සාමාන්‍ය නීතිය තුළ චෝදනා තුනක් යටතේ දික්කසාද නඩු ගොනු කළ හැකිය. ඒවා නම්;
01. අනාචාරය - විවාපත් යුවළෙන් කෙනෙකු පිටස්තර පුද්ගලයෙක් සමග කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වයි. අනාචාරය යන්න "සාධාරණ සැකයකින් තොරව" ඔප්පු කිරීමට අධිකරණය වෙත ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතුය...