පිණි බින්දුවක්
පිණි බින්දුවක් වැටුණි,
මගෙ හද පියුම මත....
සත් වසරකට පසු,
එක් සවස් යාමයක....
සිසිලසක් දැනුණි;
නවමු හැඟුමක් සමග....
ඉඩෝරය,
නිමා වූ බව දැනුණි,
හදවතට.....
දින, සති, මාස ගෙවුණි,
මට නොදැනීම ....
මිලින විය පියුම් පෙති,
ටිකින් ටික....
මා මත වැටුණු පිනි බිඳුව,
වෙනත් පියුමක් පතන බව...