රාජපක්ෂගේ විදුලි පුටුව කරේ තියාගත් ගැත්තන්ගේ ‘ඉට්කා‘ ඉක්කාව
පාර්ලිමේන්තු විපක්ෂය යනු ප්‍රධාන ‘විකල්ප පක්ෂය‘ වශයෙන් ගැනීමේ පුරුද්දක් අපට නැත, අපේ චිරාත්කාලීන සම්ප්‍රදාය වන්නේ, විපක්ෂය ‘විරුද්ධ පක්ෂය‘ වශයෙන් ගැනීමයි. විකල්පයක් තුළ අඩංගු වන්නේ, ප්‍රගතිගාමී වෙනසක් සඳහා වන සාධනීය විවේචනයකි...