රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ නුඹයි මමයි
හීනයක් වගෙ මගෙ හිත පාරවයි රිදෙයි..
පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එකව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්න තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි...
අඳුර ඉකි ගසයි...