බුදුසසුන වසර පන්දහසක් පවතී ද?
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය යැ යි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එ සේ නම් සසුනට ද, එ ම අනිත්‍ය භාවය පොදු වෙයි. සද්ධර්මය ද, යම් කිසි කලක අන්තර්ධාන වීම ධර්මතාවයකි. බුදුන් වහන්සේ ලොව පහළ වූව ත් නො වූව ත් මේ ධර්මය ලොව පවති යි...