ප්‍රිය දේහිනී ජීවන මඟ මේ දුර ආවේ
රුචිරානන මන මෝහන බැල්ම නිසාවේ
මේඝ වලාකුළු අප දැක අහසෙහි නැටුවා
නීල කැළුම් ඔය දෙනෙතින් විසිරෙනු දුටුවා
ප්‍රිය දේහිනී
මොනරිය රඟදෙනවා මෙන් සිය පිල් විහිදා
ඔබ රැඟු අන්දම සිහිවෙයි මට හමුවුනදා
අප පාමුල මැවී මැවී පෙනුන තුසීතේ
මට සිතුවම් පටකි ප්‍රියේ මිහිරි අතීතේ...