තනිකඩව ඉන්න ද කල්පනාව
ලංකාවේ නං සාමාන්‍යයෙන් අවුරුදු විසිපහ, විසිහය පනිනකොට අම්මලා තාත්තලා, නැන්දලා මාමලා විතරක් නෙවෙයි, අහල පහල ඇසිලිං නැන්දලා, අබිලිං ගොයියලා එහෙමත් අපිව මූණට මුලිච්චි වුණු ගමන් මන්තරේ වගේ මතුරන්න ගන්න දෙයක් තියෙනවා. “දැන් කලවයස හරි නේද, තාම නැද්ද පෙළවහක් කොරගන්න කම්පනාවක්?”...