අල්ලාහ් යන අරාබි වචනයෙහි සිංහල අරුත දෙවිඳුන් ය. එහෙත් ලොව පුරා මුස්ලිම් බැතිමතුන් තම භාෂාවෙන් දෙවිඳුන් යැයි නොපවසා අරාබි බසින් අල්ලාහ් යැයි පවසති. එයට හේතුව කිමෙක්ද? ඒ ගැන අප මදක් විමසා බලමු. ඓතිහාසිකවම ඉතා පොහොසත් ඉපැරණි භාෂාවක් වන අරාබි බසෙහි සෑම වචනයකටම ලිංග බේධ, ඒක වචන සහ බහු වචන තිබුණද...