නොකී පෙමක මතක
ගුවන් යානය ගුවන් පථයෙන් ටිකෙන් ටික ඉහළට පියාසර කරන්ට වුණා. ආරක්ෂිත බඳපටි සියල්ල පැලඳගත් මා මගේ සමීප අසුනේ සිටි කාන්තාව දෙස කිහිප වතාවක් නෙත් යොමු කළා. ඒ සමහර අවස්ථාවලදී ඇයගේත් මගේත් නෙත් එකට ගැටුණා.
වයස අවුරුදු හැටකට ආසන්න මා මෙන් ම ඇයත් මගේ වයසට වඩා ටිකක්...