උපෝසථයේ වටිනාකම

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    උපෝසථයේ වටිනාකම

    52040690_308873343316956_1865664485495144448_n.jpg



    පින්වතුනේ, පින්වත් දරුවනේ,

    එක දවසක් බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරේදි ශාක්‍ය පිරිසක් හමුවෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, ‘‘ශාක්‍යවරුනේ, ඔබ උපෝසථ සිල් ආරක්ෂා කරනවද?” ‘‘නෑ” කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘ඇයි?” කියලා. ‘‘දන්නේ නෑ” කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘‘හරි පාඩුවක්. විශාල පාඩුවක්..” උන්වහන්සේ හරි ලස්සන උපමාවක් දේශනා කරනවා.

    ‘‘ශාක්‍යවරුනේ, ඔන්න මනුෂ්‍යයෙකුට රස්සාවක් ලැබෙනවා. මේ රස්සාවට දවසට කහවණුවක පඩියක් ලැබෙනවා නම් ඒ පඩිය හොඳද?” ‘‘හොඳයි” කිව්වා. ඊට පස්සේ ඇහුවා ‘‘එයාට දවසකට කහවණු දහයක්.. සීයක්… දාහක්… දසදාහක්… ලැබෙනවා නම් ලොකු පඩියක් නේද?” ‘‘එහෙමයි ස්වාමීනී, ඒක විශාල පඩියක්.” බුදුරජාණන් වහන්සේ අහනවා ‘‘හොඳයි එයාට දවසට කහවණු ලක්ෂයක පඩියක් ලැබුණොත්…?” ‘‘ස්වාමීනී, එහෙම නම් එයා මහා ධනවතෙක් වෙනවා.”

    ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘හොඳයි, ඒ කෙනා දවසට කහවණු ලක්ෂය ගාණේ අවුරුදු සියයක් ඒ රස්සාව කළොත්…? ‘‘ස්වාමීනී, මහා ධනවතෙක් වෙනවා” කිව්වා.

    ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා ‘‘ශාක්‍යවරුනේ, දවසට කහවණු ලක්ෂයේ පඩිය අරගෙන අවුරුදු සියයක් හම්බ කරනවාට වඩා එක දවසක් උපෝසථ සීලය රකින එක වටිනවා.” දැන් අපි කිව්වොත් දවසට ලක්ෂය ගාණේ අවුරුදු සියයක් හම්බ කරපු කෙනෙකුට කාලාන්තරයක් ඒකෙන් සැප විඳින්න බැරිද? ඊටත් වඩා සැප විඳින්න පුළුවන් මහා පිනක් දවසක උපෝසථයෙන් රැස්වෙනවා.

    මේ සූත‍්‍ර දේශනාව ඇහුවට මං පස්සේ කල්පනා කළා ‘අනේ පොඩි කාලේ අපට මේ දේවල් අහන්න ලැබිලා නෑනේ’ කියලා. අංගුත්තර නිකාය අටවෙනි නිපාතයේ තමයි මේ දේශනය තියෙන්නේ. එතකොට එහෙම නම් අනිත් අයව සීල සම්පත්තියේ පිහිටුවන්න වගේම අපට සීල සම්පත්තියට පැමිණීමටත් අපි මෙවැනි බුද්ධ දේශනා අහලා තියෙන්න ඕන.

    අහලා නැත්නම් වෙන්නේ අපි චාරිත‍්‍රයක් හැටියට සිල් ගන්නවා. ඊට පස්සේ හවස හතර හමාර පහ වෙනකොට බඩගිනියි. සිල් පවාරණය කරලා පන්සිල් අරගෙන මොනව හරි කාලා ඉතින් ඔහේ ඉන්නවා. ‘අපි සිල් ගත්තා’ කියනවා. සාමාන්‍යයෙන් එහෙමනේ වෙන්නේ නේද? නමුත් අවබෝධයකින් උපෝසථයක් ආරක්ෂා කරන්න ඇත්නම් අන්න තවත් අමතර පිනක් රැස්කළා වෙනවා. අනිත් අයවත් උපෝසථයේ යොදවන්න ඇත්නම් අපි තවත් අමතර පිනක් රැස් කරගන්නවා. මෙන්න මේක තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ, ධර්මය ශ‍්‍රවණය කියන්නේ, ධර්මය ඉගෙන ගැනීම කියන්නේ.

    බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව මතක තබාගෙන අපි මේ මේ දේශනාවට අනුව කටයුතු කරන්න මහන්සි ගන්න ඕන.

    මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

    හැම දෙනාටම තෙරුවන් සරණයි!

    උපුටාගැනීම : https://www.facebook.com/photo.php?fbid=308873339983623&set=a.115008686036757&type=3&theater



    අනෙකුත් ලිපි

    • මිථ්‍යා දෘෂ්ටිය


    ධර්ම දානය පිණිසයි
    තෙරුවන් සරණයි..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕනෙම නම් කිරිබත්ගොඩගේ බණ ඇහුවට, කියෙව්වට කමක් නැහැ. අනිත් හාමුදුරුවරුන්ගේ බණත් අහන්න. මොකද කිරිබත් කියන්නේ වෙන අයගේ බණ අහන්න එපා කියල. ඉස්ලාම් වගේ බුද්ධාගම දෙන්න හදනවා.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුද්ධ සාසනයේ තියෙන්නේ පිහිටන සිල් මිසක් අනුමෝදන් වෙන සිල් නෙමෙයි. මෙහෙම සීලයක් නැතුව නෙමෙයි හැබැයි මේකට ආර්ය උපෝසථ සීලය කියන්නේ හේතුවක් උඩ. මේක තථාගතයන් වහ්සේ පැනෙව්වේ අර්යන්ට (එනම් මාර්ග පල ලාබීන්ට). නැත්නම් මේක වැටෙන්නේ සීලබ්බත පරාමාස වලටම තමයි. මාර්ග පල නැතුව සිල් සමාදන් වෙනවා කියන්නේ හරියට පස්සපැත්ත මහල බඩයන්න බෙහෙත් දුන්නා වගේ වැඩක්.