සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුන පසු ඇති නො වේ. එමෙන් ඇතැම් හේතූන් ගේ ඵලය හේතුව විද්‍යමාන කාලයෙහි ම මිස හේතුව නැති වූ පසු ඇති නො වේ. ඒ න්‍යාය අනුව නම්...