ලිනස් ටොවල්ඩ්ස්
1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර...