හිතවත් දේශප්‍රේමී මැති-ඇමතිවරුනි,
හැමදාමත් අපි රැවටුණා.... කළ කී දේ ගැන පසුතැවුණා....
වර්තමානයේ අපේ රට පත්වෙලා තිබෙන ආර්ථික පරිහානිය ගැන මා ඔබතුමන්ලා
දැනුවත් කළේ බොහෝ කලක සිටයි.
ජාතික සැලසුම් පද්ධතිය නිසි පරිදි ස්ථාපනය නොකිරීම, අන්ධානුකරණයෙන්
මතවාදවල සිටිමින් ආනයන මත අනවශ්‍ය ලෙස යැපීම...