1. D

    Suicide Help...!!!!

    මොලේ පන ගැන්වුවාට මිනිහෙක්ට පන ගන්න බෑ. ඒ වෙනකොට ඒ පුද්ගලයා වෙන තැනක ඉපදිලා ඉවරයි. මොලේට පන දුන්නොත් වෙන භූතයෙක් හරි කමක් නෑ අඟට රිංග ගනියි.
  2. D

    Suicide Help...!!!!

    ඔව්. එහෙම වුනොත් දුගතිගාමී නොවෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රායෝගිකද කියලා හිතලා බලන්න. Suisice කරන කෙනෙක් තියා නිකන් මැරෙන කෙනෙක්ටවත් නැවත හොඳ ආත්ම භාවයක් ලැබෙන්න තියෙන්නේ ඉතා අඩු අවස්ථාවක්. ඒ නිසා මේවගේ අවස්ථාවක ඒ පුද්ගලයා තම ජීවිතය ගැන ද්වේශයෙන් මැරෙන නිසා දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව ඉතා...
  3. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    ඔව්. පසේ බුදු කෙනෙක් කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ට වඩා ගොඩක් උසස් කෙනෙක්. නමුත් ශාසනයක් පිහිටවීම සඳහා පාරමී පුරලා නැති නිසා බණ කියන්නේ නෑ. බණ අහන්න ආවොත් සරල මට්ටමේ දහම් කරුනු පමණක් පැහැදිලි කරලා දෙනවා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් බණ කියන්නේ තමාගේම පූර්ණ අවබෝධයකින් නෙවේ. බුදුන් විසින් සොයා දුන්...
  4. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    සාමන්‍යයෙන් එහෙම වෙන්නේ නෑ. මොකද ධර්මය පවතින කාලයක ඒක තනියෙන් හොයන්න අවශ්‍යතාවයක් නෑ.
  5. D

    සකෘදාගාමී වන අකාරය

    හරියටම හරි
  6. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523 බුදු කෙනෙක්ට සර්වඥතා ඥානය තිබෙනවා. ඒත් පසේ බුදු කෙනෙකුට මේ ඥානය නෑ. බුදු කෙනෙක්ට මහා කරුණාව ඇත. ඒ නිසා බුද්ධ ශාසනයක් පිහිටුවලා බොහෝ දෙව් මිනිසුන් සසරින් එතෙර කරනවා. පසේ බුදු කෙනෙක්ට මේ මහා කරුණාව නෑ.
  7. D

    බෞද්ධ සාමාජිකයන්ගෙන් උදව්වක්

    මේ ලෝකය තුල අපි විවිධ ක්‍රියාවන් කරන විට ලෝකයේ යම් යම් දේවල් වෙනස් වීමට ලක් වනවා. උදාහරණයක් ලෙස රාගය, ද්වේශය හා මෝහය සහිතව ක්‍රියා කරන විට පටිච්ච සමුප්පාදානුකූලව නාම රූප නිර්මාණය වනවා. ඒ කියන්නේ පදාර්ථය, ශක්තිය හා නාම. මේවාගෙන් ලෝකයට සිදුවන වෙනස් වීම සුදුසු තත්ව යටතේ නැවත අපට බලපෑමක් වනවා. මෙසේ...
  8. D

    බුදුහාමුදුරුවෝ සෝතාපන්න වුනේ මොන වෙලාවේ&

    බුදුහාමුදුරුවෝ සෝතාපන්න වුනේ මොන වෙලාවේ& බුදුහාමුදුරුවෝ සෝතාපන්න වුනේ මොන වෙලාවේද? බුදු වන කෙනෙක් සෝතාපන්න වනවා කියලා දෙයක් නැත්ද? ඒ කියන්නේ සෝවහන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන සියළු ඥාන එකවිට පහල වනවාද? දන්න කෙනෙක් පිළිතුරු සපයන්න.
  9. D

    සකෘදාගාමී වන අකාරය

    සත් - සාරයි යන්න කාය - පංච උපාදානස්කන්දය (මෙය ලෝකය ලෙස හඳුන්වයි) දිට්ටිය - දෘෂ්ටිය සත්කාය දිට්ටිය - ලෝකය සාරයි කියන දෘෂ්ටිය.
  10. D

    සකෘදාගාමී වන අකාරය

    සියල්ල පිළිබඳ වස්තු කාමය නැත්තං සකෘදාගාමී.
  11. D

    සකෘදාගාමී වන අකාරය

    එහෙමනං හොඳයි. 100% ඒක දුරු කරගත්තොන් සකෘදාගාමී වෙන්න පුලුවන්. හැබයි ඊට කලින් සෝවහන් වෙලා ඉන්න ඔනේ. නැත්තං සත්කාය දිට්ටිය දුරුකරලා නැති නිසා කෙලෙස් සම්පූර්ණයෙන්ම දුරු කරන්න බෑ. ඒ වගේම මතක තියාගන්න රාගය, ද්වේෂය, මෝහය කියන්නේ හැමවිටම පවතින දේවල් නෙවේ. අවස්තාව ආවහම පැනනගින ඒවා. සෝවහන් වෙන්න...
  12. D

    සකෘදාගාමී වන අකාරය

    ආස්වාදය බාහිර රූපයේ නෑ කියලා තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සැප, දුක්, උපේක්ෂා වේදනාවන් නෑ කියන එක නෙවෙයි. බාහිර ලෝකයේ ඇති දේවල් පලමුවෙන් අවිද්‍යාවෙන් තොරව සංස්කාරයක් නිර්මාණය කරලා දෙනවා. මෙන්න මේ කියන සංස්කාරය කියන්නේ බාහිර ලොකයේ ඇති දේවල් හඳුනාගැනීම සඳහා පමණක් අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ...
  13. D

    සකෘදාගාමී වන අකාරය

    ආස්වාදය බාහිර රූපයේ නෑ කියලා තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ සැප, දුක්, උපේක්ෂා වේදනාවන් නෑ කියන එක නෙවෙයි. බාහිර ලෝකයේ ඇති දේවල් පලමුවෙන් අවිද්‍යාවෙන් තොරව සංස්කාරයක් නිර්මාණය කරලා දෙනවා. මෙන්න මේ කියන සංස්කාරය කියන්නේ බාහිර ලොකයේ ඇති දේවල් හඳුනාගැනීම සඳහා පමණක් අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ...
  14. D

    සකෘදාගාමී වන අකාරය

    වස්තු කාමය සම්පූර්ණයෙන්ම නැති කරන්න ඔනේ. වස්තු කාමය කියන්නේ කාම රාගය නෙවෙයි. කාම රාගය කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ වස්තු කාම හා ක්ලේශ කාම ලෙස. මෙහි වස්තු කාම කියන්නේ කාම වස්තූන් දැඩි ලෙස තමන්ගේ කරගැනීම. ක්ලේශ කාම කියන්නේ රස තෘෂ්ණාව වගේ දේවල් (සැප ගෙනදෙන ). සකෘදාගමී වූ විට වස්තු කාමය...
  15. D

    සකෘදාගාමී වන අකාරය

    පළවෙනියට මේ අපි හඹාගෙන යන ආස්වාදය පංච උපාදානස්කන්දන්ද්යේ ඇති දෙයක් බව දැනගත යුතුයි. ඒ කියන්නේ බාහිර ලෝකය තුල ආස්වාද මාත්‍රයක්වත් නැති බව. අස්වාදය ඇති කරගන්නේ බාහිර ලෝකයේ ඇති දේවල් අවිද්‍යාවෙන් උපාදානය කිරීම නිසා බව දැනගත යුතුයි. අවිද්‍යාව කියන්නේ සාරයි, සුඛයි යන දෘෂ්ටිය. සියලු දේවල් උපේක්ෂාවෙන්...
  16. D

    සකෘදාගාමී වන අකාරය

    කාම රාගය සම්පූර්ණයෙන්ම නැති වෙන්නෙ අනාගාමී වුනාම. ඊට පස්සේ තියෙන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්‍යා පමණයි.

    No contents