මිල්ක්මේඩ්

Jan 31, 2011
150
52
0
මිල්ක්මේඩ් වලින් රස කෑම බීම වර්ග ගොඩක් හදන්න පුළුවන් . අනිවා අපි අද ඔයාලට ගේන්නේ පහසුවෙන්ම වැඩි මහන්සියක් නැතුව හදාගන්න පුළුවන් රසම රස මිල්ක්මේඩ් රෙසපි 6ක්. බලන්න මේව හදාගන්න කොච්චර ලේසිද කියල.


1. Milkmaid Biscuits


Milkmaid-recipes-01.jpg


අවශ්‍ය ද්‍රව්‍ය:

  1. සීනි කප් 1
  2. බටර් 500g
  3. මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  4. පිටි කප් 3
  5. බේකින් පව්ඩර් තේ හැන්දයි
  6. චොකලට් චිප්ස් 50g
  7. අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තියන්න.


  • බටර් සහ සීනි හොඳින් ක්‍රීම් වන තෙක් බීට් කර මිල්ක්මේඩ් එක් කර මිශ්‍ර කරන්න.
  • පිටි, බේකින් පව්ඩර් එකට හලාගෙන පිටි මිශ්‍රණය සහ චොකලට් චිප්ස් මිල්ක්මේඩ් මිශ්‍රණයට එක් කරගන්න.
  • බටර් ගා තෙල් කඩදාසියක් දාගත් තැටියක මිශ්‍රණයෙන් පොඩි බෝල තැනින් තැන තබා ගෑරප්පුවකින් තලාගෙන කලින් රත් කරගත් උඳුනේ විනාඩි 15ක් බේක් කරගන්න.




2. Thai Iced Tea



Milkmaid-recipes-02.jpg


අවශ්‍ය ද්‍රව්‍ය:

  1. ටී බෑග් 2
  2. උතුරන වතුර කප් 4
  3. මිල්ක්මේඩ් කප් 1
  4. රතු කලරින් බින්දු 10 (අවශ්‍යනම් පමණක්)
  5. අයිස් කැට


  • උතුරන වතුර වලට ටී බෑග් දෙක දමා විනාඩි 5ක් තම්බ ගෙන ටී බෑග් දෙක ඉවත් කර නිවාගන්න.
  • එයට මිල්ක්මේඩ් සහ කලරින් එක් කර ශීතකරගන්න.
  • පිළිගන්වන විට වීදුරුවට අයිස් කැට දමා එයට උඩින් සාදාගත් තේ මිශ්‍රණය දමා පිලිගන්වන්න




3. Mars Bar Mallow Fudge



Milkmaid-recipes-03.jpg

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  2. චොප් කරගත් ඩාක් චොකලට් 270g
  3. චොප් කරගත් 72g Mars චොකලට් Bar 1 1\2
  4. මාශ්මෙලෝ 250g


  • සෙ.මී. 18 x 28 තැටියකට හොඳින් බටර් ආලේප කර තෙල් කඩදාසියක් දමාගන්න.
  • චොකලට් සහ මිල්ක්මේඩ් බාජනයකට දමා මද ගින්නේ ලිප තබා විනාඩි 5ක් පමණ හොඳින් මිශ්‍ර කරගන්න.
  • එයට ඉක්මණින් චොකලට් ටික සහ මාශ්මෙලෝ ටික එක් කර මිශ්‍ර කර කලින් සූදානම් කරගත් තැටියට දමා ලෙවල් කරගන්න.
  • රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.




4. Milkmaid Toast



Milkmaid-recipes-04.jpg


වශ්‍ය ද්‍රව්‍ය:
  1. පාන් පෙති 4ක්
  2. බටර්
  3. මිල්ක්මේඩ්


  • පාන් පෙති වල බටර් තවරා පෙති දෙකක් උඩට මිල්ක්මේඩ් තවරා අනිත් පෙති දෙකින් වසා ටෝස්ටරයක දමා ටෝස්ට් කරගන්න.




5. Spiced Ice Coffee



Milkmaid-recipes-05.jpg

අවශ්‍ය ද්‍රව්‍ය:

  1. නෙස්කැෆේ කෝපි කුඩු කප් 1\4
  2. සෙ.මී.3ක ඉඟුරු කෑල්ලක්
  3. කුරුඳු පොතු කෑල්ලක්
  4. කරාබු නැටි 5ක්
  5. උතුරන වතුර කප් 5
  6. මිල්ක්මේඩ් කප් 1
  7. අයිස් කැට


  • මිල්ක්මේඩ් සහ අයිස් හැර අනෙක් සියල්ල උතුරන වතුරට දමා වතුර නිවෙන තුරු වසා තබන්න.
  • නිවුනු පසු එය වෙනත් බාජනයකට පෙරා මිල්ක්මේඩ් එක් කර හොඳින් හැඳි ගා ශීතකරගන්න.
  • පිළිගන්වන විට වීදුරුවට අයිස් දමා එයට උඩින් කෝපි දමා පිළිගන්වන්න.






6. Passionfruit Slice



Milkmaid-recipes-06.jpg


වශ්‍ය ද්‍රව්‍ය:
  1. බටර් 150
  2. සීනි කප් 1\3
  3. වැනිලා තේ හැන්දක්
  4. බිත්තර 1
  5. පිටි කප් 1 1\4
  6. බේකින් පව්ඩර් තේ හැඳි 1\2
  7. කිරි මේස හැඳි 2
  8. මිල්ක්මේඩ් පොඩි ටින් 1
  9. දෙහි හෝ ලෙමන් යුශ කප් 1\2
  10. පැශන් ෆෘට් පල්ප් කප් 1\4 (වතුර එක් නොකර ස්ටේන්ලස් ස්ටීල් පෙනේරයක දමා පොඩි කරමින් පල්ප් එක ගන්න)


  • අවන් එක සෙල්සියස් 180ට රත් වෙන්න තබන්න. සෙ.මී 16 x 26 තටියකට හොඳින් බටර් තවරා තෙල් කඩදාසි දමා පසෙකින් තබන්න.
  • බටර්, සීනි සහ වැනිලා ක්‍රීම් වනතුරු බීට් කරන්න. එයට බිත්තරයද එකතු කර බීට් කරන්න. කිරි සහ බේකින් පව්ඩර් එක් කරගත් පිටි එකතු කර හැන්දකින් පෙරලමින් මිශ්‍ර කරගන්න.
  • සාදාගත් මිශ්‍රණය සූදානම් කරගත් තැටියට දමා විනාඩි 15ක් බේක් කරගන්න. කූරක් ඇන බැලූ විට මැද තෙත ගතියට නොඑන තෙක් බේක් කරන්න.
  • පැශන්, දෙහි සහ මිල්ක්මේඩ් විස්ක් එකකින් මිශ්‍ර කරගෙන බේක් කරගත් බේස් එක උඩින් දමාගන්න.
  • නැවත විනාඩි 15ක් බේක් කරන්න. හොඳින් නිවුනු පසු කෑලි කපාගන්න.


උපුටාගෑනිමකි.
 
Last edited: