අම්මා අම්මා අම්මා අම්මා
දෙසවන් සනහා මා නැළවූ ඔබ - මියුරු මියැසියේ අරුත කියාදුනි
ඒ මියැසිය අද මා ගයනා විට - මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා
ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ - ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට - මා සිප ගන්නට ඔබ මා ළඟ නැත
අම්මා අම්මා අම්මා අම්මා
:(:(:(:(:(:(:(:(:(