ධම්මික පෙරෙරා ව්යාපාරික පවුලකින් පැවත එන්නේ නැත. ඔහු ජීවිතය පටන් ගන්නා විට ඔහුට කිසිදු සමාජ සම්බන්ධතාවක් තිබුණේ ද නැත. අවුරුදු 19 දී කොළඹ පදිංචියට එන විට ඔහුගේ සාක්කුවේ තිබුණේ රුපියල් 500 ක් පමණි. එයින් අවුරුදු 15 කට පසු, එනම් වයස අවුරුදු 39 වන විට ඔහුගේ ආයෝජනයන් අතර විදුලි බලාගාර, බැංකු, කැසිනෝ...