ආමිස දාන අභයදාන හා ධර්‍ම දාන වශයෙන් දානයෙහි ප්‍රභේද තිබෙන බව පසුගිය බුදුසරණ කලාපවල සඳහන් කරන ලදී. මෙම ලිපියෙහි ආමිස දානය පිළිබඳ කෙටි විවරණයක් සැපයීමට අපේක්‍ෂිතයි. ආමිස යන පදය දේශනා පාලියේ විවිධ තැන්වල දක්නට ලැබේ. එනම් ආමිසං, ආමිස පූජා, ආමිසං බන්‍ධනඤ්චෙතං, ආමිසං කිඤ්ඤිහෙතු, ආමිසඛාරං, ආමිසං ච...