බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..
බොල් වී අහුරු...
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ...