යෝෂිත ඇතුළු පිරිසට ඇප

upCountry

Member
Nov 12, 2014
484
86
0
යෝෂිත ඇතුළු පිරිසට ඇප

සිඑස්එන් නාලිකාවේ බරපතල දුෂණ සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි යෝෂිත රාජපක්ෂ ඇතුළු පස් දෙනාට කොළඹ මහාධිකරණයේ දී අද (14) ඇප නියම විය.

යෝෂිතට අමතරව එහි අධ්‍යක්ෂ රොහාන් වැලිවිට, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් වන අශාන් ප්‍රනාන්දු හා කවිෂාන් දිසානායක මේ අතර වෙති.

ලක්ෂය බැගින් ශරිර ඇප ද රුපියල් දස ලක්ෂය බැගින් ඔවුන් මුදා හරින ලෙස නියම කැරිණි.

යෝෂිත ඇතුළු පිරිස රිමාන්ඩ් බාරයට පත් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් කළ නියෝගය ප්‍රතිශෝධනය කරන බව ද කොළඹ මාහාධිකරණ විනිසුරු ආර්.ආර්.ඒ.හෙයියන්තුඩුව මහතා අද ප්‍රකාශ කළේය.

අධිකරණයේ අවසරයක් නොමැතිව සැකරුවනට විදේශ ගමන් ද තහනම් කැරිණි.

එමෙන්ම කොළඹ මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා මෙම ඇප සම්න්ධ නියෝගය වහාම නඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

නිශාන්ත රණතුංගගේ නඩුව වෙනත් අධිකරණයක විභාග වෙමින් පවති. නඩුව අවසන්වීමෙන් පසු ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සමග හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයෙන් පිටතට පැමිණියේය. යෝෂිත වෙනුවෙන් ඇප අයැදුම ඉදිරිපත් කිරීමට මුල් වූයේද මාරපන මහතායි.
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    තවත් මාද්ය නාටකයක කොටසක් එසේ අවසන් විය.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    තවත් මාද්ය නාටකයක කොටසක් එසේ අවසන් විය.