තාත්තාගෙන් උගත් පාඩම්
තාත්තා හරි අපූරු මනුස්සයෙකි. ඕනෑම ප්‍රබලයෙකු ඉදිරියේදී කොන්ද කෙලින් තබාගෙන නොබියව වැඩ කලයුතු ආකාරය මා උගත්තේ තාත්තාගෙනි. රටෙන් බහුතරයක් දෙනා බොහෝ අප්‍රසන්නව කතා බහ කරන රැකියාවක් වන පොලිස් සේවයේ නියැළි මගේ තාත්තා තනතුරෙන් ස්ථානාධිපති වරයෙකි. අයථා ලෙස නූල් පොටක දෙයක් ඔහු තම...