"මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සාරා ජෙස්මින් සෛයින්දමර්දු පිපිරීමෙන් මියගියේද නැතිනම් ජීවත්ව සිටින්නේද යන්නය.
සාක්ෂිකරු මෙහිදී පැවසුවේ, එම පිපිරීමෙන් ඇය මියගිය බවට රාජ්‍ය බුද්ධි සේවයද සැක පළ කළත් පසුව සිදුකළ DNA පරීක්ෂණවලදී ඇය මියගිය බවක් අනාවරණය නොවු බවය...