“ලාභො අලාභො අයසො යසො ච
නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විප්පරිණාම ධම්මා”
ලාභය ය, අලාභය ය, යසස ය, අයසස ය, නින්දාව ය, ප්‍රශංසාව ය, සැපයය, දුක යන මේ ධර්ම අටට ලෝක ධර්ම යයි කියනු ලැබේ. මෙලොව වෙසෙන සෑම මිනිසකු කරා ම ඒ ධර්මයෝ වරින් වර පැමිණෙති. චක්‍රක් සේ කැරකෙන ඒ...