සිපගතිමි පළමුව ඇගේ ගෙල
කිතියටද මන්දා,
මගෙන් මිදිලා දුවන්නේ ඇය
කොලුකමට පස්සෙන් ගිහිල්ලා,
පපු පෙදෙස සිප ගතිමි දෙවරක්
දරන්නට බැරි තැන සෙනෙහෙ බර,
එතැන එහෙමම වැතිරුනා ඇය,
ඇගෙ බරට මගෙ
මුවද ඇදවිය
ආදරේ උතුරනා හින්දයි
ඇදවෙලා ගිය මුව කෙලින් කර
පිටට දුන්නේ හාදු වැස්සක්
ආදරෙන් සියොළඟම වෙවුලා
සෙමෙන් අඩවන් කලා ඈ නෙත්
උච්චවස්ථා ශිථිලභාවෙන්
නිසලවම වැදහුන්නීය ඇය
එයින් ආනන්දයට පත්වී
සුරතාන්තෙක මිහිර ලැබුවෙමි
මොහොතකින් මා ඇගෙන් මුදවා
නාකන්ද ඇළ පතුලෙ දැම්මේ
කොහෙන් ආ පරයෙක්ද ඕකා?
ඇවිලුනි හදිසි කෝපය
එල්ලපල්ලා ඕකව!!!