හිත මත හීන තියා..
හිත මත හීන තියා
ඔය ඇස් කීව කතා
මතකයි තවම සදා
ඉන්නකො ලඟට වෙලා..
හුස්මෙන් හුස්ම තියා
හැඟුමන් තොඳොල් වෙලා
සුවඳට පවන ගෙනා
හදවත උමතු වෙලා..
බොරුවට තරහ වෙලා
ආයෙත් යාළු වෙලා
ආදර පවස නිවා
ඔබ පෙම් වැස්ස වෙලා..
සවනට රහස් කියා
උරිහට වාරු වෙලා
මදකට නිහඬ වෙලා
නැවතත්...