කවුඩුල්ල ජාතික වනෝද්‍යානයක් වු හැටි
වපසරිය හෙක්ටයාර් 6900 කින් සමන්විත කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ පොළොන්නරුව (පුලතිසි) දිස්ත්‍රික්කයේය. එම ජාතික වනෝද්‍යානය පිහිටු වීමේ පුරෝගාමියා හැටියට එය සිදුකළ ආකාරය පවසමින් මගේ කතාව ආරම්භ කරමි.
2001 වසරේ ජනවාරි මස දිනක වනජීවි සංරක්ෂණ...