ඔයාගේ කේන්දරේ කාලසර්ප යෝගයක් වැඩ කරනව මලයෝ.ගෙවෙන්නේ ගුරු මහ දශාවේ බුද අතුරු දශාවක්.ජ්‍යෝතිෂ්‍ය නියමයන්ට අනුව මේක ඉතාම සුබ කාලයක් ඕනෙම කෙනෙකුට.නමුත් ඔයාට මේකේ ප්‍රතිපල ලැබෙන්නේ ටිකක් අඩුවෙන්.බාධා සහිතව.කම් කටොලු මැද්දේ.හේතුව තමා අර මම කියපු කාලසර්ප යෝගයේ අනිසි බලපෑම.මම හිතන්නේ ඔයාව ගෙදරින් පිට රටකට එවන්ඩත් ඇත්තේ ඔය කාලසර්ප හේතුව හින්ද.මොකද ඔය යෝගයෙන් එන නරක ප්‍රතිපල වැඩී උපන් පලාතේ හෝ රටේ හිටියොත්.
ඉවසන් හිටපන් මල්ලි.උඹට තියෙන්නේ අර්ධ කාලසර්ප යෝගී තත්වයක්.හැමදාම කෙලවෙන්නේ නෑ.ජීවිතේ මැදි වයස වෙනකම් එනම් අවුරුදු 30 වෙනකම් මේ අර්ධ කාලසර්ප යෝගි තත්වය ක්‍රියාත්මක වෙනව.ඊට පස්සේ හොඳට ආදායමක් ලබල ජීවිතේ ගොඩ යන්ඩ පුලුවන්.එතකන් කට්ට කන්ඩ වෙනව.ඉතින් කසාද බඳිනව නම් බඳින්ඩත් ඕනේ කාලසර්ප යෝගයක් සහිත කෙනෙක්ව තමයි.එතකොට දෝෂ භංගවෙලා යනව.
මේ කෙල්ලගේ කේන්දරේ හරි ප්‍රබලයි.රවි බුධ ගුරු සිකුරු යෝගයක් තියෙනව.මේක මහා බලගතු යෝගයක්.ප්‍රාඩෝ ලෑන්ඩ්කෲසර් වල යන යෝගයක්.චන්ද්‍රයා නීචයි.ලෞකික දියුණුව ගැන සෑහෙන්ඩ බලනව.නැත්තන් කේස් දාගන්නව.
කොහොම වුනත් ඉවසීමෙන් ඉන්න එක තමා හොඳම ක්‍රියාමාර්ගය.