මගේ සඳ ඔබ..!!
එදා සඳ නොව මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ
එදා ඔබ මට සරා සඳ විය
කවියකින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ විකළු කරමින්
උදා විය ගිරි ශිඛර සිරසේ..!
මෙදා ඔබ මට සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබද අද මා අසල ගැවසේ...!