බොරැල්ලෙ මේ ලේඩි - ජේ සාප්පුව තියෙන බිමේ එදා තිබුණෙ ගරාජ් එකක්. දෙපැත්තෙ මිනී පෙට්ටි සාප්පු දෙකක්. ඒ දවස්වල මේ හරිය මහ මූසල පාටයි. උදේ දවල් රෑ දකින්න තිබුණෙ මිනී පෙට්ටි. මල්වඩම්. වයිෆ් කැමැති වුණේ ම නැහැ. එයා එපා කියද්දි මං ඉඩම ගත්තා. අපිට කිරි ඉතිරුවෙ මේ ඉඩමෙන්. වෙලාවල් බැලුවෙ නැහැ. අසුබ ලකුණු...