සදාදර මිනිසෙකුගේ නික්ම යෑම
අපි වැඩිය කතා නොකළට
මගේ ආදරේ මට කියාගන්න බැරි උනාට
හිතන්නෙපා මං ආදරේ කළේ නෑ කියලා
තමන් ගැනවත් හිතන්නෙ නැතුව
ඔයා අනුන්ටම උදව් කරනවට
හැමෝම විරුද්ධ වෙද්දි
මම හිතින් ඔයාගෙ පැත්ත ගත්තා
ඒ, මාත් ඔයාගෙම ජාතියෙ නිසා.......
ඒත් මං ගොළු වෙලා හිටියා
වැඩිහිටියන්ගෙ කතා වලට...