ස්වප්නයක් ....
ප්‍රේම සිතුවිලි බර වැඩි
හදට උහුලන්නට බැරි
සිහින අතරේ සරන විට දී
දැනෙන තනිකම කඳුලකි ...
හිරුට රහසින් හමු උනා
දෑස්පිය යට සැඟවුනා
නෙතට නෙත මුණ ගැහෙන හැම විට
ආදරේ මල් පිබිදුනා ...
සිහින එකිනෙක ගිලිහුනා
හිත හදා ගන්නට වෙහෙසුනා
ඒත් ඒ හැම විටකදිම හිත
ඔබම පතමින් ලතැවුනා ..