පිණි බින්දුවක්

AspenK

Member
Apr 28, 2013
566
130
0
පිණි බින්දුවක්

පිණි බින්දුවක් වැටුණි,
මගෙ හද පියුම මත....
සත් වසරකට පසු,
එක් සවස් යාමයක....
සිසිලසක් දැනුණි;
නවමු හැඟුමක් සමග....
ඉඩෝරය,
නිමා වූ බව දැනුණි,
හදවතට.....

දින, සති, මාස ගෙවුණි,
මට නොදැනීම ....
මිලින විය පියුම් පෙති,
ටිකින් ටික....
මා මත වැටුණු පිනි බිඳුව,
වෙනත් පියුමක් පතන බව දැනුන විට....

හඬා වැලපී පලක් නැත,
හිත හදාගෙන,
ඇයට සුභ පතනු මිස......

හිත හදා ගන්නට,
හේතු සොයනා අතර තුර....
දුටිමි මගේ පිණි බිඳුව,
වෙනත් පියුමක් පතන තුර,
තවත් පියුමක්ද පතන බව......

එයම ඇති නේද මට......
හිත හදා ගන්නට,
යලිඳු පිණි බිඳු ගැන නොසිතන්නට.....
මේ විෂම ලෝකයේ...............