අහස තරම්...
අහස තරම් මං
ඔබට දුරයි කී දා
ඒ අහස කරා එන්නම් කියා
ආදරයෙන්
සපථ කළා ...
ජීවිතේ ම නතර කරන්
මං හිටි පියවර සිටියා
ඒ අහස කරා
ඔබ නැගෙන තුරා ...
පය පැකිලෙමින්
මඟ වැරදි වැරදී
ඔබ හෙමි හෙමින් ආවා
පිදු ආදරේ අදහා
මං මඟ බලා උන්නා …
කඳුලේ ගැලී
සුසුමේ වෙළී
අඳුරේම මා සිටියා
හිරු මඩල වී ඔබ
පහන් වී...