මුලින්ම පොඩි සිද්දියක් කියන්නම්. මම SLIIT එකට ගිය අලුත අපිට lecture එකකට ආපු lecturer කෙනෙක් එයාගෙ පලවෙනි lecture එකේදි අපිට කිවුව පරිඝණක වෛරස් එකක් හදන්න ආසාවෙන් ඉන්න අය ඉන්නව නම් අත උස්සන්න කියල. ආසාවක් තිබ්බත් හැමෝම හිතුවෙ වෛරස් එකක් හදනව කියන්නෙ නරක දෙයක් නිසා අත උස්සල චාටර් වෙන්න වෙයි කියල...