“අනේ පලයන් බං. උඹට නම් ඉතින් ඔක්කොම විහිළු. ඒ හීනෙ ඉතුරු ටික මං ආයෙ බලන්නෙ නෑ සඳේ. බැලුවොත් මගෙ නදීට මාව නැති වෙනවා. තව ටික වෙලාවක් හිටියා නම් මං මැරෙනවා. මං හිටියෙ ලොරියට යට වෙලා එක කකුලක් කැඩිලා. ඔළුවෙන් ලේ ගලද්දි. ඒ කෙල්ලට මාව නැති කරන්න බැහැ බං. නදීට මං නැතුව ඉන්න බැහැ. බයික් එකෙන් බැහැලා...