www.lanka7.info
ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව ලබන මස 22 වැනි දින මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අභ්‍යාවකාශගත කෙරේ.නව චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද 87.5 භූ ස්ථායි කක්ෂයේ රඳවා මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහල අහසේ කක්ෂගත කිරීමට නියමිතය.ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව , නැගෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට 2013 ජනවාරි මුල සතියේ සිට අදාල සන්නිවේදන සේවා සැපයෙනු ඇත.චීන රජයට අයත් චීන චන්ද්‍රිකා සන්නිවේදන සමාගම සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක අවසන් ප්‍රතිඵලයක් ලෙස මෙය එළි දැක්වේ.ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට ඉකුත් 16 වැනි දා අත්සන් තැබුවේය.