murali....අති විශිශ්ටයෙකු ලෙස නික්ම ගියේය.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    murali....අති විශිශ්ටයෙකු ලෙස නික්ම ගියේය.

    මුරලි තමන් ටෙස්ට් ක්‍රිකට් වලින් සමුගැනීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කියා සිටියේ 'තමන්ට මෙම තරග මාලාවම ක්‍රීඩා කොට සමු ගතභැකිවුවත් අභියෝගාත්මකව සමුගැනීමට අවශ්‍ය නිසා පලමු තරගෙන්ම සමු ගැනීමට තීරණය කල බවය.'

    අවසානයේ මුරලි සමුගත්තේ එම අභියෝගයද ජය ගනිමිනි.ටෙස්ට් තරග වල කඩුළු 800 ලැබූ ප්‍රථමයා වෙමිනි.
    මුරලි සමුගත්තේ අතිවිශිශ්ටයෙකු ලෙසින්ය.උපරිම ලෙස දස්කම් දක්වමින් තවත් තමන්ට ක්‍රීඩා කල හැකි බව පෙන්නුම් කරමින්ය.ශ්‍රී ලාංකා ක්‍රිකට් ඉතිහාසයේ විශිශ්ටතමයා මෙන්ම විශිශ්ටම ලෙස සමුගත් ක්‍රීඩාකයා වන්නේද මුරලිදරන්ය.
    පෞද්ගලිකව නම් මම ක්‍රිකට් ගැන දන්න දවසේ සිටම මුරලි ගැනද දනිමි.එහෙයින් ක්‍රිකට් තරම්ම මුරලිද අපිට සමීපය.පාසැලේ 13න් පහල ක්‍රීඩා කරන කාලයේ මමද බොහෝ දෙනෙකු මෙන්ම උත්සාහ කලේ මුරලි පන්දුයවන ආකාරය අනුකරණය කිරීමටය.මුරලි අපේ ජීවිත වලට බද්ද වී සිටි ක්‍රීඩකයෙකි.

    මුරලි ටෙස්ට් පිටියට පිවිස ඇත්තේ 92 වසරෙදිය.මුරලි ගැන වැඩියෙන්ම කතා කිරීම ඇරඹුනේ 95 ඕස්ට්‍රේලියා සංචාරයේදීය.ඩැරල් හෙයාර් විනිසුරුවරයා මුරලි පන්දුව දමා ගසන බවටබ් චෝදනා කිරීමත් සමඟින්ය.99 කාලයෙදි රෝස් එමර්සන් විනිසුරුවරයාද මුරලිට චෝදනා කලේය.එම අවස්ථාවේ අර්ජුන රණතුංග කණ්ඩයම සමඟ කටයුතු කල ආකාරය සිහිපත් කල යුතුය.
    ඉන්පසු දූස්‍ රා පන්දුව යොමු කිරීමේදීත් මුරලිට දමා ගසන චෝදනාව ඉදිරිපත් වුවත් ඒ හැම අවස්ථාවකදීම රටේ වාසනාවකට මුරලි නොදොස් විය.
    ඕස්ට්‍රේලියා,දකුණු අප්‍රිකා තනතිලි වල පන්දුව තියුනු ලෙස දඟ කැවීමට මුරලි සමත් වීම නිසා එකල විචාරකයන් පැවසූයේ මුරලි වීදුරු මතුපිටක් මත වුවද පන්දුව දඟ කවනු ඇතැයි කියාය.
    මුරලි ක්‍රිකට් ලෝකයට දායාද කල අපූරු තෑග්ග ලෙස දූස් රා පන්දුව හැදින්විය හැක.සාමාන්‍ය පිටදඟ පන්දුවක් යොමු කරන ආකාරයටම යවන පන්දුව අනිත් අතට දඟ කැවිය හැකිවේදැයි බොහෝ දෙනෙකු අත්හදා බලන්නට ඇත.නමුත් එය මුලින්ම කල හැකිවූයේ මුරලිටය.
    මුරලි දූස්‍ රා පන්දුව නිල වශයෙන් භාවිතය ඇරඹුයේ 2000 දශකයේ මුලදී වුවත් ඊට පෙර තරඟ වල ඔහු එම පන්දුව යොමු කල අවස්ථා මම දැක ඇත්තෙමි.වරක් නවසීලන්තයේ ක්‍රිස් හැරිස් එම පන්දුවෙන් දැවී ගියේය.එකල දූස් රා පන්දුවක් ගැන කිසිවෙකු නොදැන සිටීම නිසා විචාරකයින් පවා පැවසූයේ තණ තිල්ලේ ස්වභාවයක් අනුව පන්දුව අනිත් අතට දඟ කැවෙන්නට ඇති බවක්ය.
    දූස්‍ රා හදුන්වා දුන් මුල් කාලයේදී ඩැරන් ලීමන් වරක් දැවී ගියේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් දැවී යා දැයි සිතා ගත නොහැකි විලසිනි.දූස් රා පන්දුව එතරම් විශ්මයජනක එකකි.
    ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහන වැඩි ප්‍රමාණයකම යෝධ සෙවනැල්ල වූයේ මුරලිය.
    දැන් මුරලි සමුගෙන අවසන්ය.විශිශ්ටතමයෙකු ලෙස අප හදවත් තුල සදා ජීවත් වීමට මඟ පාදා ගෙන මුරලි ටෙස්ට් පිටියෙන් සමු ගත්තේය.ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියෙන්ද මුරලි සමු ගෙන ඇත.
    මෙතැන් පටන් ශ්‍රීලංකාවේ ජය මාවතේ යෝධ සෙවනැල්ල වීමට මුරලිට නොහැක.දවස පුරාම එක අන්තයකින් පන්දු යවන්න ටද නොහැක.
    මුරලිගේ අඩුව පිරවීම ලෙහෙසි නොවෙතත්. එය පිරවෙන ප්‍රමානය අනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ජයග්‍රහණ පිළිබඳවද තීරණය වනු ඇත.

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    අපගේ උණුසුම් සුභ පැතුම් සමඟ, ඔබගේ ඉදිරි ජීවන ගමනද එසේම සාර්ථක වේවා යයි පතමු.
    ඔබ අප රටට මහත් ආඩම්බරයකි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ රටට සම්පතක් වූ අපේ ශ්‍රී ලංකීය නාමය ලොව දස දෙස රැන්දූ මුරලි හෙවත් අපේ කාලයේ ක්‍රිකට් විශිශ්ටයාට අපේ උණුසුම් සුභ පැතුම් මෙසේ පුදකරමු

    මෙවන් පුතුන් වැදූ මව් පියවරුන්ට අප සැමදා ණය ගැතී
    මුරලි අප සැමදා ඔබ සමගයි ජය ජය වෙවා

     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Sirawata macho e wage nikma yamak nam lankawe wena katawath labeida kiyala kiyanna be. Wish him all the very best for the rest of your life. Onna owa Jayasooriya wage ewunta honda padam. Jayasooriyatath ohoma yanna tibuna habai dan nam ithin e gana hithala wedakuth ne.