දේශීය වෙදකම මෙච්චර පහත් කරලා කතා කරන එක නම් හොද නෑ......

මොකද ඒ වෙදකමේ ගත යුත්තක් තියෙනවා......
සිංහල වෙදකමට මෙහෙම අපහාස කරලා තියන ත්‍රෙඩ් එකක් මට පේන්න මේ විදියට උඩට අරගත්ත එකට ඔබට ගොඩාක් ස්තුතියි....
මට සිංහල වෙදකම ගැන යම් අවබෝධයක් තියනවා. ඒ වගේම ආයුර්වේදය ගැනත් පොඩි අවබෝධයක් තියනවා.. මේ අංගුලිමාල නමින් පෙනී ඉන්න පුද්ගලයා හෝ තතැනැත්තිය 2012 වර්ෂයේ මෙම ත්‍රෙඩ් එක ආරම්භ කරලා සිංහල වෙදකමට දැඩි අපහාසයක් සහිතව කරුණු දක්වලා තියනවා. ඔහු මේකට සිංහල වෙදකම යන විෂය ඇදගන්නේ නැතිව එම විෂය ගැන මෙලො හසරක් දන්නේ නැතිව එය අවභාවිතා කරන හොර වෙද්දුන්ටයි ආයුර්වේද පර්මිට් අවභාවිතා කර ස්පා වගේ දේවල් මගින් මිනිස්සු මුලා කරන හෝ අපචාරයන් සිදු කරන සක්කිලි හැත්තට විරුද්ධව අදහස් දැක්වුවා නම් කිසිම අවුලක් නෑ.
නමුත් මොහු කරලා තියෙන්නේ මෙම විෂය ගැන මෙලො සංසාරෙක දැනුමක් හෝ අදහසක් නැතිව කිසිම පදනමක් නැති තර්ක දාලා සිංහල වෙදකම ගැන ද්වේෂ සහගතව හැල්ලුවට ලක් කර අදහස් දක්වලා තියන එක. අඩුම ගානේ මොහු මේ රටේ ඉතිහාසය ගැනවත් හරියට දන්නේ නෑ. සැරව ගෙඩියකින් පීඩා විදිමින් සිටි විෂඝා්ර නාගයකුට සැත්කමක් සිදු කලේ අපේ රටේ විශිෂ්ඨ රාජ්‍ය පාලකයකු සහ වෛද්‍යවරයෙක් වුන ධාතුසේන රජතුමා කියලවත් මතක නැති මෙවන් අය සහ එම අදහස් වලට ආධාර අනුබල ලබා දෙමින් අදහස් දක්වා ඇති සියල්ලන් සදහා රටට ආදරේ ඇති සියල්ලන් විසින් මෙවැනි සක්කිලි අදහස් ඉතා පිලිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.
මෙම අංගුලිමාල කියන තැනැත්තා හෝ තැනැත්තිය 2015 මැයි මස 15 වන දින අවසන් වරට ඔහුගේ ගිණුම වෙත ප්‍රවේශ වී ඇති බව නිරීක්ෂනය වෙනවා. මට හිතෙන්නේ ඔහු හෝ ඇය මේ කරලා තියන අපහාසයට ජීවතුන් අතර ඉන්නවාද කියන සැකය මට මතු වෙනවා.
කෙසෙු වුවත් මම ඔහුට හෝ ඇයට විවෘත්ත අභියෝගයක් කරනවා.... මාත් එකක විවෘත්ත විවාදයකට එන්න කියලා. ඔබ විසින් දක්වන පදනම් විරහිත අදහස් වලට මම දන්න සුළු දැනුමෙන් පදනමක් සහිතව කරුණු දක්වලා වැරදි අදහස් සුනු විසුන කරලා දානවා.... කොන්දක් තියනවා නම් මගේ අභියෝගය භාර ගන්න.
කිසිම අවස්ථාවක තමන් උපන් රටට... තමන්ගේ ජාතියට... තමන්ගේ ආගමට... තමන්ගේ රටේ ඉතිහාසයට ගරහන්න යන්න එපා. එහෙම කරන් උන් අපේ ජාතියේ පවට උපන්න සක්කිලි ඕපපාතික ජාතියක් බව සිහි තබා ගන්න...
අංගුලිමාල සහ ඊට ආධාර අනුබල ලබා දෙමින් සිංහල වෙදකමට අපහාසාත්මකව කථා කරපු හැමෝටම මම යෝජනා කරනවා... යන්න මිහින්තලයට... එතන තියන පැරණි ආරෝග්‍යඝාලාවේ නටබුන් සහ එහි කෞතුකාගාරය නරඹන්න. ඒ ගැන අධ්‍යනයක් කරන්න. ඔබට වැටහේවි සිංහල වෙදකම කියන්නේ මොකද්ද කියලා.....