 ක්‍රමය:

    Odin විසින් සෘජුවම බලය පැවරීම

    📌 කොමික් කතාව: War of the Realms (2019) සහ Thor Vol. 6 (Donny Cates run, 2020)

    Malekith විසින් ආරම්භ කළ War of the Realms යුද්ධය අවසානයේදී, තමන් තවදුරටත් Asgard හි රජකමට සුදුසු නැති බව තේරුම් ගන්නා Odin, සිය කැමැත්තෙන්ම කිරීටය සහ සම්පූර්ණ Odinforce බලය Thor හට පවරා දෙයි. එතැන් සිට Thor "All-Father Thor" ලෙස පාලනය ගෙන යයි. (පසුව Thor #23 හිදී Odin මියගොස් Mjolnir මිටිය තුළට ඔහුගේ ආත්මය එකතු වීමෙන් මෙම බලය තවත් තහවුරු වේ).

    📌 Odinforce Thor සතු විශේෂ බලයන් මොනවාද?

    Odinforce බලය ලැබුණු පසු Thor හට Mjolnir මිටිය නොමැතිව පවා පහත දේ කළ හැකිය:

    -Reality Warping: යථාර්ථය සහ පදාර්ථ තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීම.

    -Time & Space Manipulation: කාලය නතර කිරීම, කාලය හරහා ගමන් කිරීම සහ ඕනෑම විශ්වයකට Teleport වීම.
    (අන්තිම Doomsdayn ට්‍රේලර් එකේදි තෝර් හා කැපා ටෙලිපෝට් වෙනවා පෙන්නවා නේද, එතකොට හිතන්න පුලුවම් එවිට තෝර්ට Odin-Force බලය් හම්බෙලා කියලා වගේම ඒ ටෙලිපෝට් වෙන්නේ කෙලින්ම ඩූම් එක්ක වලිය යන තැනට කියලා)

    -Odin-Blast: මුළු ග්‍රහලෝක සහ මන්දාකිණි පවා ක්ෂණයකින් විනාශ කළ හැකි ප්‍රබල ශක්ති ප්‍රහාර එල්ල කිරීම.

    -Resurrection: මියගිය ජීවීන්ට නැවත පණ දීම.
    ------ Post added on Nov 24, 2026 at 9:40 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    Avengers Doomsday Final Trailer Breakdown පරණ තීරණ වල ප්‍රතිඵල සහ අවසන් සටන සමඟ සැඟවුණු රහස්

    December 18 වැනිදා රිලීස් වෙන්න තියෙන Avengers: Doomsday එකට තව සති තුනක්වත් නැති වෙලාවේ Marvel ලා අන්තිම Final Trailer එක එළියට දැම්මා. කලින් ආපු trailer එකෙන් Doctor Doom ගේ බලයයි X Mansion එකේ විනාශයයි ගැන පොඩි ඉඟියක් දුන්නා නම් මේ Final Trailer එකෙන් කරලා තියෙන්නේ ඊට වඩා ගොඩක් ලොකු වැඩක්. ඒ තමයි Avengers: Endgame එකෙන් පස්සේ පහුගිය අවුරුදු ගාණ පුරාවට එක එක movies සහ series වල විසිරිලා තිබුණු කෑලි ටික ඔක්කොම ලස්සනට එකම තැනකට connect කරන එක. ඉතින් කිසිම hype එකක් නැතුව වගේම movie එක spoil කරගන්නෙත් නැතුව මේ Final Trailer එක ඇතුළේ තියෙන details ටික සහ කලින් අපිට හම්බවුණු clues එක්ක ඒවා ගැලපෙන විදිය අපි අද හෙමීට කතා කරමු.

    මේ Trailer එක පටන් ගන්නේ ලොකු සද්ද බද්ද වලින්වත් fight එකකින්වත් නෙවෙයි හරිම සාමකාමී ගෙදරකින්. හැබැයි මුළු movie එකේම මුල තියෙන්නේ මෙන්න මෙතන මෙතන අපිට Steve Rogers සහ Peggy Carter දෙන්නා තමන්ගේ පුතාට ඇත්ත හංගගෙන ඉන්න එක ගැන කතා වෙනවා අපිට බලාගන්න පුලුචන් වෙනවා. මෙතන Steve ට හිතට පොඩි වදයක් වෙලා තියෙන්නේ එයාලා ඇත්තටම කවුද කියලා පුතාට නොකියා ඉන්න එක ගැන. හැබැයි මෙතනදී ගොඩක් අයට එක පාරටම මගහැරෙන්න පුළුවන් ලොකු detail එකක් තියෙනවා ඒ තමයි මේ scenes ඇතුළේ කාල දෙකක් නැත්තම් timelines දෙකක් පැහැදිලිවම පෙන්නන එක. එක පැත්තකින් කොට කොණ්ඩේ තියෙන පරණ කාලේ විදියට ඇඳගත්තු Steve සහ Peggy චූටි බබා එක්ක ඉන්නවා පේනවා. අනිත් පැත්තෙන් දිග කොණ්ඩේ සහ රැවුල වවාගෙන ඉන්න Steve එක්ක අලුත් කාලේ පෙනුමක ඉන්න Peggy ඉන්නවා වගේම ඒ වෙද්දී එයාලගේ පුතාත් ටිකක් ලොකු වෙලා. Steve තමන්ගේ පරණ Captain America suit එක පෙට්ටියක දාලා වහලා සාමාන්‍ය තාත්තා කෙනෙක් විදියට පුතාට බයිසිකල් පදින්න උගන්නන සරල ජීවිතයක් ගෙවනවා අපිට මෙතනදි බලාගන්න පුලුවන් හැබැයි කලින් අපිට දකින්න ලැබුණු විදියට Loki පවා ඒ පරණ කාලේ ගෙදර දොරට තට්ටු කරලා Steve සහ Peggy දෙන්නටම උදව් කරන්නම් කියලා ඇවිත් තියෙද්දී අවුරුදු ගාණකට පස්සේ ආයෙමත් එයාලව හොයාගෙන එන්න වෙන තැනට කතාව මේ තරම් දුර ගියේ කොහොමද කියන එක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ.

    කොහොමහරි ඊලගට ඒ නිදහසේ තිබුණු ගෙදර ජනෙල් වලින් එකපාරටම සැර එළියක් ඇතුළට වැදිලා මුළු ගේම හෙලවෙනවා. Steve පරිස්සමට Peggy වත් පස්සට කරලා එළියට ගිහින් බලද්දී ඒ එළිය මැදින් ඇවිදගෙන එන්නේ වෙන කවුරුත් නෙවෙයි Fantastic Four සෙට් එක. එතන ඉන්නේ 2025 ආපු The Fantastic Four: First Steps movie එකෙන් MCU එකට අලුතෙන්ම හඳුන්වලා දුන්න Reed Richards නැත්තම් Mister Fantastic, Sue Storm නැත්තම් Invisible Woman, Johnny Storm නැත්තම් Human Torch වගේම Ben Grimm නැත්තම් The Thing කියන සෙට් එක.ඒ වගෙම මතක තියාගන්න මෙ කලින් ආපු පරණ Fox movies වල හිටපු අය නෙවෙයි මේ ඉන්නේ 1960 ගණන් වල retro futuristic vibe එකක් තියෙන වෙනම universe එකක ඉඳන් Thunderbolts අන්තිමට අර 4 අකුර ගහපු ship එකෙන් main MCU timeline එකට ආපු අලුත්ම සෙට් එක තමයි මේ ඉන්නේ. ඒ වගේම එයාලා එයාලගේ රොබෝ වෙන HERBIE සහ Reed ගෙයි Sue ගෙයි පුතා වෙන Franklin Richards පවා මේ කතාවට සම්බන්ධ වෙනවා කියලා එතනින් බලාගන්න පුලුවන් ඉතින් ඔන්න ඔය සෙට් එකෙන් Reed Richards ඉස්සරහට ඇවිත් කෙලින්ම අහන්නේ Are you Steve Rogers ද කියලා. මෙතනින් පස්සේ Marvel අපිට පෙන්නන shots ටික තමයි කතාවේ ඇත්තම හරය එළියට දාන්නේ. එකපාරටම Avengers Endgame එකේ වතුරේ පා කරපු Proof That Tony Stark Has A Heart කියලා ගහපු Tony Stark ගේ Arc Reactor එක පෙන්නනවා ඒ එක්කම Steve අර Infinity Stones ටික ආපහු දෙන්න Quantum platform එකට නැග්ග දවස ගැන මතක් කරනවා එතනදි Steve කියන්නේ අවුරුදු ගාණකට කලින් ලෝකේ හරිගස්සන්න ඕනේ දේ එයාලා කළා හැබැයි ඒ ගත්තු තීරණ වලට මේ වගේ ප්‍රතිඵල එයි කියලා කවුරුත් හිතුවේ නෑ කියලා. ඒ කියන්නේ Steve ආපහු අතීතෙට ගිහින් Peggy එක්ක ජීවත් වෙන්න ගත්තු තීරණයම තමයි මේ මුළු Avengers Doomsday අවුලටම මුල වෙලා තියෙන්නේ කියලා මාවල් ලා අපිට tease එකක් දෙනවා. ඒ අතරෙම Tony Stark මේ trailer එකේ නැති වුණත් එයාගේ memorial එක මෙතනටම ගෙනල්ලා තියෙන එක සහා Robert Downey Jr ම Doctor Doom විදියට එන එකත් එක්ක නිකන්ම වුණ දෙයක් වෙන්න බැහැ කියලත් අපිට නොදැනෙන්න අගවලා තියෙනවා.මේ අතරෙම ඊලගට ගෙදර ඇතුළේ Fantastic Four කට්ටිය දැකපු Steve ගේ පුතා පුදුමෙන් අහනවා Dad were you a superhero කියලා එතන Steve හෙමීට There were six of us we were called the Avengers කියලා දෙන උත්තරේ ඇත්තටම කතාව ආයෙත් අපිව මුල්ම Avengers දවස් වලට අරගෙන යනවා.

    ඊළඟට trailer එකේ මුළු vibe එකම අඳුරු වෙනවා Doctor Doom ගේ එන්ට්‍රි එකත් එක්ක. කොළ සහ රන්වන් පාට වීදුරු තියෙන ලොකු හෝල් එකක් මැදින් Doom ඇවිදගෙන එද්දී එයාගේ දෙපැත්තෙන් මූණු වහගත්තු අමුතු සෙට් එකක් ඉන්නවා අපිට බලාගන්න පුලුවන් වෙනවා මේ තමයි Doom ගේ Latverian Witches ලා. මෙතනදී තමයි කලින් අපිට හම්බවුණු ලොකුම dot එකක් හරියටම සෙට් වෙන්නේ ඔයලාට මතක නම් VisionQuest එකේ අන්තිමට Mount Wundagore වලට කඩාගෙන වැටුණු ගල් ගොඩ යටින් Doom ඇවිත් Scarlet Witch ව ආපහු නැගිට්ටවලා එයාගේ බලය තමන්ට ගන්න හදපු විදිය ඉතින් ඒ අයට පැහැදිලිවම තේරෙනවා Doom ළඟ ඉන්න මේ කට්ටිය ඇතුළේ ආපහු පණ ආපු Scarlet Witch පවා ඉන්නවා කියලා. මේ trailer එකේදී Doom ව වැඩිය පෙන්නුවේ නැති වුණත් එයා කියන එක ලයින් එකකින් එයාගේ මුළු ප්ලෑන් එකේම අරමුණ එළියට එනවා ඒ තමයි All of you have lived stolen lives but now you must give them back කියන කතාව. Steve තමන්ගේ පවුල එක්ක ගෙවපු ජීවිතේ වගේම Thor තමන්ගේ දුව Love එක්ක ගෙවපු ජීවිතේ හැමදේම Doom දකින්නේ කාලය සහ Multiverse එක අවුල් කරලා හොරකම් කරගත්තු ජීවිත විදියට. අනිත් පැත්තෙන් අපි කලින් දැක්කා Doom කෙලින්ම Fantastic Four ලගේ ගෙදරටම ගිහින් පොඩි Franklin Richards ව මුණගැහුණු හැටි වගේම පොළොව යට බංකරේක හැංගිලා වැඩ කර කර හිටපු Bruce Banner වත් අල්ලගන්න කවුරුහරි කඩා වැදුණු හැටි ඉතින් ඒ කියන්නේ Doom මේ වලියට බැහැලා ඉන්නේ හරිම ලොකු ප්ලෑන් එකක් ඇතුව කියන එක පැහැදිලියි මට මෙතන Doom කිව්ව කතාව එක්ක එකග වෙන්න වෙනවා.

    මේ අතරේ New York නගරයට උඩින් රෑ අහසේ වෙනත් ලෝක දෙකක්ම අපේ ලෝකේ හැප්පෙන්න වගේ ළං වෙලා තියෙන scene එකක් පේනවා. මේ තමයි කාලයක් තිස්සේ කතා වුණු Incursions. කලින් Doctor Strange එක්ක Clea ගියෙත් මේ වගේ Incursion එකක් නවත්තන්න ඒ වගේම Captain America: Brave New World එකේදී Samuel Sterns ඇවිත් Sam Wilson ට warn කළෙත් තමන්ගේ ලෝකේ අනිත් ලෝක වලින් බේරගන්න වෙන දවසක් ළඟදිම එනවා කියලා. ඒ විතරක් නෙවෙයි TVA එක ඇතුළේ Mobius සහ O B බලාගෙන ඉද්දීම universes දහස් ගාණක් එකපාරටම එකිනෙක හැප්පිලා විනාශ වෙන විදියත් අපි කලින් දැක්කා. ඒ හැම අනතුරු ඇඟවීමක්ම දැන් ඇත්තටම New York අහසේ වෙන්න පටන් අරගෙන කියලා ඔයාලට මෙතනදි පේනවා. මේ විනාසේ මැද්දේ Thor සහ Doctor Doom කෙලින්ම හැප්පෙන scene එකකදී Doom ගේ පහරකින් Thor විසිවෙලා යනවා අපිට පේනවා. හැබැයි trailer එකේම තව තැනකදී කැලෑවක් මැද Thor වෙනදා තියෙන නිල් පාට විදුලිය වෙනුවට තද කහ පාට විදුලි බලයක් පාවිච්චි කරනවා අපිට දකින්න හම්බෙනවා. Comics ගැන දන්න අයට මේක හරිම පැහැදිලි ඉඟියක් මොකද ඒ තමයි Odin ගෙන් ලැබෙන සැරම Odinforce බලය. Doom එක්ක හැප්පෙන්න නම් Thor ට තමන්ගේ සාමාන්‍ය ශක්තිය මදි කියන එක Marvel මේකෙන් හොඳටම පෙන්නලා දෙනවා වගේම ඒ තරම් බර වලියක් යන්න නියමිතයි කියලා අපිට නොකියා එයලා කියලා තියෙනවා.

    කතාවේ ඊළඟ වැදගත්ම තැන තමයි New York වල Avengers Tower එක. Fantastic Four ලගේ ship එක අහසේ ඉඳන් කෙලින්ම ඇවිත් Avengers Tower එකේ A අකුර ඇතුළෙන්ම ගොඩබානවා.ඔයාලට මතක නම් Thunderbolts එකේ අන්තිමට Yelena Belova සහ Bucky Barnes ඇතුළු John Walker Ghost සහ Red Guardian සෙට් එක අලුත් Avengers නමට copyright ප්‍රශ්න දාගෙන රණ්ඩු වෙවී ඉද්දී තමයි වෙනත් dimension එකකින් එන 4 අකුර ගහපු මේ ship එක එයාලගේ radar එකට අහු වුණේ. දැන් ඒ ship එක Tower එකට ඇවිත් තියෙනවා විතරක් නෙවෙයි ඒකෙන් Steve Rogers වත් එක්කගෙනම ඇවිත් තියෙනවා කියලා බලාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම මේ කොටසේදී ඇහැ පිය ගහන සනිකෙන් මගහැරෙන්න පුළුවන් චරිත කිහිපයක්ම ඉන්නවා.ඒ Avengers Tower එකේ පඩිපෙළේ පිටිපස්සට වෙලා සද්ද නැතුව ඉඳගෙන ඉන්න Bob නැත්තම් Sentry ව මෙතනදී දකින්න පුළුවන්. තමන්ගේ අඳුරු පැත්ත නිසා බලය පාවිච්චි කරන්න බයෙන් හිටපු Bob මේ වගේ ලොකු අවුලක් වෙද්දී Tower එක ඇතුළේ ඉන්න එකම ලොකු කුතුහලයක්. ඒ එක්කම කලින් beacon එකක් විදියට අහසට සිග්නල් එකක් යවපු Shang Chi ගේ Ten Rings අහසේ දිලිසෙනවා වගේම Shang Chi වලියට ලෑස්ති වෙනවා පේනවා. ඊට අමතරව තප්පර ගාණක පොඩි කොට shots දෙකකින් Kate Bishop සහ Ant Man ගේ දුව Cassie Lang වත් අපිට මුල් වතාවට මේ movie එකේදී දකින්න ලැබෙනවා. Cassie ගේ මූණේ තියෙන සීරියස් ගතියෙන් පේන්නේ මේ වලිය අලුත් පරම්පරාවේ heroes ලාටත් ලේසි වෙන්නේ නැති බවයි.
    ------ Post added on Nov 24, 2026 at 11:12 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,270
    17,509
    113
    මේ හැම කණ්ඩායමක්ම Avengers Tower එකට එකතු වුණාට පස්සේ Thor දෙන කතාව ඇත්තටම මේ trailer එකේ හොඳම realistic moment එකක්. එයා කෙලින්ම කියනවා I don't know what half of you do I don't even know who half of you are කියලා. පහුගිය අවුරුදු කීපයේ MCU එකේ චරිත ගොඩක් වැඩි වෙලා එකිනෙකා අඳුරන්නෙවත් නැති තැනට ආපු එක Marvel ලා තමන්වම පොඩ්ඩක් විහිළුවට අරගෙන දැන්වත් මේ පොඩි පොඩි තරහ මරහ පැත්තකින් තියලා එකට එකතු කරන්න ඔනි කියන පණිවිඩේ Thor ගේ කටින් දෙනවා. හැබැයි ඒ එකතු වෙන එක හිතන තරම් ලේසි නෑ කියලා පෙන්නන්න වගේ ඒ අතරෙම X Mansion එක ඇතුළේ Sam Wilson ගේ Captain America සහ Cyclops ගහහන්න fight scene එකකුත් පෙන්නනවා. The Marvels එකේදී Monica Rambeau අහම්බෙන් X Men ලෝකෙට ගිහින් Beast ව මුණගැහුණු දවසේ ඉඳන්ම මේ ලෝක දෙක අතර වලියක් එන බවට ඉඟි තිබුණා. හැබැයි ඒ හැම අවුලක්ම මැද්දේ Steve Rogers අර ship එකෙන් බැහැලා එද්දී Bucky ඇවිත් Steve ව තදින් බදාගන්න එකත් Sam Wilson සහ Scott Lang ඒ දිහා සතුටින් බලාගෙන ඉන්න එකත් හරිම හිතට වදින reunion එකක්. අනිත් පැත්තෙන් Shuri ඇතුළු Wakanda හමුදාවත් ලොකු වතුර තාප්පයක් ඉස්සරහ සටනට ලෑස්ති වෙලා ඉන්නවා අපිට බලාගන්න පුලුවන් ඒ Wakanda හමුදාවේ scene එකත් නිකන්ම පොඩි action කෑල්ලක් නෙවෙයි ඒකේ ලොකු කතාවක් හැංගිලා තියෙනවා මෙතනදී අපි දකින්නේ මුහුද මැද හරියටම වතුර දෙපැත්තට කරලා හිස් කරපු තැනක ලොකු වතුර තාප්පයක් ඉස්සරහ Shuri නැත්තම් Black Panther ඇතුළු Wakanda හමුදාව සටනට ලෑස්ති වෙලා ඉන්න විදියයි එතනට යානා දෙකක් ඇවිත් මුණගැහෙන හැටි පේනවා වගේම මේ වෙලාවේ Wakanda කට්ටියව හම්බවෙන්න ඇවිත් ඉන්නේ Fantastic Four සෙට් එක කියන එකත් හොඳටම පැහැදිලියි. හැබැයි මේ scene එක තවත් ගැඹුරට තේරෙන්නේ trailer එකේම තව තැනක Sue Storm නැත්තම් Invisible Woman තමන්ගේ force field බලය පාවිච්චි කරලා දැවැන්ත වතුර කන්දක් නවත්තගෙන ඉන්න shot එක දැක්කමයි කලින් ආපු trailer එකේදී Wakanda කට්ටියයි Namor ගේ Talokan හමුදාවයි එක්ක Sue Storm සහ Ben Grimm ඇතුළු සෙට් එක ඉන්න තැන එළියෙන් මුහුදු වතුර බැරියර් එකකින් රඳවලා තිබුණු හැටි මතක නම් මේ dots දෙකම ලස්සනට සෙට් වෙනවා. එක්කෝ මේ සාකච්ඡාවට කලින් Namor එක්ක පොඩි ගැටුමක් ගිහින් එයා ගහපු මුහුදු ප්‍රහාරයක් Sue නවත්තගෙන ඉන්නවා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් Incursion එක නිසා මුහුදට ආපු ලොකු අවුලකින් Wakanda සහ Talokan දෙගොල්ලොම එකතු කරගන්න ගිය වෙලාවේ සිද්ධ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් තමන්ගේ රටවල් සහ මිනිස්සුන්ව බේරගන්න ලොකු වගකීමක් තියෙන Shuri ඇතුළු Wakanda හමුදාවත් Namor ගේ Talokan කට්ටියත් මේ ලොකු වලියේදී අනිත් heroes ලා එක්ක එක පැත්තට ගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියන එක මේ scene එකෙන් හොඳටම පේනවා. අන්තිමට කොහොමහරි Steve හැමෝටම කියන්නේ If you can't find a way to trust them then I hope you trust me කියලයි.

    Trailer එකේ අන්තිම භාගය තමයි MCU fans ලා අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටපු හීනේ හැබෑ වෙන තැන. තඩි Sentinels රොබෝවරු වට කරගෙන ඉන්න Doctor Doom ඇවිත් Let's get started කියද්දී දූවිලි සහ දුම පිරුණු සටන් බිමක Beast ළඟ ඉන්න Cyclops තමන්ගේ කණ්ණාඩියට අත තියලා කෑගහනවා To me my X Men කියලා. Marvel Cinematic Universe එක ඇතුළේ X Men කෙනෙක්ගේ කටින් මේ ෆේමස් ලයින් එක ඇහෙන පළවෙනි වතාව මේක. ඊට පස්සේ කැමරාව ගමන් කරන ඒ දිග shot එක ඇතුළේ අපි දකින්නේ Endgame එකේ Avengers Assemble වලට පස්සේ එන ලොකුම එකතු වීම. Gambit සහ Nightcrawler එක්ක Mystique Beast සහ Cyclops ඇතුළු X Men සෙට් එකත් එක්කම Sam Wilson Yelena Belova Shang Chi Reed Richards Thor සහ මැදින් ඉස්සරහට එන Steve Rogers එකම පෙළකට හිටගන්නවා. කලින් එකිනෙකාට විරුද්ධව වලි දාගත්තු සෙට් ඔක්කොම Doom ගේ Sentinels හමුදාවට මුහුණ දෙන්න එකම පැත්තකට සෙට් වෙන හැටි පෙන්නලා තමයි trailer එකේ හොඳම පීක් එකට ගේන්නේ.

    හැබැයි මේ මුළු trailer එකම සීරියස් විදියට ඉවර කරන්නේ නැතුව අන්තිමට පරණ Avengers vibe එක මතක් කරලා දෙන පොඩි scene එකක් එකතු කරලා තියෙනවා. Avengers Tower එකේ landing pad එකේ Thor සහ Steve දෙන්නා ඇවිදගෙන යද්දී Steve කියනවා Thor කලින් කරපු speech එක හොඳයි කියලා. Thor ඒකට ස්තූති කරලා ආපහු Steve ට පොඩි කින්ඩියක් දානවා Steve ගේ speech එක නම් Captain America standard එකේ හැටියට ටිකක් සාමාන්‍යයි නේද කියලා. ඒ වෙලාවේ Steve තමන්ගේ අතේ තියෙන Mjolnir මිටිය පොඩ්ඩක් උස්සලා අහනවා This doesn't bother you does it කියලා. Thor කිසිම හිනාවක් නැතුව You know it does කියලා උත්තර දෙනවත් එක්කම Bifrost එළියෙන් දෙන්නම එකපාරටම අතුරුදහන් වෙනවා. මේ පොඩි කතාබහෙන් පේන්නේ කතාව කොච්චර අඳුරු සහ බරපතල වුණත් මේ පරණ චරිත අතර තියෙන පරණ ෆිට් එක තාමත් ඒ විදියටම තියෙනවා කියන එකයි.

    අන්තිමටම මගේ අදහස තමයි මේ Final Trailer එකෙන් Marvel කරලා තියෙන්නේ ඔක්කොම පහුගිය අපු movies post credits scenes set එකම හරියට එකතු කරන් ෆෑන්ස්ලට මේ දැං තියෙන සිද්දිය සොර්ට්කරගන්න සහ ඒ අයට ලොකු විශ්වාසයක් දෙන එක. කලින් වෙන වෙනම ගිය X Men Fantastic Four Thunderbolts TVA සහ පරණ Avengers කතා ටික ඔක්කොම ගාණට එකම තැනකට සෙට් වෙන හැටි දැන් හොඳටම පැහැදිලියි. Steve Rogers ගේ අතීත තීරණය වගේම Doctor Doom ගේ ප්ලෑන් එක සහ මුළු Multiverse එකේම ඉරණම විසඳෙන හැටි බලාගන්න තව තියෙන්නේ දවස් කිහිපයක් විතරයි. December 18 වැනිදා theatre එකේදී මේ හැම ප්‍රශ්නෙකටම ඇත්තම උත්තර හම්බවෙනකන් අපි තවත් මේ වගේම විස්තර ඇති breakdown එකකින් ආයෙත් හමුවෙමු.