ඊළඟට තියෙන්නේ දස්සනා පහා තබ්බා කියන තැන. දර්ශන භුමිය. මේ සුත්‍රය ගත්තහම මේ ආශ්‍රව ක්‍ෂය කිරීමේ ප්‍රතිපදාවේදී දක්වන්නේ කාම ආසව, භව ආසව, අවිජ්ජා ආසව.මේකේ දිට්ටාසවය දක්වන්නේ නැහැ. ඇයි ඒ? අපි ආශ්‍රව ගැන කතා කරනකොට කාම ආසව, භව ආසව, දිට්ටාසව, අවිජ්ජා ආසව කියල ආසව හතරක් ගැන කතා කරනවා. සබ්බාසව...